ඩූබායි නගරයේ මින් පෙර නොඇසු විශ්මිත කරුණු 10ක්


කාන්තාර මධ්‍යයේ ඩුබායි වැනි නවීන, කෘතිම සුවපහසු   නගරයක්  දැකීමත් ටිකක් අමුතුයි තමයි. නමුත් ඩුබායිහි සංචාරක ආකර්ෂණයන්ට වඩා වැඩි යමක් තියෙනවා.ඩුබායි අද්විතීය ප්‍රසිද්ධ නගරයක්.ඉතින් අපි මේ උත්සහ කරන්නේ ඔබට මෙම නගරය ගැන ඔබ  මින් පෙර  අසා නොමැති කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න.

1 ලෝකයේ සෑම Crane 5 කින් එකක් ඩුබායිවල පිහිටා ඇත.සමස්ථයක් විදියට ගත්තොත් ලෝකයේ තියෙන මුලූ Crane ප්‍රමාණයෙන් 20%ක්ම තියෙන්නේ ඩුබායි වල

2 ඩුබායි හි පාම්ස් දූපත් ඉදි කිරීම සඳහා  වැලි ඝණ මීටර් මිලියන 94 ක් අවශ්‍ය වුනා. නමුත් Empire State ගොඩනැගිල්ල ඉදිකිරිමට අවශ්‍ය වුනේ  ඝන මීටර් මිලියන 37 ක් විතරයි.

3 මොනාලිසා චිත්‍රය 46,265 වතාවක් ආවරණය කල හැකි රත්තරං ප්‍රමාණයක් ඩුබායි වල Burj Al Arab හෝටලය භාවිතා කරලා තියෙනවා.

4 ඩුබායිහි පොලිස් බලකාය ඇමෙරිකාවේ පාසලකට ළමයකු යැවීමට වියදම් කරන වියදමට වඩා වැඩි මුදලක් ඔවුන්ගේ සුපිරි මෝටර් රථ සඳහා වැය කරනවා

5 දළ වශයෙන් ඩුබායිහි ජනගහනයෙන් 80% ක් පමණ විදේශිකයන්

6 ඩුබායිහි ඔටුවන් ධාවන තරඟයේ මින් පෙර පැවති නීති විරෝධී ළමා සේවා වෙනුවට රොබෝවරු භාවිතයට ගන්නවා.

7 ඩුබායි රජය විසින් විවිධ අංශ සමඟ සම්බන්ධ කරන ලද වායු සමීකරණය කරන 4.45 km² විශාලත්වයෙන් යුත් සම්පූර්ණයෙන්ම දේශගුණික පාලිත නගරයක් ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වෙනවා. Monaco නගරයත් 2.02 km² පමණයි.

8 ඩුබායිහි ලිපිනයන්, කිසිදු තැපැල් කේත( Postal code), කිසිදු කලාපීය කේත (zip Code) සහ තැපැල් ක්‍රමයක් දක්නට ලැබෙන්නේ නෑ.

9 ඩුබායි හි ආදායම් බදු ගෙවීමක් නෑ.

10 ඩුබායි වැසියන් රත්තරං වලට ගොඩාක් ප්‍රිය කරනවා.

ඔබට ජිවිතයේ කෙදිනක  හෝ මේ විශ්මිත නගරයට පිවිසිමට හැකි වුනොත් , එය නිසැකවම මතක සටහන් බොහොමයක් ඉතිරිකරනු නොඅනුමානයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
4
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
22
ලස්සනයි
විකාරයි විකාරයි
6
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
14
ඇඩෙනවා
වටිනවා වටිනවා
84
වටිනවා

ඩූබායි නගරයේ මින් පෙර නොඇසු විශ්මිත කරුණු 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!