ත්‍රාසජනක තැන් වලට කැමති අයට වටින ලිපියක්


අපි සංචාරකයින්ව කොටස් දෙකකට කඩමු.එක කට්ටියක් ආසයි නිදහසේ ගමනක් ගිහින් එන්න ,සිංදුවක් කියන්න ,නැති නම් මුහුදක් ලඟ ඈත බලන් ඉන්න.
තව කට්ටියක් ඉන්නවා ආසයි ත්‍රාසජනක දේවල් කරන්න.ඇඟ කිලිපොලා යන දේවල් කරන්න.අන්න ඒ කට්ටියට තමයි මේ තැන් 16 වැදගත්.කියවලම බලන්න

1 චීනයේ Hiking trail එක

මෙතනින් යන්න නම් ඇත්තටම බය නැති කෙනෙක් වෙන්නම ඕනෙ.ලෝකෙන්ම Hiking කරන්න හුඟාක්ම භයානක තැනක්.මේක තියෙන්නේ චීනයේ Mount Hua වල. Shaanxi පළාතේ Xi’an නගරයට නුදුරින්.මෙතන තියෙනවා හුඟාක් පටු ලෑලි.අන්න ඒවා උඩින් යන්න තියෙන්නේ.යට තියෙනවා ගැඹුරු අගාධයක් විශේෂත්වය තමයි යන්න ඕනෙ කිසිම ආධාරකයක් නැතුව.පුලුවන් වෙයිද ?

2 නොර්වේ වල Troll Wall

උස ස්ථාන වලින් පනින්න ආස අයට හුඟාක් වටිනා ලස්සන තැනක් . මීටර් 50 ක් උසයි.උඩක ඉඳන් පනින්න ආස අයට මේක ලස්සන දෙයක් වෙයි.හැබැයි හිතන තරම් ලේසි නෑ බය තියෙනකන්

3 චීනයේ වීදුරු පාලම

උස් ස්ථාන වලට බය නැත්තම් මේක ඔයාට කියාපු තැන. මේක චීනයේ Hunan වල තියෙන 3 වෙනි පාලමයි. අගාධයක් මත විනිවිද පෙනෙන වීදුරු පාලමක් උඩින් යන්න තියෙන්නේ. කන්දේ ඉඳන් කිලෝමීටර් 1.4 ක උසක පිහිටලා තියෙන්නේ. වංගු 99 ක් තියෙනවා.

4 නොර්වේ වල Trolltunga 

ලස්සන පින්තූර ගන්න ආස අයට, උස් තැන් වලට බය නැති අයට මේක හොඳ තැනක්. සාගර මට්ටමේ මීටර් 604 ක උසක තියෙන්නේ. මේක ටිකක් වෙනස් කඳුකරයක්. දිවක හැඩයක් ගන්නවා.

5 නොර්වේ වල Kjerag Plateau

හුඟක්ම මේ තැන හොඳයි තමන්ගේ ඇඟේ සමබර තාවය පවත්වාගෙන යන්න කැමති අයට. ගල් කඳු දෙකක් අතර සිරවෙලා තියෙන පොඩි ගල් කැබැල්ල නිසා මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි.මෙතන මීටර් 1,110 ක් ගැඹුරුයි.

6 මෝරු සමඟ පිහිනන්න (කැලිෆෝර්නියා, බහාමාස්, කියුබා, ඔස්ට්‍රේලියාව) 

උල් දත් සහිත මෝරුන් සමඟ පිහිනන්න ආසයිනම් මේක තමයි කියාපු තැන.

7 දිය යට කිමිදෙන්න Bali එන්න 

මෝරුන් එක්ක පිහිනන්න බය අයටයි මේ තැන. කෙනෙකුට මෙහි කිමිදෙන්න පුළුවන්. පුරුදු වෙන්න ඕනෙම නැහැ. Giant sea devils නමින් හඳුන්වන මුහුදු මත්සයින් එක්ක පිහිනන්න පුළුවන්. එයාල එක්ක පිහිනන්න බය වෙන්න ඕනේ නැ. ලොකුම Giant sea devil ගේ ප්‍රමාණය මීටර 4-4.5 වෙනවා.

8 ස්පාඤ්ඤයේ Encierro

මම හිතන්නෙ මේක නම් ගොඩක් අය දන්නවා දැකලා තියෙනවා.ස්පාඤ්ඤයේ ගොඩක්ම මේ ක්‍රීඩාව තියෙනව.වේගයෙන් දුවන්න පුලුවන් අයටයි මේ හැබයි මේ සෙල්ලම.කරන්න තියෙන්නේ ඔයාල පසුපස එන එන කුළුහරකුන්ට අහු නොවී දුවන්නයි.මේ කුලු හරක් ඉතා ආවේගශීලී. මේ මාර්ගය වටේට තියෙනවා ලීයෙන් හැදුනු වැටවල්. ඔයාලට එකේ එල්ලෙන්න වෙනවා බේරෙන්නනම්.

9 ඩුබායි වල Wonder Land Amusement Park

පුදුම වෙන්න ආස අයටයි මේ සෙල්ලම. අඩි 3 ක් උස රල පහර සමඟ විනෝද වෙන්න පුළුවන්. ඒවගේම ත්‍රාසජනකයි.

10 ගිනිකඳු මත surfing-Nicaragua

සාමාන්යෙන් කරන surfing එකට වඩා වෙනස්. ගිනිකඳු අළු මත මේක  කරන්නේ.මේකත් හිතන තරම් ලේසි නෑ.පොඩ්ඩක් හරි අවුලක් උනොත් කෙනෙක්ට වෙන්න තියෙන අනතුර වැඩියි.

11 ඇල්ප්ස් වල අහසේ වාඩි වෙන්න

මේ තැන තියෙන්නෙ ඉතාලියේ.මීටර් 100ක් උඩක. හරියට අහසේ තියෙන ඔංචිල්ලාවක ඉන්නවා වගේ දැනෙන්නෙ.ඡායාරූපයේ නම් ලස්සනයි වගේ පෙනුනට හිතන තරම් ලේසි නෑ

12 උසම තැනක ගමනක් -Toronto

මීටර් 356ක් උසින් තියෙන ගොඩනැගිල්ලේ ඇවිදින්න ආස නම් මෙතන තමයි තැන.

13 Texas- Jacob ලිඳ

මේ තැන පිහිටලා තියෙන්නෙ ටෙක්සාස් වල.ජලය යට මීටර් 4 ක වගේ විශ්කම්භයක් තියෙන ආගාධයක්.පොඩියි වගේ පෙනුනට යටට යන්න යන්න නිමක් නෑ.ට්ක දුරක් යනකොට එක එක පැති වලට බෙදුණු ගුහාවල් ගොඩකට යන්න පුලුවන්.ඉවර වෙන තැනක් කවුරුත් දන්නෙ නෑ තාමත්

14 බෝලිවියා- Madidi ජාතික උද්‍යානය

මෙතන ටිකක් අමුතු වන උද්‍යානයක්.මෙතන තියෙන්නෙ ඔක්කොම විෂ සහිත දේවල්.මෙහෙ ඉන්න කූඹියගේ ඉඳලා වලහා වෙනකන්ම විශ සත්තු.ඒ වගේම විෂ පැලෑටි වර්ග ගොඩක් තියෙනවා.මෙහෙ යන සංචාරකයින්ට පවා සමහර සත්තු පහර දෙන්න යන අවස්ථාත් තියෙනවා.

15 Devil’s Pool -South Africa

දැක්ක ගමන් ඔයාලට මෙතන මොකක්ද කියලා පේනවා.මේක ස්වභාවික පිහිනුම් තටාකයක්. පළල මීටර 1800 ක්. උස මීටර් 108 ක්. පහලින් ලොකු අගාධයක් තියෙනවා පේනවා ඇති.ඔන්න ඔතන ඉඳලා නාන්න තමා තියෙන්නෙ.

 

16 නිදාගන්න තැනක්

අඩි 40 ක් පමණ උසක ඉඳන් කූඩාරමක් වගේ තැනක නිදා ගන්න ආසනම් මෙතන කියාපු තැන.ලස්සන දර්ශනයක් මෙතනට පේනවා.ඒත් ඡායාරූපය දැක්කම පේනව තියෙන අවදානම.මේ තැන තියෙන්නෙ ඇල්ප්ස් නමින් යුරෝපයේ තියෙන කඳුවැටියක

ඔයාලා හැමෝටම සුභ දවසක්.පුලුවන්නම් මේ Post එක යාලුවන් අතරද Share කරන්න

 

 

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
6
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
8
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
42
ලස්සනයි
විකාරයි විකාරයි
13
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
32
ඇඩෙනවා
වටිනවා වටිනවා
120
වටිනවා

ත්‍රාසජනක තැන් වලට කැමති අයට වටින ලිපියක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!