මනෝවිද්‍යාත්මකව, ගොඩක් සතුටින් ඉන්නේ ඉක්මනින් විවාහවුන අයද කල්ගිහින් විවාහවුන අයද


තරුණ කාලෙදී තමන්ගේ ආදරය හොයා ගන්න හැමෝම උත්සාහ කරනවනේ. අවාසනාවට ඒ ගොඩක් ආදරකතා අතරමග නවතිනවා. ඒ වගේම සමහරුන්ට පවුලෙන් සමාජයෙන් ඇතිවන පීඩාවන් වැඩිවුනාම, ඔවුන් තමන් කැමතිදේවල් පසෙකට දාලා ඉක්මන් විවාහයන්ට යනවා. එහෙම කරන්නේ පවුලක් සෑදීමේ අරමුනට වඩා, ඉක්මන් හැගීම් හා තනිවසිටීමට ඇති බිය නිසයි. අද අපි කියන්නෙ මනෝවෛද්‍යවරුන්ට අනුව ඉක්මනින් බිද නොවැටෙන ශක්තිමත් සබදතාවයකට පදනම් වෙන මූලධර්ම 7ක් ගැනයි.

  1. ආදරය ස්වයං සංවර්ධනයට උදවු කරනවා

පරිණත පුද්ගලයන් වැඩ කිරීමේදී තමන්ගේ මෙන්ම, තම ආදරයේ ශක්තියද උපයෝගීකර ගන්නවා. තමන්ගේ අඩුපාඩු පිලිගැනීමට මෙන්ම තමන්ගේ දෘෂ්ඨි කෝනය වෙනස් කිරිමටත් පරිනත පුද්ගලයන් බියවෙන්නේ නෑ. තමන් දෙදෙනාගේ ආදරය හැම අතින්ම සමෘදිමත් කර ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ.

නමුත් යම් හවුල්කරුවෙකු අනුන්ගේ වැරදි අඩුපාඩු සොයන සහ වරදට පෙලඹෙන, නිතර වෙනස්වන කෙනෙක් නම් ඔවුන්ගේ සබදතාවය දියුණු වෙන්නේ නැහැ. ඔවුන් එකිනෙකා අමුත්තන් බවට පත් වෙනවා.

 

  1. අනිත් හැමදේටම කලින් ආදරය

ස්වයං විශ්වාසවන්ත පුද්ගලයා තම සහකාරිය තුල අනුප්‍රානයන් හොයන්නෙ නෑ වගේම කිසිම වෙලාවකදි ඇයව තනි කරන්නෙත් නෑ. හැමදේම හරියයි: කියමින් දුක සැප දෙකේදිම ලග ඉන්නවා. බොළද මිනිසුන් ආදරය කිරිමට පමනක් උත්සාහ කරනවා, නමුත් ඔවුන් පරිනත මිනිසුන් මෙන් ආදරය වැඩි වැඩියෙන් කිරීමට උත්සාහ කරනේ නෑ. “ද රෝඩ් ලස් ට්‍රැවල්” කියන පොතේ මනෝ වෛද්‍ය මෝගන් පෙක් කියලා තියනවා “ආදරය කිරිම” වේදනාකාරී ඇබ්බැහි වීමක් කියලා.

නමුත් ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලදි ඔබව තනි කර දමන සහකරුවෙකු පිලිබදවනම් ඔබ නැවත නැවතත් සිතිය යුතු වෙනවා.

  1. ප්‍රේමය බල සම්පන්න ප්‍රධාන අංගයකි

විවාහ වන විටදි, එහිදී කියවන පොරොන්දු වලින් කියවෙන්නේ අප හැම විටම එකිනෙකා වෙනුවෙන්, ලෙඩ රෝග වලදිත්, දුක සැපේදීත්, පොහොසත් මෙන්ම දුප්පත් වෙලාවන් වලදීත් ඉන්න ඕනේ කියලයි. පවුලක් ආරම්භ කිරිමට සිටින අය මෙන්ම පවුලක් ගත කරන අයද මෙම වචන වල සැබෑ තේරුම පිලිපැදිය යුතු වෙනවා.

පරිණත සම්බන්දතාවයක් ඇති අය තමන්ගේ අවධානය හා ආශාව කුමන ප්‍රශ්නයක් පැමිනියද දෙගිඩියාවකින් වුවද, තම සහකාරයා කෙරෙහිම තබා ගැනීමට පෙලඹෙනවා.

නමුත් සෑම බහින්බස් විමකින් පසුවම, ඔබ නිතරම ඔබේ බෑග් සූදානම් කරගෙන යාමට සිතුවොත් එම සම්බන්දතාවය කොපන කාලය පවතීද කියන්න අපහසුයි.

  1. ආදරය ක්‍රියාවක්

හවුල්කරුගේ පුරුදු හා හැසිරීම් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කිරීමට සැමවිටම අවදානයෙන් සිටිය යුතුය. එසේ කිරීම ඔබට අපහසු දෙයක් වුවද, සම්බන්දතාවය සමබරව පවත්වාගෙන යාම සදහා මහන්සිවී ඒ සදහා කැපවිය යුතුය. පරිනත පුද්ගලයන් ඔවුන්ට යම් ප්‍රශ්නයක් පැමිනි විට,ඉවසීමෙන් සාකච්චාකොට විසදා ගැනීමට උත්සාහ කරනවා.

නමුත් ගැටලුවක් පැමිනි විට, එයට අනෙකා සවන් නොදෙනවානම්, එය එක් පාර්ශවයකට පමනක් තනිව දරා ගැනිමට සිදුවෙනවා. එසේ වීමේදී හදිසියේ එම වේදනාව බිදි ගියහොත් සම්බන්දතාවයද අවසන්වීමට පුලුවන්.

 

  1. ආදරය වගකීමකි

වගකීම් යනු දරුවෙකුගෙන් වැඩිහිටියකු හදුනාගන්නා ලක්ෂණයකි. ඔබේ සම්බන්දය වගකීමකින් යුක්තයි නම් එය පරිනත සම්බන්දතාවයකි. “තමන් රදා සිටිමට කෙනෙකු සිටීම විෂිශ්ඨ හැගීමක්” බව පරිනත යුවලයන් නිතරම සිතනවා. එමෙන්ම විශ්වාසවන්ත වගකීම් සහගත පුද්ගලයන්ට ශක්තිමත් සබදතා ගොඩනගා ගැනීම පහසු දෙයක් වෙනවා.

නමුත් ඔබේ සහකරු කිසිම දෙයක වෙනසක් නැති බව කියයි නම්, සෑම දෙයම අඩු තක්සේරුවට ලක් කරයි නම් ඔහු දිගුකාලීන සබදතාවයකට සිදුසු අයකු නොවේ.

  1. ආදරය යනු එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමයි.

පරිණත පුදගලයන් දැනටමත් තම අරමුණු ගොඩ නගාගෙන ඇති බැවින් ඔවුන් අනෙක් අයගේ අවශ්‍යතාවයන්ට ගරුකිරීමට සූදානම්ය. එබැවින් සම්බන්දතාවය දෙදෙනාටම පීඩාවක් ගෙන දෙන්නේ නැත. එබැවින් එවැනි පරිනත හවුල්කරුවන් එකිනෙකාට නිදහස දෙමින් සම්මුතියක් ඇති කර ගැනිමට උත්සාහ කරයි.

එහෙත් තමන්ගේ අවශ්‍යතාවන් ගැනම සිතමින්, අනෙකාව තේරුම් ගැනීමට හා අනෙකාට ඇහුන්කන් දීමට අකමැති පුද්ගලයන්ට සාර්තක සම්බන්දතාවයක් ගොඩනගා ගැනීමේ අවශයතාවය පවතින්නේ නැහැ.

  1. ආදරය ඔබව රිදවීමෙන් ආරක්ෂා නොකරනවානම්

වේදනාව හා බලාපොරොත්තු සුන්විම ජීවිතයේ සාමාන්‍ය දේවල් වන අතර, අපගේ ප්‍රේමණීයන්‍ට පවා හැම වෙලාවෙම අපව ආරක්ෂා කිරීමට නොහැකි වෙනවා. එබැවින් ප්‍රශ්න කරදර පැමිනි විට අප ශක්තිමත් විය යුතු අතර ඒ පිලිබද කිසිවෙකුටත් පැමිණිලි නොකල යුතුයි. දෙදෙනා එක්ව එම අවස්තාවන්ට මුහුන දුනහොත් එකිනෙකා අතර අවබෝදයද වැඩි වෙනවා.

මනෝ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම මූලධර්ම 7 අවබෝධ කර ගැනීමට හා පිලිගැනිමට හැකි නම් අපට ශ්‍රේෂ්ඨ සම්බන්දතාවයක් ගොඩ නගා ගැනීමට හැකිවන බවයි. නමුත් සහකරු හෝ සහකාරිය සූදානම් නැති බවක් සිතෙනවානම් එම විවාහයන් මන්දගාමි කිරීම සුදුසු බව ඔවුන් කියනවා. වේදනාකාරි බිදවැටීමකින් සුවය ලබනවාට වඩා ඔබේ වටිනා කාලය සිහින සැබෑ කර ගැනීමට හා පෞද්ගලික වර්ධනයට කැප කරනවානම් වඩාත් යහපත් වෙනවා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
5
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
5
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
11
ලස්සනයි
විකාරයි විකාරයි
15
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
11
ඇඩෙනවා
වටිනවා වටිනවා
84
වටිනවා

මනෝවිද්‍යාත්මකව, ගොඩක් සතුටින් ඉන්නේ ඉක්මනින් විවාහවුන අයද කල්ගිහින් විවාහවුන අයද

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!