ලෝකෙ කොහෙවත් නැති ඉන්දියාවෙ විතරක් තියෙන වෙනස්ම දේවල් 15ක්


ඉන්දියාව කියන්නේ ගොඩක් ජාතීන් ඉන්න විශාල රටක්. ඉතින් හුඟක් සංස්කෘති අපිට දකින්න පුළුවන්. ඒවා එකිනෙකට වෙනස්ම ඒවා වන අතර පොඩ්ඩක් අලුත් දේවල්. ඒ නිසා ඉන්දියාව කියන්නේ ආසියාවේ සුවිශේෂී රටක්. අද අපි කතාකරන්න යන්නේ ඒ වගේ වෙනස්ම දෙවල් 15 ක් ගැන. හැබැයි විශේෂත්වය වෙන්නෙ මේවා වෙන කිසිම රටකින් දකින්නට නොලැබෙන ඉන්දියාවට පමණක් ආවේණික දේවල් වීමය.මතක තියාගන්න මේ මන් කියන කරුණු 15ම තියෙන්නෙ ඉන්දියාවේ පමණයි.

1 මීයෝ පිරිච්ච කෝවිලක්

ඉන්දියාවේ සත්තුන්ට දේවත්වයෙන් සලකනවා. මීයන්ට දේවත්වයෙන් සලකන කෝවිලක් රාජස්ථාන් වල තියෙනවා. මේ කෝවිලේ නම කර්නි මතා කෝවිලයි. මේ කෝවිල ඇතුලේ මීයන් 20,000ක් පමණ වාසය කරනවා. කර්නි මතාගේ පුතුන් මීයන් ලෙස නැවත ඉපදෙන බව ඔවුන් විශ්වාස කරනවා. කර්නි මතාගේ පුතුන්ව හමුදාවක් ලෙස පත් කිරීමට ඇය ආශා කල බවත් එනිසා ඇය ඔවුන්ව මීයන් බවට පත් කර මරණයෙන් ගලවා තමන්ගේ කෝවිලේ සිටීමට ඉඩ ලබා දුන් බවත් සඳහන් වෙනවා. මීයන් ආහාරයක් ආහාරයට ගැනීම තමන් ලද වාසනාවක් බව ඒ සිතනවා. මීයෙකු මියදුනහොත් රිදී වලින් නිර්මාණය කල මීයෙකු ඒ වෙනුවට තබනවා.

2 අමුතුම සිරිත්

ඉන්දියාවේ දරුවෙකුට පළමු සැනින් ඒ දරුවා සුනඛයෙකු සරණ පවා ගත යුතුයි. ඉන්දියාවේ මිනිසුන් විශ්වාස කරන්නේ ඒ නිසා එම දරුවට යහපතක් සිදු වෙනවා කියල. අවුරුදු 18ක් පිරුණු පසු තවත් වරක් සුනඛයෙක් සරණ පවා ගැනීමෙන් ඒ ශාපය තුරන් වෙනවා. එවිට එම කෙනාට නැවත විවාහ විය හැකි. සාමාන්‍ය සිරිත වගේ Divorce කරන්න ඕනේ නෑ.

3 නිවුන් දරුවන්ගෙන් පිරිච්ච නගරයක්

නිවුන් දරුවන් කියන්නේ කලාතුරකින් පවුලකට ලැබෙන දයාදයක්නේ. ගමක් ගත්තත් නිවුන් දරුවන් සිටින්නේ අතලොස්සයි. හැබැයි ඉන්දියාවේ කොදින්හි කියන පොඩි ගමේ නිවුන් දරුවන් යුගල 350ක් පමණ ඉන්නවා. හැම දරු උපත් 100,000කට නිවුන් දරුවන් යුගල 42ක් පමණ ඉන්නවා. ඉතින් මේ ගමේ පවුලකට අනිවර්යෙන් නිවුන් දරුවන් සිටිනවා.

4 භයානක චාරිත්‍රයක්

ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ ශත වර්ෂ ගණනාවක් පැරණි සිරිතක් තියෙනවා. අකාලයේ දරුවන් මියදීමෙන් වැලැක්වීම සඳහා අඩි 30ක උසක ඉඳන් අලුත උපන් බිලිඳුන් දමනවා. එවිට අදෘශ්‍යමාන දරුවන්ව බේරගන්න බව ඔවුන් විශ්වාස කරනවා.

5 නයින්ගේ ගමක්

මේ නයින්ගෙන් පිරිච්ච ගමේ නම ශෙට්පල්. තියෙන්නේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ. ඔවුන් නාගයින්ව දේවත්වයෙන් සලකනවා. හැම ගෙයකම නයින්ට වෙන්වූ තැනක් නිවෙස තුලම තියෙනවා. මේ ගමේ කිසිම දවසක නයෙක් සපාකෑම නිසා මිනිස් ජීවිතයක් නැතිවුණු පුවතක් වාර්තා වෙලා නැහැ. කොහේ බැලුවත් නයින්ගෙන් පිරිච්ච මේ ගමේ ඉන්න මිනිස්සු වන්දනාමාන කරන්නේ දෙවියන්ටයි. ශිව දෙවියන්ගේ සන්ඛේතයත් නාගයෙක්.

6 ව්‍යාපාරයක් බඳු වූ විවාහය

ඉන්දියාවේ විවාහයක් කියල කියන්නේ හුඟක් වියදම් වෙන දෙයක්. අනෙත් රටවලත් ලොකුවට විවාහ ගත්තත් ඉන්දියාවේ තරම් වියදම් නොවෙනවා. මනාලියගේ ඇඳුම් සහ අභරණ වලට ඉතා විශාල මුදලක් වියදම් වෙනවා. විවාහ මංගල්‍ය සැමරීමට ඉන්දියාවේ අය උත්සුක වෙනවා.

7 මලගිය ඇත්තෝ සමග ආහාර ගැනීම

ඉන්දියාවේ හෝටලයක් හදල තියෙන්නේ පුරන සොහොන් බිමක් උඩ. මේ හෝටලයේ නම New Lucky Restaurant. තියෙන්නේ අහමදාබාද් වල. සොහොන් ගැබ් උඩ ආහාර ගැනීම කරන්න පුළුවන්. මේවා භූමදානය කරලා තියෙන්නේ 16 වන සියවසේ. හැම විටම මිනිසුන්ගෙන් පිරී පවතින මේ හෝටලය අයිති කෙනා කියන්නේ මේ ස්ථානය ඉතා වාසනාවන්ත බවයි.

8 හිදැස් සහිත ගොඩනැගිලි

සාමාන්යෙන් කියන්නේ පොලවට ඇලිලා හදන දෙයක්. නමුත් ඉන්දියාවේ හිදැස් තියෙන ගොඩනැගිලි දකින්න පුළුවන්. ලේපක්ෂි කියන කුඩා ගමේ මේවගේ ගොඩනැගිලි දකින්න පුළුවන්. විශේෂයෙන්ම ලේපක්ෂි කෝවිල. එහි කුළුණු 70ක් තියෙනවා. ඒ සියල්ලක්ම පොලවට සම්බන්ද නොවී වාතලයේ පාවෙන ස්වරුපයක් පෙන්වනවා.

9 motor bike එකකට පූජාවක්

motor bike එකකට කරන පූජාවක් බලාගන්න කැමතිනම් රාජස්ථාන් වලට යන්න. Om Singh Rathore කියල කෙනෙක්ගේ motor bike එකක් ගහක හැප්පෙනවා. මේ motor bike එක පොලිසියට ගෙනිච්චත් අයෙත් අනතුර වෙච්ච තැනටම මේ motor bike එක එන නිසා Om දෙවියන් විසින් එහි ගමන් කරන අයව ආරක්ෂා කරන බවයි ඔවුන් කියන්නේ.

10 සුනඛයන්ට වෙන්වූ කෝවිලක්

මේ කෝවිල තියෙන්නේ කර්ණාටක ප්‍රාන්තයේ චන්නපටනා කියන ගමේ. මෙතන තියෙන්නේ සුනඛයන්ට විශේෂ වූ කෝවිලක්. සුනඛයා කියන්නේ මිනිසාගේ මිතුරා ඔවුන් මේවගේ සුනඛයන්ට ගරු කරනවා. සුනඛයන්ට නැමදුම් කිරීමෙන් ගමට හොඳක් වන බව ඔවුන් විශ්වාස කරනවා.

11 වැසිකිලි පෝච්චි සඳහා කෞතුකාගාරයක්

porcelain වැසිකිලි පෝච්චි වලට කෞතුකාගාරයක් ඉන්දියාවේ තියෙනවා. මේකේ නම Sulabh අන්තර්ජාතික කෞතුකාගාරයයි. තියෙන්නේ දිල්ලියේ. වසර 2500ක ඉතිහාසයක් තියෙනවා.

12 පොර ගවයින් සමග පොරයක්

මේවගේම දෙයක් Spain වල දකින්න පුළුවන්. නමුත් ඉන්දියාවේ තරම් ත්‍රස්යජනක නැ. ජල ක්‍රීඩාවක් විදියට මෙය ප්‍රසිද්ධයි. දකින්න ලැබෙන්නේ කේරල වල. අස්වනු නෙලාගත්තට පස්සේ. පොර ගවයින් සමග පුද්ගලයෙකු දිවයනවා. ඒ මඩවගුරක.

13 ආසියාවේම පිරිසිදු නගරයක්

Mawlynnong, Meghalaya නැතිනම් දෙවියන්ගේ උද්‍යානය කියන නමෙනුත් හැඳින්වෙනවා. මුළු ගමම මේ ගම ලස්සනට තියාගන්න මහන්සි වෙනවා. ඒ නිසා සංචාරකයන් වැඩියෙන් ගමට එනවා. මේ ගමේ පුද්ගලයින්ගේ ලිවීමේ සහ කියවන හැකියාව 100% වනවා. බොහෝ අයට ඉතා හොඳින් English කතාකරන්නත් පුළුවන්.

14 තනි රත්‍රන් වලින් කමිසයක්

පුනේ වල කෝටිපති ව්‍යාපාරිකයෙක් වන Datta Phuge විසින් කාන්තාවන් ආකර්ෂණය කරගැනීමට පිරිසිදු රත්‍රනින් කමිසයක් නිර්මාණය කරගෙන තිබෙනවා. මෙහි වටිනාකම ඩොලර් 17,000ක්. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් දෙකෝටි හැටලක්ශ හයදහසකි.මෙය නිර්මාණය කරන්නට රන්කරුවන් 15 දෙනෙකු යොදවනවා. ඔවුන්ට සති 2ක් පමණ මේ සඳහා ගත වෙලා තිබෙනවා.

15 මිනිසුන්ගෙන් පිරී ඉතිරෙන කොච්චි

හුඟක්ම ඉන්දියාවේ පාවිච්චි වෙන ප්‍රවාහන මාද්‍ය තමයි කෝච්චිය කියල කියන්නේ. තියෙන කොච්චි ගැන සීමිත නිසා පටවන සෙනග වැඩි.ඒ නිසාම කොච්චියේ යාමට පුදුම වෙහෙසක් දරන්න සිදු වෙන්නෙ.මිනිසුන් කොච්චි වල උඩ පවා ගමන් ගන්නවා.ඒකට ප්‍රධාන හේතුව ජනගහණය අධික වීමයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියාව කියන්නෙ එක්තරා ආකරයකින් ගත්තොත් පුංචි ලෝකයක් වගේ රටක්.එක පැත්තක කුණු ගොඩවල් වලින් පිරිලා තියෙනව වගේ තව ප්‍රදේශ තියෙනවා ඇමරිකාව තරම්ම දියුණු.

ඔබට කිසියම් හෝ දැණුමක් ලැබුන නම් තව කෙනෙකුට දැනගැනීම සඳහා කරන Share මෙන් ඉල්ලනවා.

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
9
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
18
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
21
ලස්සනයි
විකාරයි විකාරයි
56
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
28
ඇඩෙනවා
වටිනවා වටිනවා
136
වටිනවා

ලෝකෙ කොහෙවත් නැති ඉන්දියාවෙ විතරක් තියෙන වෙනස්ම දේවල් 15ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!