ලෝකෙ කොහෙවත් නැති ඒත් උතුරු කොරියාවේ විතරක් තියෙන අමුතු විදිහේ නීති 10ක්


උතුරු කොරියාව කියන්නේ තරමක අමුතු රටක් කිව්වොත් නිවැරදි.ගොඩක් අය දන්නවත් ඇති උතුරු කොරියාව පාලනය කරන්නෙ ඒකාධිපති පාලකයෙක්.ඔහු තරුණ ඒ වගේම කිසි කෙනෙකුට ඇහුම්කම් දෙන්නැති නායකයෙක්.ඔහු කරන්නෙ ඔහුට හිතෙන දේ පමණයි.ඔහු තමයි රටේ නීති පණවන්නෙ.ඔහු තමයි රටේ නීති ක්‍රියාත්මක කරන්නෙත්.ඒ රටේ අතුලාන්තය ලෝකෙට නිරාවරණය නොවෙන තරම්.හැමදේම රට අතුලෙම රැඳිලා තියෙනවා.ලඟදිම ඇමරිකාව එක්ක යුද්ධයක් ඇතිවෙයි කියලත් කට්ටිය අනුමාන කරනවා.අපි මේ ලිපිය තුලින් කියන්න යන්නේ ඒ කිසි දෙයක් නෙමෙයි. මේ රටට අවේනික වූ පුදුම නීතී ටිකක් තියෙනවා.අන්න ඒ ගැනයි

1 උතුරු කොරියාවට ඇතුලත් වීමේදී ඔවුන් ඔබව තරයේ පරීක්ෂාවට ලක්කරනවා

ඔබ උතුරු කොරියාවට සංචාරකයෙකු ලෙස යෑමට සිතාගෙන ඉන්නවනම් ඒගැන කල්පනාකාරී වෙන්න ඕනා. උතුරු කොරියානු රජය විසින් අදාල සංචාරකයාගේ අතිශය තොරතුරු පවා ඉතා ගැඹුරු ලෙස සොයාබලනවා. ඔබ ගෙනයන සියලුම දේ පිළිබඳව ඔවුන් සොයාබලනවා. ඔබගේ laptop, smartphone, camera වල ඇති දත්ත සම්පුර්ණයෙන් ඔවුන් සතු කරගන්නවා. නැවත ඔබට ඒවා ලැබෙන්නේ ඔබ රටින් පිටවෙන විටදී. මේ තොරතුරු අතර උතුරු කොරියානු රජය අවධානමේ හෙලන කිසියම් දෙයක් ඇතොත් ඒවා රාජසන්තක වෙනවා.

2 කොණ්ඩ කපන්න වෙන්නේ අනුමත විදියට විතරයි

අපි කවුරුත් ආසයි නේ ලස්සන විලාසිතාවකට කොණ්ඩ කපන්න. හැබැයි උතුරු කොරියාවට ගියොත් ඒ හීනේ අමතක කරන්න වෙනවා. මොකද ඔබට කොණ්ඩේ කපන්න වෙන්නේ එරට අනුමත විලාසිතා වලට විතරයි. ඒ වගේ අනුමත වෙච්ච කොණ්ඩ මෝස්‌තර තියෙන්නේ 28ක් විතරයි. මේ නීතිය ගෙනාවේ 2013 වසරේ සිට උතුරු කොරියාව පාලනය කරපු Kim Jung -Un විසින්. ඔහු ඔහුගේ කොණ්ඩයට හුඟක් කැමැත්තෙන් ඉඳල තියෙන්නේ. එනිසා ඔහු හිතුවා අනිත් උතුරු කොරියානු ජනයාටත් මේවගේ කොණ්ඩ මෝස්‌තර තිබුනොත් හොඳයි කියල. අනෙකුත් සියලුම කොණ්ඩ මෝස්‌තර ඔහු විසින් තෝරගත්ත එවයි.

3 උතුරු කොරියාව ආගමක් අදහන්න සුදුසු තැනක් නෙවෙයි.

උතුරු කොරියාව කියන්නේ විශ්වාසය සහ ආගමක් තියෙන එකට සම්පුර්ණයෙන් විරුද්ධ රටක්. එහි කිසිම කෙනෙක් ආගමක් අදහන්නේ නැ. ඔවුන්ට එක තහනම් කරලයි තියෙන්නේ. එසේ ආගමක් අදහනවනම් ඔවුන්ට දැඩි දඬුවම් එරට රජයෙන් නියම කරනවා.

4 සංචාරකයන්ට ඉන්න වෙන්නෙත් හිරකරුවන් ලෙසමයි

ඔබ උතුරු කොරියාවට ඇතුලත් උනාට එතනින් ප්‍රශ්නේ ඉවර නැහැ. රජයේ අය ඔබ දිහා හැමවිටම ඇහැ ගහගෙනයි ඉන්නේ. ඔවුන්ගේ නීතිවලට ඔබට අනිවාර්යෙන් යටත් වෙන්න සිදුවෙනවා. නැතහොත් සිරගත වීමට සිදුවෙනවා.

5 ගමන් බිමන් තහනම්

උතුරු කොරියාවේ ඉන්නවනම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. පිටගමකට නැතිනම් වෙන කොහෙවත් එරට ජනතාවට ගමන් කරන්න බෑ. ඒ වගේ ගමනක් යන්න අවශ්‍යනම් ඔවුන්ට උතුරු කොරියානු රජයෙන් විශේෂ අවසරයක් ගන්න වෙනවා. විවිධ ලියකියවිලි හදාගන්න වෙනවා. තමන්ගේ කැමැත්තට කොහෙවත් යන්න බැහැ.

6 තමගේ කැමැත්තට තමන්ට ආස තැනක පදිංචි වෙන්න බැහැ

තමන්ගේ පදිංචිය තීරණය කරන්නේ රජයයි. ඔයා අයිති සමාජ තත්වයට අනුව ඔයා ජීවත් වෙන ප්‍රදේශය තීරණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය රජයත් සමග කොයිවගේ සම්බන්ධයක් තියෙනවද කියන එක මතත් මේක තීරණය වෙනවා.

 7 Kim පවුලේ අයට නැමදුම් කරන්න ඕනා.

සාමාන්‍ය ජනයා අනිවාර්යයෙන් එරට පාලනය කරන Kim පවුලට නැමදුම් කරන්න ඕනා. ඒ අය සිතන්නේ ඔවුන් තමන්ව ආරක්ෂා කරන අය ලෙසයි.

8 අනිවාර්යයෙන් එරට මැතිවරණයේ තමාගේ මනාපය දිය යුතුයි.

ඇත්තටම උතුරු කොරියාවේ සිද්ධවෙන්නේ මැතිවරණයක් නෙවෙයි. මොකද තරඟකාරීත්වයක් නැහැ. තරඟ කරන්නේ එක්කෙනයි. හැබැයි අනිවාර්යෙන් සාමාන්‍ය ජනතාවට තමන්ගේ මනාපය දෙන්න වෙනවා. නැතිනම් එය දඩුවම් ලැබිය හැකි වැරද්දක්. රජයේ විශේෂ අවසරයක් මත විශේෂයෙන් Kim පවුලේ අවසරය මත වෙනත් කෙනෙකුට මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන්.

9 ප්‍රධාන සමාජ පංති තීරණය වෙන්නේ රජයෙන්.

ඔයා අයිති වන සමාජ මට්ටම තීරණය වෙන්නේ Kim වරුන් මත. පුද්ගලයන් ඉපදෙන්නත් කලින් ඒක තීරණය වෙනවා. මූලිකවම මේක තීරනය වෙන්නේ ඒ පුද්ගලයාගේ මුතුන් මිත්තන් Kim පවුලට තියෙන විශ්වාසීබාවය මත.

10 බාස්කට් බෝල් සඳහා වෙනම නීති ටිකක් පණවලා තියෙනවා

ඔබට යම් හෝ දැනුමක් ඒ රට ගැන දැනගන්න ලැබුනනම් තව කෙනෙකුට පේන්නත් එක්ක Share කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.ඉබට සුභ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
18
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
207
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
46
ලස්සනයි
විකාරයි විකාරයි
71
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
69
ඇඩෙනවා
වටිනවා වටිනවා
51
වටිනවා

ලෝකෙ කොහෙවත් නැති ඒත් උතුරු කොරියාවේ විතරක් තියෙන අමුතු විදිහේ නීති 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!