මේ අපරාධ පිළිබඳ ප්‍රශ්න විසදිය හැක්කේ සැබෑ රහස් පරික්ෂකයකුට පමණි.


ඔයාගේ  රහස් පරීක්ෂක කුසලතා පරීක්ෂා කර බලන්න කැමතිද?

මේ ප්‍රශ්න විසදන්න පොඩි උත්සහයක් ගන්න.ප්‍රශ්න වලට උත්තරත් අන්තිමට සදහන් කරලා තියෙනවා. ඒ ටික බලන්න හදිස්සි වෙන්න එපා. බලමු ඔයාගේ  පිළිතුරු කොයි තරම්දුරට සාර්ථකද කියලා.

ප්‍රශ්න අංක 1: සොරකම් කරන ලද මාලය

දිනුකා මහත්මිය පොලිසියට පැමිනිල්ලක් කරනවා ඇයගේ නැති වුන මාලයක් පිළිබදව .පොලීසිය පරික්ශා කරන විට ඔවුන් දකිනවා අවුල් ජාලයක් වුන නිවස සහ කැඩුන ජනේලය . ඒ වගේම සපත්තු පැල්ලම් නිවස පුරාම දකිනවා.

ඊලග දිනයේ පොලීසිය දිනුකා මහත්මිය සැක පිට අත් අඩංගුවට ගන්නවා. හේතුව කුමක් වෙන්න පුලුවන්ද?

ප්‍රශ්න අංක 2 : හිරෙන් නිදහස් වීම

මේ ඉන්නේ  අමල්  කියන පුද්ගලයා. මෙයාව හිර කරලා. හිර කරලා තියෙන්නේ ඉතා අපිරිසිදු බිමක් සහ කාටවත් ලං වෙන්න බැරි උසක ජනේලයක් පමනක්  තියෙන කුටියක. ඒ වගේම එතන හරිම කසල පිරුණු, උනුසුම් තැනක්. විශේෂම දේ සවලක් ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ කුටියේ නෑ. මෙයට කෑමට බීමට කිසිම දෙයක් ලැබෙන්නේත් නෑ. මෙතනින් මිදෙනන අමල්ට තියෙන්නේ දවස් 2යි. දවස් 2ට පස්සේ මෙයා මැරෙනවා.

පොළොව හාරන්න නම් හිතන්න එපා. මොකද ඒකට දවස් 2ට වඩා යනවා.

ප්‍රශ්න අංක 3: පාසලේ සිදුවු මිනීමැරුමක්

පාසැල් වර්ෂයේ පළමු දිනයේදී භූගෝල විද්යා ගුරුවරියක් ඝාතනයට ලක් විය. සැකකරුවන් හතර දෙනක් හිටියා : උයන් පල්ලා , ගණිත ගුරුවරයා, පුහුණුකරු සහ විදුහල්පතිවරයා. ඔවුන් සියළු දෙනාටම නිදහසට කාරණා තිබ්බා.උයන් පල්ලා ඒ වනවිට පැල වලට සාත්තු කරමින් ඉදලා.ගණිත ගුරුවරයා ඉදලා තියෙන්නේ සිසුන්ගේ වසර මැද  පරීක්ෂණයේ.පුහුණුකරු ඉඳලා තියෙන්නෙ බාස්කට් බෝල් සෙල්ලම් කරමින්. විදුහල්පතිවරයා ඒ  වනවිට ඔහුගේ කාර්යාලයේ හිටියා. නමුත් පොලීසිය ඉක්මනින් වැරදිකරු හොයා ගත්තා . ඒ කවුද? ඒකට හේතුව මොකක්ද?  

ප්‍රශ්න අංක 4: බෙහෙත් පෙත්ත

ඉතා දරුණු ගනයේ අපරාධ කාරයෙක් මිනිස්සු පැහරගෙන එයාලට තර්ජනය කරනවා පෙති 2කින් එකක් බොන්න කියලා.එක පෙත්තක කිසිදු ගැටලුවක් නෑ. අනිත් එක විශ සහිතයි. ඉතින් මිනිස්සු එක පෙත්තක් තෝර ගන්නවා .ඒ පෙත්ත වතුර එක්ක බොනකොට මේ අපරාධ කාරයා ඉතුරුවුන පෙත්ත බොනවා .ඒ කොහොම උනත් අන්තිමට හැම අවස්ථාවේදීම ජිවත් වෙන්නේ මේ අපරාධකරු විතරයි.

අපරාධකරු සෑම විටම විශ රහිත පෙත්ත තෝරා ගන්නේ කෙසේද ?

ප්‍රශ්න අංක 5 : හිම බැදුන ජනේලය

මේ අපේ රටේ ප්‍රශ්නයක් නම් නෙවේ .ශීත කාලයකදී ජෝන් දවසක් හොයාගන්නවා එයාගේ යාලුවා ජැක්  , ඔහුගේ නිවස ඇතුලෙ මැරිලා ඉන්නවා.පොලීසිය පැමිණි පසු ජෝන් කියනවා එයා ජැක්ගේ ගෙදර ලගින් ගමනක් යනකොට , ජැක් ව මුන ගැහෙන්න හිතුනා කියලා. ඉතින් ගොඩාක් වෙලා සීනුව නාද කරත් ප්‍රතිචාරයක් තිබිලා නෑ. ඉතින්  හිම බැදුන විදුරුවකින් මෙයා දැකල තියෙනවා ගෙදර ඇතුලේ එලියක්. ඔන්න ඊට පස්සේ මෙයා කටින් හිම උණුසුම් කරලා  ඇතුල බලද්දි තමයි ජැක් මැරිලා වැටිල ඉන්නවා දැකලා තියෙන්නේ .

පොලීසිය ප්‍රධාන සැකකරු විදියට අත්තඩංගුවට ගන්නේ ජෝන් ව ඒ ඇයි?

ප්‍රශ්න අංක 6 : රසායනිකයන්

ප්‍රසිද්ධ රසායන විද්‍යාඥයනකු ඔහුගේම විද්‍යාගාරයේදී මරා දමා තිබුනා . රසායනික ද්‍රවය කිහිපයක  නම් සහිත කඩදාසි කෑල්ලක් හැර වෙන කිසිවක් තිබුනේ නෑ . ඔහු ඝාතනයට ලක්වූ දිනයේ දී මොහුට  අමුත්තන් 3 දෙනෙක් ඉදලා . ඒ ඔහුගේ බිරිඳ වන මරියා, ඔහුගේ බෑනා වන නිකොලස් සහ ඔහුගේ මිතුරා ජොනතන්.

පොලිසිය වහාම අපරාධකරු අත්අඩංගුවට ගත්තා. ඒ කවුද? ඒකට හේතුව මොකක්ද?

මේ තමයි ප්‍රශ්න සියල්ලටම පිලිතුරු. ඔයා හැම ප්‍රශ්නෙටම පිලිතුර හොයා ගත්තනම් Comment එකක් දාලා තව කෙනෙක්ට බලන්න Share කරලා යන්නත් අමතක කරන්නෙපා.

ප්‍රශ්න අංක 1

පිංතුරය දිහා බලන්න ජනේල් කුඩු කොහෙවත්ව නෑ . ඒ කියන්නේ පිංතුරේ කැඩිලා තියෙන්නේ ඇතුලෙන්. පිටින් ඉදන් කැඩුවා නම් අනිවාර්යයෙන්ම ජනෙල් කුඩු තියෙනවා.

ප්‍රශ්න අංක 2

සවලෙන් එයාට පුලුවන් කුනු ගොඩාක් එකතු කරගෙන එතනින් ජනේලේට ලං වෙන්න

ප්‍රශ්න අංක 3

ඒ ගණිත ගුරුවරයා . පාසලේ පලමු දවසේ මධ්‍ය වාර්ශික පරීක්ෂණයක් තියෙන්න විදියක් නෑනේ.

ප්‍රශ්න අංක 4

පෙති දෙකම විශ රහිතයි. විශ තිබිලා තියෙන්නේ ඒ මිනිස්සු බොන වතුර වීදුරුවේ.

ප්‍රශ්න අංක 5

සාමාන්‍යයෙන් හිම කාලේට ජනෙල් පිට පැත්ත පමනක් නෙවේ ඇතුල් පැත්තත් අයිස්  බැදෙනවා. කටින් උණුසුම් කරලා ඒ අයිස් දිය කරන්න නම් බෑ.

ප්‍රශ්න අංක 6

ඒ නිකොලස් , බලන්නකෝ කොලේ  තියෙන රසායනිකයන් දිහා . අපරාධකරු හොයාගන්න ලෙසි වෙයි. Ni-C-O-La-S.

සමහර විට මේ ප්‍රශ්න ඔබට විහිලුවක් ලෙස දැනෙයි.එසේ සිතුනොත් ඔබේ මුවගට සිනහවක් ගෙනෙන්න කල පුංචි විහිලුවක් ලෙස සලකන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
20
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
46
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
121
ලස්සනයි
විකාරයි විකාරයි
42
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
60
ඇඩෙනවා
වටිනවා වටිනවා
507
වටිනවා

මේ අපරාධ පිළිබඳ ප්‍රශ්න විසදිය හැක්කේ සැබෑ රහස් පරික්ෂකයකුට පමණි.

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!