ඔන්න ඕක තමයි වෙනස


පහල තියෙන ඡායාරූප 12 හොඳට බලන්න.ඇත්තටම පිරිමි , ගැහැනුන්ට වඩා වෙනස් කියල තේරෙයි.මඩගහන්නම ඇඳපු Photo සෙට් එකක් නෙමේ මේ.පොඩි විනෝදෙකටත් එක්ක ඇඳපු Photo සෙට් එකක් තමයි මේ.

1. බැඳපු සෙට් එක දන්නවා මේක ඇත්තද කියලා.බැඳපු නැති අයත් දන්නවා.මොකද ගොඩක් උන්ට අක්කලා,නංගිලා ඉන්නවනේ.අපිට ඉතින් විනාඩි 10යි යන්නේ ඔක්කොම කරගන්න.ඒකට කෙල්ලො.කතා කරලා වැඩක් නෑ

2. මේක දැනගන්න නම් බඳින්නම ඕනෙ.රෑට නිදාගන්නකොට නම් ගානට සෙට් වෙලා නිදාගන්නෙ.උදේ බලනකොට….. වැඩිය ඕනෙ නෑ.පාන්දර 2කට 3ට නැගිටිනකොටත් කොල්ලා බිමට වැටෙන්න ඔන්න මෙන්න.කෙල්ල නිදි මුලු ඇඳම බදු අරන් වගේ.අවුලක් නෑ මෙහෙම මායිම ලකුණු කරලගෙනම තිබ්බම වැඩේ ලේසියි.අපේ මායිම පහු උනොත් ඉතින් යුධ ප්‍රකාශ කරනවා එකෙන්ම.

3. මේක ඉතින් දන්නෝ දනිති. සතියකින් කොල්ලෙක් එනකොට Facebook එක පැත්තෙ ඔන්න ඔහොම තමයි ඉතින් Notification ටික තියෙන්නෙ.කෙල්ලෙක් නම් සතියක් ඉන්න ඕනෙ නෑ.දවස් දෙකක් ඇති.සමහර අයට නම් පැය දෙකක් ඇති.

4. මේක නම් සහසුද්දෙන්ම ඇත්ත .කෙල්ලෙක් ගියොත් සුපර් මාර්කට් එකට ගියොත් පැය ගානක් තෝරලා තමයි ඉතින් මේවා හොයාගන්නෙ.ඒකට කොල්ලො.ෂැම්පො එක දැක්කම විතරක් ඇති.සමහර වෙලාවට ගාන අඩුම එක තමයි ගන්නෙ.වැඩිය ඕනෙ නෑ මම නම් ෂැම්පො ගාන්නෙත් නෑ.සබන් කෑල්ල තමයි ඉතින් හැමදේටම .එහෙම නේද කොල්ලනේ ?

5. බොරු මොකටද මගේ මේසය හරියටම මේ වගේ. කාපු කෑම ටිකත් එහෙම්මම තියෙනවා.දැන් කෙල්ලො හිතන්නෙපා අපි හරි අපිලිවෙල ජාතියක් කියලා.අපේ මේස මෙහෙම තිබ්බට අපේ වැඩ හරිම පිලිවෙලයි

6. හැම කෙල්ලෙක්ම දකින්නෙ මෙහෙම තමයි ඉතින්.ඉස්සරහා එන කෙල්ලගේ ඇඳුම, ලිප්ස්ටික්,ගාපු මේකප්,සෙරෙප්පු දෙකේ හැඩය ඔන්න ඕවා තමා.සමහර කෙල්ලො ඉන්නව මේ දේවල් ගත්තු කඩේත් කියන්න පුලුවන්.
ඔන්න කොල්ලෙක් දකින විදිහ. 90%ක් පිරිමි ඉස්සරහින් එන කෙල්ලව දකින්නෙ මෙහෙම.ඒ අපේ කැත හිත කියලා අපිත් එක්ක රණ්ඩු වෙන්න එපා.දෙවියො අපේ ඇස් හදල තියෙන්නෙ එහෙම.හැම දෙයක්ම විනිවිද දකින්න බැරි උනත් ඉස්සරහ ඉඳලා තමන්ගේ ප්‍රදේශයට හෝ තමන්ගේ ප්‍රදේශයේ ඉඳන් ඉස්සරහට චලනය වන විරුද්ධ ලිංගික වස්තු අපේ ඇසට ගැටෙන්නෙ එහෙමයි. 10%ක් වගේ පිරිමින් නිරොගි නෑ.ඒ අයට මේ වගේ වස්තූන් විනිවිද දැකීමේ හැකියාවක් නෑ.

7. ඇත්තටම කොල්ලෙක්ගෙ Desktop එක මේ වගේ.මොන වැඩේ අපිලිවෙල උනත් Desktop එකයි අපේ Car එකයි ඉතින් පිලිවෙලයි නිකන් වෙඩි වගේ.ඒකට කෙල්ලන්ගෙ Desktop එක ඔය තියෙන්නෙ නිකන් පිස්සිගෙ පලාමල්ල වගේ.

8. පින්තූරේ දැක්ක ගමන් ඉතින් මොකක්ද මේ කියලා තේරෙනවනෙ.අපිට ඉතින් කොහෙත් එකයි.සෙට් උනේ කොහෙද ගේම ගැහුවා එතන.ඒකට ඉතින් කෙල්ලන්ට.පෝලිමෙ ඉන්න ඕනෙ හැට පැයක් විතර.

9. ලිප්ස්ටික් ගාන ගැහැණු ලමයි නම් මේ ගැන හොඳටම දන්නවා.පාටක් කිව්වොත් ඉතින් මෙන්න මේකෙ මේ පාටම හොයාගන්න ඕනෙ.කොල්ලොන්ට නම් ඉතින් එච්චර ඔය හැටි ගානක් නෑ.රතු කිව්වොත් රතු තමයි.කොල කිව්වොත් කොල තමයි.

10. කොච්චර හොඳට ඇඟ හදාගෙන හිටියත් ඉතින් කෙල්ලෙක්ට පේන්නෙම මෙහෙම තමයි.”අනේ මම මේ දවස් වල ටිකක් Fat වෙලා අනේ” “ඔව් අනේ මම කෑම කනවා වැඩියි” “අනේ චොකලට් නම් වැඩිය කන්න බෑ අනේ” ඔන්න ඕවා තමයි ඉතින් කෙල්ලන්ගේ සිතුවිලි. ඒකට කොල්ලො. කණ්නාඩිය ඉස්සරහට ගිහාම අපිට,අපිව පේන්නෙ නිකන් හල්ක් වගේ.හා නැද්ද මම අහන්නේ ?

11. අල්මාරියේ කොච්චර ඇඳුම් තිබ්බත් කෙල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මේක තමයි.අඳින්න ඇඳුමක් නෑ.කොල්ලන්ට නම් හරිම සරලයි.මොකක්ද හම්බුනේ ගත්ත ඇන්දා.සමහර වෙලාවට ඇඳුම් ගන්න ගිහාමත් ඔය ලෙඩේ හොඳටම බලාගන්න පුලුවන්.අවුරුදු කාලෙට තමයි ඉතින් පිස්සු හැදෙන්නෙ.අන්න ඒ කාලෙට තනිකම හොඳයි කියලා හිතෙනවා.මොකද Handbag එකත් උස්සන් ලඟට වෙලා ඉන්න එපැයි හාමිනේ ඇඳුම් තෝරනකන්.අඳුරන කවුරුහරි ලඟින් ගිහාම තමයි තේරෙන්නෙ නෝන්ඩිය.

12. මෙන්න මේක නම් ඉතින් කටුක උනත් ඇත්ත.අපි කොච්චර ආදරේ කලත් ගොඩක් වෙලාවට අපේ ආදර සම්බන්දය බිඳෙන්න පුලුවන්.ඒක ඉතින් අපි කාටත් පොදුයි.අන්න ඒ වෙලාවට තමයි මේ Photo එක ගැලපෙන්නෙ.කොල්ලෙක් ඉතින් අවුල් ගහන්නෙ කාලය ගත වෙන්න , ගත වෙන්න. මාසයක් වගේ යනකොට කොල්ලෙක් ඉතින් වැටෙන්න ඕනෙ පහලම තැනට වැටිලා ඉවරයි.සාපේක්ෂව ගැහැණු ලමයෙක්ට කාලයත් එක්ක ඉක්මනින් යථා තත්වයට පත් වෙන්න පුලුවන්.දෙගොල්ලන්ටම දුක දැනුනත් ගොඩක් පිරිමින්ට කාලය ඕනෙ.හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ගැහැනු ලමයින් ආදරේ කරන්න දන්නෙ නෑ කියලා.සමහර කෙල්ලන් ඉන්නවා හිතා ගන්න බැරි තරම් කඩා වැටෙන,කවදාවකවත් හිත හදා ගන්න බැරි.එයාලා මේ Photo එක serious ගන්න එපා.

13.  ඔන්න ඉතින් මේ ගැන නම් කියන්න ඕනෙ නෑ.හොඳට Photo එක බලලම තේරුම් ගන්න මම කියන්නෙ ඇත්තද බොරුද කියලා.

එච්චරයි එහෙනම්.ඇත්තටම දැනගන්න ආසයි මේ ලිපිය ගැන ඔයාලගෙ අදහස.පුන්චි විනාඩියක් වැය කරලා ඔයාලගේ අදහසක් දැනගන්න කැමතියි.බනින්න හිතුනොත් කමක් නෑ බනින්න.ඒකත් එක්තරා ආකාරයක Motivation එකක්.

මේ ලිපියට ඔයාලා කැමති නම් Share කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.ඔයාලා මේ දේවල් බලන්න බලන්න තමයි අපිට මේ වගේ ලස්සන දේවල් කරන්න හැකියාව ලැබෙන්නෙ.එහෙනම් සුභ දවසක්.

මේ ලිපියත් “පැන්සල” කණ්ඩායමේ නිර්මාණයකි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
95
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
108
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
457
ලස්සනයි
විකාරයි විකාරයි
257
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
339
ඇඩෙනවා
වටිනවා වටිනවා
1506
වටිනවා

ඔන්න ඕක තමයි වෙනස

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!