නියපොතු වල හැඩයෙන් ඔබ ගැන කියවෙන විශ්මිත කරුණු 6ක්


අපි හැමකෙනෙක්ගේම නියපොතු එකම හැඩයක් ගන්නේ නෑ. එකිනෙකට වෙනස් . ඉතින් මේ වෙනස් විදියේ නියපොතු අපි ගැන අනාවැකි කියන බව ඔබ විශ්වාස කරාද?
ඔබේ නියපොතු හැඩය ගැනත් කියවලා බලන්නකෝ මේ කියවෙන්නේ ඔයා ගැනමද කියලා.

පුළුල්, දිගු සහ හතරැස් නියපොතු

පුළුල් මානසිකත්වයක් සහිත සමබර, ප්‍රායෝගික, ස්වාධීන පුද්ගලයන්. ඔවුන් විශ්වසනීයයි. ඒ වගේම ඔවුන්ගේ වචන සහ ක්‍රියාවන් සඳහා ලොකු වගකීමක් මෙයාලට තියෙනවා. නායකත්වයට නම් උපන් හපන්නු.

ඉතා කුඩා   චතුර්ස්‍රාකාර නියපොතු

 

මේ තියුණු හා නම්‍යශීලී  පුද්ගලයන් විදියට හදුන්වන්න පුලුවන්.මෙයාලා  ආන්දෝලාත්මක කරුණුවලදී,අවස්ථාවලදී, හරිම හදිස්සිකාරයි. ඒ විතරක් නෙවෙයි මෙම හැඩය පවතින 90%ක් අය තරමක් කෑදර, ආක්‍රමණශීලී සහ ඊර්ෂ්‍යාකාරී පුද්ගලයන් වේ.

දිගු සහ පටු නියපොතු

අපි සොයාගත් ආකාරයට මේ හැඩය තියෙන තිබෙන 85%ක් පමණ පුද්ගලයින් ආත්මාර්ථකාමී, කපටි හා අවසථාවාදින් විදිහටයි සැලකෙන්නෙ. ඉතා සුඛෝපභෝගී ජීවිතයකට  කැමති මොවුන් අනුන්ගේ අවධානය තමා වෙතට යොමු කර ගන්න  හරිම කැමතියි . ඒ විතරක් නෙවෙයි  මෙයාලා  වරදට පෙළඹෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

කෙටි නියපොතු

සෑම කෙනාටම අදාල නොවුනත් ඉක්මනින් කිපෙන සුළු  හා ඉවසිල්ලක් නැති පුද්ගලයන් තමයි මේ.කොච්චර විශ්වාස කරන්න බැරි උනත් මෙයාලා හරිම තීක්ෂණශීලී යි. මෙයාලා උත්සාහ කරන්නේ හැම වෙලේම තමංගේ මාර්ගය හරි කියල පෙන්නන්න.ඒ වගේම මෙයාලා කැමතියි හැමදේම දන්නවා කියලා කියලත් පෙන්නන්න

ආමන්ඩ් හැඩති නියපොතු

හරිම ආදරණීය සහ සෞම්‍ය පුද්ගලයෝ තමයි මේ. කෙටියෙන්ම කිව්වොත් මේ නම් හරිම පරමාදර්ශී චරිත. මෙයාලා කැමති නෑ කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න. ඉතින් මෙයාලා එක්ක ජීවත් වෙන එක හරිම පහසුයි.

ත්‍රිකෝණාකාර නියපොතු

සරලවම කිව්වොත් කලාවට බර පුද්ගලයන් තමයි මේ. ඒ වගේම මෙයාලා හරිම සෞම්‍ය පුද්ගලයන්. මෙයාලට තියෙන්නේ ඉක්මනින් බිඳවැටෙන සුළු මනසක්. පොඩි දේටත් බය වෙන එක මෙයාලගේ පුරුද්දක්. තමන්ගේ දේවල් නැති කරකරගන්න නම් මෙයාලා චුට්ටක්වත් කැමති නෑ. ප්‍රසිද්ද වෙන එක මෙයාලගේ හීනයක්.

සමහර විට මේ ලිපියට නම් අපිට බැනුම් අහගන්න වෙයි කියලා හිතනවා.ඔබේ ගල් මුල් හැම දෙයක්ම ආදරෙන් බාරගන්න අපි බලාපොරොත්තු වෙනවා.ඔබට සුභ දවසක්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
4
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
95
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
19
ලස්සනයි
විකාරයි විකාරයි
15
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
15
ඇඩෙනවා
වටිනවා වටිනවා
109
වටිනවා

නියපොතු වල හැඩයෙන් ඔබ ගැන කියවෙන විශ්මිත කරුණු 6ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!