මොහොමඩ් අලී ගේ දිවි මගේ මතක සටහන් කිහිපයක්


ඒ ආදරණීය ක්‍රිඩකයාගේ මතක සටහන් ටිකක් තමයි මේ. පහත ඡායාරූප බලන්න.

තරගය ආරම්භ වී විනාඩියකට පසු තම ප්‍රතිවාදියා වන සෝනි ලිස්ටන් බිම ඇදවැටෙන්න පහර දෙන අලි. (-1964 ලෝක බොක්සිං ශුරතාව)

මොහමඩ් අලී ලෙස නම වෙනස් කිරීමට කලින්

එවකට බොක්සිං ලෝකයේ තරුව  වු  සෝනි ලිස්ටන් පරදවා ලෝක බොක්සිං ශුරයා බවට පත් වූ අවස්ථාව (1964 දී )

මයිකල් ජැක්සන් මුණ ගැහුණු අවස්ථාවක්

අලී බීටිල්ස් සංගීත කණ්ඩායම මුණ ගැසුනු අවස්ථාවක්

මේ අලීගේ දියණිය මාරියම්

දෙවන ජුවාම් පාවුලු පාප්තුමා සමග වතිකානුවේදී  (1982 දී)

rchie Moore සමග තරගයට පෙර ඔහුට අභියෝග කරන අලී

මොහොමඩ් අලි (1963 )

අලී සිල්වෙස්ටර් ස්ටලෝන් සමග (1975 දී)

එල්විස් ප්‍රෙස්ලි සමග ( 1973 දී)

මොහොමඩ් අලි සිය පවුල සමග ඇමරිකානු ජනාධිපති ජිමි කාටර් මුණගැසීමට යන අතරතුර (1977 දී)

බොක්සිං ශුර සෝනි ලිස්ටන් පැරදවීමෙන් අනතුරුව සිය ප්‍රියතම වැකිය වන ” මම තමයි ශ්‍රේෂ්ඨයා ” යන්න පවසන අවස්ථාවක්

පිලිපීනයේ මැනිලා නුවර ජෝ ෆ්රෙසියර් සමග තරග කරමින්

1960 ඔලිම්පික් තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින්

1967 දී ඇමරිකාව විසින් ආරම්භ කළ වියට්නාම් යුද්ධයට විරෝධය පළ කරමින් ඇමරිකානු හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කල අලි ගේ බොක්සිං බලපත්‍රය අවලංගු කර ලෝක ශුරතා නාමය ඉවත්කළ අවස්ථාව

Leon Spinks පරාද කරමින් තෙවන වරටත් ලෝකශුරතාවය දිනාගනිමින්. (1978)

තම මව Odessa Grady Clay සමග

ප්‍රතිවාදී Zora Folley ට නොකවුට් ප්‍රහාරයක් එල්ල කරු, අලී

අලි ,පේලේ සමග

ලෝක ශුර George Foreman ට ” I Will Kill Him ‘ යනුවෙන් කෑ ගසමින් අභියෝග කරන අලී

පළමු බිරිද Sonji Roi

මොහොමඩ් අලි ගේ පළමු පරාජය සිදු වූ  තරගය (1971)

නවක ක්‍රීඩා තරග පුහුණු වීමකට සහභාගී වෙමින් (1974)

සෝනි ලිසටන් සමග තරගයට ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු

අලි සහ Earnie Shavers (1977 දී)

තවත් ඡායාරූප කීපයක්

ඔහුගේ ජීවිතයේ හොඳම Knockouts 10ය

එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන්නේ මොහමඩ් අලී බවට අපි හැමෝම අවිවාදයෙන්ම පිළි ගන්නවා. මොහොමඩ් අලි පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ ‘මොහොමඩ් අලි ලෝක පූජිත වීමට බොක්සිං ක්‍රීඩාව ඉවහල් වූවා සේම බොක්සිං ක්‍රීඩාව ලොවට ගෙන යෑමට මොහොමඩ් අලි ඉවහල් වූවා’ කියලා.

1942 ජනවාරි දාහත් වෙනිදා කැෂියස් මාසලස් ක්ලේ නමින් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් හි තමයි මොහු උපත ලබන්නේ. ඔහුට වයස දොළහක් සපිරෙද්දී අලී බොක්සිං  ක්‍රීඩාවට පිවිසෙනවා. 1960 රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වන මොහොමඩ් අලි සැහැල්ලු බර ශ්‍රේණිය යටතේ පැවති බොක්සින් ශූරතාවේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ අලී ජනතාවගේ හිතේ ලැගුම් ගන්නවා.

එතැන් සිට වසර ගණනාවක් මොහු ජයග්‍රහණය රාශියක් අත් කර ගත්තා. තම ක්‍රීඩා දිවිය  තුළදී සෑම විටෙකම ජයග්‍රහණම අත් කර ගැනීමට සමත් වූ මේ අසහාය ක්‍රීඩකයා සිය පෞද්ගලික ජීවිතය තුළදී කුරිරු  ඉරණමකට මුහුණ දුන්නා. ඒ ,පාකින්සන් රෝගයට ගොදුරු වීමයි. හැබැයි, අලි බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත්තේ පාකින්සන් රෝගය නිසා නම්  නෙවෙයි.

බොක්සිං ශූරයෙකු ලෙස ලෝකය පුරා අපරිමිත සම්මානයට , ආදරයට ලක්වුණු මොහොමඩ් අලි තම ජීවිත ගමන නිමා කරන විට 74 හැවිරිදි වියේ පසුවුණා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
18
වටිනවා

මොහොමඩ් අලී ගේ දිවි මගේ මතක සටහන් කිහිපයක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!