උස වැඩි කර ගන්න කැමතිද? මේ කරුණු 9 පිලිපදින්න


ගොඩක් අය තමන්ගෙ උස ගැන ගොඩක් හිතනවා වගෙම, තව ටිකක්.. උස යන්න කල්පනා කරනවා. ඔයාගෙ උස ජාන විද්‍යාව මත පදනම් නොවෙනවා කිව්වොත් ඔයා පිලිගන්නවද? ඇත්තටම උස ඔයාගෙ ශරීරයට හා පෞර්ෂත්වයට බලපැම් කරන වෙලාවලුත් තියනවා. අද අපි කියන්න යන්නෙ ඔයාගෙ සම්පූර්ණ උස ප්‍රමානයට ලගා වීමට උපකාර කරන උපදෙස් ටිකකුයි..

  1. නිසි පෝෂණය

පෝෂ්‍ය පදාර්ථ වලින් සමබල ආහාර වේලක් (අත්‍යවශ්‍යයි කැල්සියම්) සහ විටමින් (විශේෂයෙන් විටමින් D) ඔබේ සිරුර වැඩි දියුනු කිරීමට හා වර්ධනය කිරීමට උපකාර වෙනවා. විටමින් D අස්ථි උත්තේජනය කරන විට ඇටකටු වර්ධනය සහ පේශි වර්ධනය වෙනවා.

සෞඛ‍ය සම්පන්න ආහාර වේලක් එළවළු, පළතුරු, ප්‍රෝටින් සහ කාබෝහයිඩ්‍රේට් වලින් පොහොසත් විය යුතුය. කිරි, මස්, එළවළු සහ ඇට වර්ග නිතරම ඔබේ රාත්‍රි ආහාරවල තිබිය යුතුමය.

ආහාර ගැනීම සදහා නියමිත කාල සටහනක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම දිනකට තුන් වරක් නියමිත වෙලාවන් වලදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.

  1. ඉර එළිය තියන දවස් වලට ඇවිදින්න

ඔබට සෘජු ඉර එළිය මගින් විටමින් D ලැබෙනවා. නමුත් එය ප්‍රයොජනවත් වන්නේ පාරජම්බුල B (UVB) අනුපාතය ඉතා අඩු නැත්නම් පමනයි. කාළගුන අනාවැකි මගින් ඔයාට පාරජම්බුල කිරන හා ඒවායේ වර්තමාන තත්වය ඉගෙන ගන්න පුලුවන්. උදේ පාන්දර, ගොඩක් හවස් වු විට හා ශීත සෘතු වලදි ඔබේ සමට පාරජම්බුල කිරන ලබා ගත නොහැකියි.

  1. ව්‍යායාම කිරීම

පද්ධති ව්‍යායාමය හෝ ක්‍රීඩාව උස වැඩි කර ගැනීමට උපකාරි වෙනවා. එමගින් ඔබේ උස ප්‍රබල ලෙස ඉහල නන්වන්නට නොහැකි වුවද, එය අගලකින් පමණ වැඩි කිරිමට හා වඩාත් නම්‍යශීලී වීමට උපකාරි වෙනවා.

ඇදෙන සුලු ව්‍යායාම ඔබට වඩාත් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා දෙනවා. කොදු ඇට පෙල ඇදෙන ව්‍යායාම වලින්, ඔබේ සිරුරට අගලක් හෝ දෙකක් දිග එකතු කිරීමට උපකාරි වෙනවා.

ඔබේ දවස ආරම්භ කිරීමෙදි හා අවසාන කිරිමෙදි දිගෑදෙන ව්‍යායාම කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබට හොද මනෝභාවයක් ලැබෙනවා.

*උකුල් පාලම

ඔබේ දන නමා උකුල සමග ඉස්සෙන්න. ඔබේ උකුල ඉහළට ගෙන නැවත ආරම්භක ස්ථානයට ගෙන එන්න.

*පාදය ඇදීම

ඔබට කරන්න පුලුවන් ඇදෙනසුලු ව්‍යායාම ගණනාවක් තියෙනවා. නමුත් ඔබ ඔබේ උස වැඩි කිරීමට උත්සාහ කරනවා නම්, මෙම පාද ඇදීමේ අභ්‍යාසයට අවදානය යොමුකල යුතු වෙනවා. බිත්තියට සමාන්තරව සිට ඔබේ අත් බිත්තියට තබා අත් මත ඔබේ බර තබන්න. එක් පාදයක් සෙමින් බිත්තිය සමීපයට ගමන් කරවන්න. එසේ තත්පර 30ක් පමන සිටින විට, ඔබෙ කෙණ්ඩ ඇදෙනවා මෙන් ඔබට දැනෙනවා. කිහිප වතාවක්ම මෙම ව්‍යායාමය නැවත නැවත කරන්න.

  1. ඔබේ ස්ථාවරත්වය වැඩි දියුණු කරගන්න

දවසම වාඩි වි සිටීම මගින් මිනිසුන් කුදු වීමට පත්වෙනවා. එමෙන්ම උරහිස් එල්ලා වැටෙනසේ වාඩි වී සිටිම මගින් කොදු ඇට පෙල නැවෙන අතර කාලයක් යනවිට උස අගල් කිහිපයකින් අඩු වෙන්නට පුලුවන්. සෘජුව සිටීමට ඉගෙන ගැනීම ඔබේ සමස්ත පෞරෂත්වය වැඩි දියුණු කිරිමට හේතුවෙනවා.

  1. වඩා විශ්වාස කරන්න

ඔබ ගැන විශ්වාසය ඉහළට ඔසවා තබා ගන්න. ඔයාගෙ මනෝභාවය වෙනස් කිරීමට සෑම දිනකම කණ්නාඩියකින් දකින ඔබේ රූපය වෙනස් කිරීමට උත්සාහ කරන්න. විශ්වාසය වර්ධනය කිරිම මගින් ඔබේ ශරීරයට, මනසට බලපෑම් කල හැකිය. එය ඉතා සරළ හා ඵලදායි වෙනවා.

  1. ප්‍රමානවත් නින්දක් ලබා ගන්න

ඒක පිස්සුවක් වගේ, නමුත් අපි නිදා සිටින විටදි පවා අපේ ශරිරය ක්‍රියාත්මක වෙනවා. ළමයින් වැඩිපුර නිදා ගැනීම පුදුමයක් නෙමෙයි. ප්‍රතිඵල දැකිමට අවශ්ය නම් සෑම දිනකම රාත්‍රියට පැය 8කට නොඅඩු නින්දක් ලැබීම අවශ්‍ය වෙනවා.

ඔබේ නිදා ගැනීමේ ඉරියව්වද උස යාම සදහා වැදගත් කාර්යක් ඉටු කරනවා. හොදම ප්‍රතිඵල සදහා කොට්ටයක් නොමැතිව පිටුපස ස්පර්ශ වනසේ බිම නිදන්න.

  1. ඔසවන සපත්තු පලදින්න

ඔසවන සපත්තු බොහෝ විට පලදින්නේ චිත්‍රපට නලුවන්ය. නමුත් එදිනෙදා ජීවිතයේ ඔසවන සපත්තු භාවිතා කිරිම උසයාමට උපකාර කරනවා. එය ස්ථිර විසදුමක් නොවුනද, එය ඔබේ එදිනෙදා පෙනුම සදහා යම් උසක් එක් කිරීමට උපකාරි වෙනවා.

  1. උසින් වැඩි ඇදුම් පැලදුම්

නිසි ලෙස තෝරාගත් ඇදුම් පැලදුම් ඔබේ උස වැඩිකර පෙන්වීමට උපකාර වෙනවා. විවිදාකාරයේ ඇදුම් හා අමතර උපාංග මගින් ඔබේ උස අඩු කර පෙනීමට හේතු වෙනවා. ඔබට එය වඩා හොදින් අවබෝධ කර ගැනීමට ඉහත සදහන් උදාහරණ උපකාර කර ගත හැකියි.

  1. නිශේධක වර්ධනය ඉවත් කිරීම හෝ වලක්වා ගැනීම

නිශේධක වර්ධනයකින් යුත් ජීවන රටාවක් හා දුම්පානය, මත්පැන් පානය කිරීමෙන් අපේ ශරීරය වර්ධනය වීම වලක්වනවා. මෙම නරක පුරුදු වලින් ඉවත්ව අපේ ශරීරයට ස්වාභාවිකව හුස්ම ගැනීමට ඉඩදිය යුතුය.

ඔබ උස යාමට බලාපොරොත්තු වෙනවා නම් මෙම සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වාගෙන යාමට වෙනවා. ඔබ බලාපොරොත්තු වන උස සදහා පැමිනි විට හෝ නොපැමිනි විට ලැජ්ජා වීමට දෙයක් නෑ. ඔබ සැලසුම් කරන හා ඔබ විසින් කරගෙන යන දේවලට වඩා කිසිවක් වැදගත් වන්නේ නෑ. ඒ නිසා විශ්වාසයෙන් යුතුව ධනාත්මක චින්තනය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
5
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
8
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
17
ලස්සනයි
විකාරයි විකාරයි
12
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
126
වටිනවා

උස වැඩි කර ගන්න කැමතිද? මේ කරුණු 9 පිලිපදින්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!