ඇහෙනකොටත් බය හිතෙන ලෝකෙ තියෙන අමුතුම සම්ප්‍රදායන් 7ක්


අපේ මුතුන් මිත්තන් කලකී දේවල් පිලිඹිබු කරමින්, ඔවුන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් ඒ සම්ප්‍රදායන් වර්තමානලෝකයට ගැලපෙනවද නැද්ද කියන එකනන් ගැටලුවක්. ලොව පුරා සෑම සංස්කෘතියකටම හා ආගමකටම අයත් වෙන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයයි. මෙම සම්ප්‍රදායන්ගෙන් බොහෝමයක් හරිම අමුතුයි මෙන්ම අතිශය භයංකාරයි.

  1. වෙඩි උණ්ඩ කුහුඹුවන් අත්වැස්ම

Creepiest Traditions In The World

ඇමේසන් ගෝත්‍රයේ පිරිමි ළමයින් තමන්ගේ වයස්ගත බාවය ඔප්පුකිරීමට වෙඩි උණ්ඩ ලෙස හැදින්වෙන මාරාන්තික කුහුඹු විශේෂයක් සහිත, අත් වැසුමක් දාගෙන විනාඩි 10ක් පමණ නර්තනයේ යෙදෙනවා. ඔවුන් මෙම නර්තනය ජීවිතයේ අවම 20 වතාවක්වත් කරන්න ඕනේ.

සැට්‍රේ-මාවෙ මිනිසුන්

Sateré-Mawé people

සැට්‍රේ-මාවෙ නම් සම්ප්‍රදායේ පිරිමි ළමයින්ගේ පෞර්ෂත්වය සනාථ කිරීමට, ඇමසන් වනාන්තරයෙන් එකතු කරගත් මේ කුහුඹුවන් සහිත අත්වැස්ම බාවිතා කරනවා. එම අත් වැසුම තුල කුහුඹුවන් විශාල ප්‍රමානයක් ඉන්න අතර එක් කුහුඹුවකුගේ මී මැස්සකුගේ මෙන් 30 ගුණයක විෂක් අඩංගු වෙනවා.

  1. හින්දුතායිපූසම් විදුම් උත්සවය

Creepiest Traditions In The World

තායිපූසම් කියන්නේ හින්දු බැතිමතුන්ට සිංගප්පූරුවේ පවත්වන උත්සවයක්. මේ කාලයේදී ශරීරය අපවිත්‍ර වේ යැයි විශ්වාසයෙන් බැතිමතුන් ආහාර ගැනිමෙන් වලකිනවා. ඒක අසාමන්‍යයි නේද? එහෙත් මිනිසුන් තම ශරීරයේ එක් අංගයක විදුමක් කරන අතර සමහරුන් එහි කිරිබදුනක්ද තියාගෙන යනවා. මෙය කොතරම් වේදනාකාරීද කියලා හිතා ගන්න පුලුවන්නෙ.

මුළු ශරීරයම විදිනවා

Entire body pierced

තායිපූසම් උත්සවය දෙමල තායි මාසයේ පුන්සද තියෙන රාත්‍රියක පවත්වනවා. ඡායාරූපයේ දැක්වෙන විදියට ඔවුන් තම ශරීරය පුරාම විදගෙන සිංගප්පුරුවෙ ශ්‍රි සිරිනිවාසහි පැවැත්වෙන තායිපූසම් උත්සවයට සහබාගි වෙනවා.

  1. භූතානයේ රාත්‍රීන් දඩයම් කිරීම

Creepiest Traditions In The World

මෙම සම්ප්‍රදාය බෝමින් නමින් හැදින්වෙන හිමාල රාජධානියේ නැගෙනහිර පලාත්වල දක්නට ලැබෙනවා. මෙහිදී තරුණයින් රෑට තම ආදරය සොයා යන අතර එහිදී ඔවුන් තනිකඩ ගැහැණු ළමයින් සිටින කාමරවලට කඩාගෙන පනිනවා. එහිදි එම කාමරේ සිටින ගැහැණු ළමයාව ඔහු විවාහ කරගන්න ඕනෙ. නමුත් මෙහිදී පිරිමි ළමයින්ට තියෙන අවදානම වන්නේ සමහර කාමරවල වැඩිහිටියනුත් සමග මුලු පවුලම නිදාගෙන සිටිමයි.

ගැහැණු ළමයින් සොයා ඇවිදීම

Prowling for girls

රාත්‍රී දඩයම් කිරීම පටන් ගන්නට කලින් මේ සම්ප්‍රදාය ගැන දැනගෙන ඉදලා නෑ. මෙම සම්ප්‍රදායේදී වෙන්නේ කලින්ම හොදින් දැනගැනීමට, ගැහැනු ළමයින්ව සොයා ගැනිමයි. මේ සදහා මිනිසුන්ට නියමිත දිනයක් නොමැති අතර, එක් අයෙක් හෝ කණ්ඩායමක් පැමින ගැහැණු ළමයා සමග සංසර්ගයේ යෙදෙනවා. නමුත් මෙය අනාරක්ශිත වනවා මෙන්ම ගොඩක් වෙලාවට වෙන්නේ ගැහැණු ළමයින් දූෂනයට ලක් වීමයි.

  1. යොනොමාමි අවමංගල උත්සවය

Creepiest Traditions In The World

යොනොමාමි ජනතාව ජීවත් වෙන්නේ ඇමසන් වැසිවනාන්තර වලයි. ඔවුන්ගේ ගම් 200-250 ක් පමණ තිබෙන අතර 35000 ක පමන ජන සංඛ්‍යාවකුත් එහි ජීවත් වෙනවා. මෙහිදී ඔවුන්ගේ මිත්‍යාදෘෂ්ඨික චාරිත්‍රයක් වන මියගිය අයගේ අළු ආහාරයට ගැනීම සිදුකරනු ලබනවා. එමෙන්ම එම අළු සංරක්ෂණය කර තබා ගැනීමටත් ඔවුන් කටයුතු කරනවා. ඒක කරන්නෙ මෙහෙමයි,

දවස් 30-45

30-45 days

මියගිය අයගේ මලසිරුරු ඇමේසන් වැසිවනාන්තර වල තබා, කෘමීන් එම මලසිරුරු වල මෘදු පටක පරිබෝජනය කලායින් පසු, ඉතුරුවන ඇටකටු එකතු කර ඒවා පුළුස්සා අළු බවට පත් කරනවා. පසුව ඔවුන් කෙසෙල් වලින් සාදන ලද සුප් එකකට එම අළු මිශ්‍ර කර ආහාරයට ගන්නවා.

සිහිකිරිමේ දිනය

'Day of Remembrance'

මියගිය පුද්ගලයාගේ “සිහිකිරීමේ දිනයෙදි” හැර වෙනත් කිසිම දිනකදී ඔහු ගැන කතා කරන්නෙ නෑ. ඒ දවසේදී කලින් සුරක්ෂිත කල අළු නැවත ආහාරයට ගන්නවා. මෙම සම්ප්‍රදායට අනුව යොනොමාමි ජනතාව විශ්වාස කරන්නේ එම අළු ආහාරයට ගැනිම මගින් මියගිය පුද්ගලයාගේ ආතමය ඔවුන් තුල ජීවත් වෙමින් ඔවුන්ට ශක්තිය ලබා දෙනවා කියලයි.

  1. දත් පීරිගෑම, බාලි

Creepiest Traditions In The World

ඔබේ කෑදරකම, රාගය, කෝපය, මෝඩකම, ඊර්ශ්‍යාව, මත්ද්‍රව්‍ය (උදාසීනත්වය හෝ බිමත්කම) ඉවත්කර ගැනීමට කැමතිද? එහෙනන් ඔබ මනුස යාද්න්‍යා (මිනිසුන් සදහා උත්සවයක්) ස්ම්ප්‍රදාය අනුගමනය කරන්න වෙනවා. දත් පිරිගෑමෙන් පසු ඔවුන්ගෙන් මිනිසුන්ට කිසිම බලපෑමක් සිදු නොවන බවයි ඔවුන්ගේ විශ්වාසය.

පළමු ඔසප්විම

Even first menstruation

මෙම සම්ප්‍රදායට අනුව බාලි ජනයා වැඩිවියට පත්වීම ජීවන චක්‍රයේ වැදගත් අංගයක් බව විශ්වාස කරනවා. පිරිමි ළමයකු වැඩි වියට පත් වීමෙන් පසු හා ගැහැනු ළමයකුගේ පලමු ඔසප් වීමේදී ඔවුන් මෙම දත් පිරි ගෑමේ චාරිත්‍රය කරනු ලබනවා.

විවාහ උත්සවය

Marriage ceremony

විවාහයට පෙර මෙම දත් පීරිගෑමේ චාරිත්‍රය කිරීම වඩාත් ඵලදායි වන අතර විවාහ උත්සවයටත් මෙම චාරිත්‍රය ඇතුලත් කරන්න පුලුවන්. දියණියකගේ දතක් පීරිගෑම පියාගේ වගකීමක් ලෙස ඔවුන් සලකනවා. එමෙන්ම එම සම්ප්‍රදායෙ කොටසක් ලෙස අවශ්‍යනම් ආදාහනය සිදු කිරීමට පෙරද මළ සිරුරක දත් පීරිගෑම කරන්නට පුලුවන්.

  1. දරුවන් විසිකිරීම, ඉන්දියාව

Creepiest Traditions In The World

මෙම සම්ප්‍රදාය කර්නාටක ප්‍රාන්තයෙ දක්නට ලැබෙන අතර වාසනාව, සෞඛය හා සෞභාග්‍ය අපේක්ශාවෙන් ළදරුවන් උඩක සිට බිමකට විසිකරනු ලබනවා. මෙය චිත්‍රපට දර්ශනයක වෙඩි වැදුනු කොටසක් ලෙස පෙනෙන අතර එකම වෙනස වන්නේ ළදරුවන්ගේ කෑගැසීමයි.

රෙදි කෑල්ලක් මත

On a piece of cloth

බැල්කනියක සිට අඩි 30ක් පමන පහලට දරුවා විසිකරන අතර ආරක්ෂිත පතිතවිමක් සදහා බිම සිටින පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අල්ලාගෙන සිටින රෙදි කැබැල්ලක් පමනයි තිබෙන්නේ. සෑම වසරකම පවත්වන මෙම උත්සවයේ, දුෂ්කර දර්ශන දැක ළමා අයිතිවාසිකම් කණ්ඩායම් මෙය “මිලේඡ්ච” යැයි නම් කර තිබෙන නිසා ඉන්දීය රජය විසින් මෙය තහනම් කර තිබෙනවා. කෙසේ වුනත් මෙම සම්ප්‍රදාය වසර 500ක් පමන පැරණි වෙනවා.

මෙහෙම දේවල් මේ ලෝකේ තියනවද කියල හිතෙනවා නේද? මේ පුදුම දේවල් ඔයාගේ යාලුවන් අතරත් බෙදා ගන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
74
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
387
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
51
ලස්සනයි
විකාරයි විකාරයි
173
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
95
ඇඩෙනවා
වටිනවා වටිනවා
143
වටිනවා

ඇහෙනකොටත් බය හිතෙන ලෝකෙ තියෙන අමුතුම සම්ප්‍රදායන් 7ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!