ඔවුනටද අපට මෙන් ජීවිතයක් ඇත


සුරතල්  සතුන් ඇති කිරීම  බොහෝ දෙනෙකුගේම ජිවිතේ  ප්‍රියතම කාර්යයක්. ඒ අතරෙනුත් සුනඛ සුරතලුන්ට හිමි වෙන්නෙ විශේෂ ස්ථානයක්. සත්ව ක්‍රියාකාරින් , ඒ වගේම බල්ලන්ට ආදරය කරන මිනිසුන් අතිශය කම්පාවට පත් වෙන පුවතක් මෑතකදී චීනයෙන් වාර්තා උනා.

එම සිද්ධිය මෙසේය.චීනයේ Ghizhou ප්‍රාන්තයේදි , තම මෝටර් රථය පදවා ගෙන යන පුද්ගලයකු පාරේ වේගයෙන් ගමන් කරන  ට්‍රක් රථයක් හදිසියේ දැක ඇත. මදක් විමසිලිමත් වු ඔහුට දක්නට ලැබුණේ දැඩි වදහිංසාකාරි ලෙස සුනඛයන් 500 ක් පමණ  එම ට්‍රක් රථයේ පටවා ඇති ආකාරයයි.

   

මෙම සුනඛයන් චීනයේ ඉතා මතභේදාත්මක සුනඛ මාංශ සපයන අවන්හලක මාංශ ලෙස සකස් කිරීම වෙනුවෙන් මරා දැමීමට ගෙන යමින් සිටි අතර පුදුමයට පත් වූ මොහු විසින්, වහාම පින්තූර ලබා ගෙන ඇත.චීන සමාජ ජාලා වල කඩිනමින් පලකෙරුනු එම පින්තුර සත්ව ක්‍රියාකාරීන්ගේ හා බල්ලන්ට ආදරය කරන මිනිසුන්ගේ  ක්ෂණික ප්‍රතිචාරයට ලක්විය. ඔවුන්ගේ ක්ෂණික දැනුම් දීමෙන් ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින්ගේ මැදිහත්විමෙන් මෙම අසරණ සත්වයින් වහාම මුදවා ගත්තා.

හුස්ම ගැනීමේ අපහසුතා වලින් සිටි එම සුනඛයන් පොලීසිය හා සත්ව ක්‍රියාකාරින්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් මුදා ගැණුනා

ඉතා කෘර ලෙස එක මත එක පැටවු කූඩු රාශියක මේ අසරණ සතුන්ව සිරකර තිබුණා

ඒ වනවිටත් අසරණ සත්වයින් කිහිප දෙනෙක්ම මිය ගොස් සිටියා.

මේ වනවිට සත්ව ක්‍රියාකාරින්ගේ මුලිකත්වයින්ගේ  මෙම අසරණයන්ට ජිවිතාධාර සැපයීමේ සහ කරුණාවන්ත හිමිකරුවන් සොයා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.

වර්තමාණය වන විට සුනඛ මාංශ අවන්හල් කර්මාන්තය දක්වා මෙම තත්වය ව්‍යාප්තව වී ඇති මෙම කෘර,  වදහිංසාකාරී ක්‍රියාව නැවැත්වීමට  සත්ව ක්‍රියාකාරින් හා පාලකයන් මුලිකත්වය ගත යුතු කාලය එළබ ඇත.අප සැමගේ බලාපොරොත්තුව විය යුත්තේ මෙවැනි දේවල් කිසිම දිනකවත් ලංකාවේ සිදු නොවීමට වග බලා ගැනීමයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
22
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

ඔවුනටද අපට මෙන් ජීවිතයක් ඇත

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!