ලෙමන් ගෙඩියෙන් කරන්න පුලුවන් දේවල් 16ක්


එදිනෙදා ජිවිතයේදි අපට අවශ්‍ය හැමදේටම වගේ එකම දෙයක් යොදා ගන්න පුළුවන්කම තියෙනවානම්, ඒක කොයිතරම් පහසුයි ද? එහෙම එකම ද්‍රවයක තියෙන විවිධාකාර ප්‍රයෝජන ගැන උදාහරණ නම් ඕනැ තරම්. ඒ අතරින් එක දෙයක් තමයි ලෙමන් කියන්නේ.බලන්න , ලෙමන් වල තියෙන මේ ප්‍රයෝජන ගැන ඔබ දැනන් හිටියා ද කියලා. ලෙමන් වලට බොහෝ සෙයින් සමාන දෙයක් නේ අපි එදිනෙදා භාවිතා කරන දෙහි කියන්නේ, උත්සහ කරලා බලන්න බොහෝ විට දෙහි වලත් මේ ප්‍රයෝජනම තියෙන්න පුළුවන්.

16. ඕනෑම අපද්‍රව්‍යක් පිරිසිදු කරන , පිරිසිදුකාරකයක් ලෙස

ලෙමන් ගෙඩියක් පොතු හැර ගන්න . එම පොතු වලට විනාකිරි මිලි ලීටර්  150ක් එකතු කර රැයක් පුරා වසා තබන්න.පසු දිනයේ උදෑසන එයට ජලය මිලි ලීටර්  150ක් එකතු කරන්න. ඔන්න වැඩේ හරි. දැන් මේක දියර ඉසිනයකට (spray bottle ) දමා ගන්න. දැන් නිවසේ ඕනෑම ස්ථානයක් පිරිසිදු කරන්න මේක යොදා ගන්න පුලුවන්.

15.එළවළු කපන පුවරුව අපිරිසිදු වෙලාද, මෙන්න විසඳුම

මේ වැඩේට ලෙමන් කෑල්ලක් ප්‍රමාණවත්. මෙහෙමයි කරන්නේ, කපන පුවරුවට ලෙමන් යුශ හා දෙහි එකතු කරලා ස්පොන්ජ් එකක් භාවිතයෙන් හොදින් පිරිසිදු කරන්න. ඊට පස්සේ  විනාඩි 10- 15ක් වේලෙන්න තියලා, නැවතත් ඒ දේම කරන්න.

14.දීප්තිමත් සුදු පැහැයක් සඳහා

ඔබේ සුදු රෙදි වඩාත්ම දීප්තිමත් කරගැනිමට නම්, රෙදි සේදීමට පැය භාගයකට වත් පෙර ලෙමන් යුශ සහ  බේකින් සෝඩා එකතු කර සාදාගත් මිශ්‍රණයක ගිල්වා තබන්න.

13.මැනිකියුව්/ Manicures

කාන්තාවන් අතර නම් මේ වචනය හරිම ජනප්‍රියයි. සරලව කිව්වොත් මෙතනින් කියන්නේ දෑත් පිරිසිදු කර ගැනීම. ඉතින් හරිම ලේසි. ලෙමන් යුශ හා උණුසුම් ජලය එකතු කරලා මේ වැඩේ හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. සැලොන් යන්න වේලාවක් නැති අපේ කාන්තාවන්ට නම් හරිම වටිනවා.

12.මුහුණේ ඇතිවන දුඹුරු ලප වලින් මිදෙන්න.

මේ ලප ඇති වෙන්නේ සම අධික ලෙස හිරු එළියට නිරාවරනය වීමත් හෝ වයස් ගත වීමත් සමග . ලෙමන් පෙත්තක් අරන් හීමිට මුහුණ පුරා අතුල්ලන්න . හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබේවි.

11, ආහාර ජීර්ණය පහසු කිරීමට

උදෑසන හි බඩම උණුසුම් ලෙමන් යුශ වීදුරුවක්, මී පැණි සමඟ පානය කරන්න. ආහාර ජීර්ණය පහසු කරන්න වගේම ප්‍රතිශක්තිකරණයටත් මනා රුකුලක් වේවි.

10. ආහාර මේසය මනාව පිළියෙළ කර ගැනීමටනම් ,

අතින් ආහාර ගන්න වේලාවකට නම් ඔබට පුළුවන් ලෙමන් යුශ භාජනයක් මේසයේ තබන්න.

9. ප්‍රබෝධමත් සුවඳවත් බවක් සදහා

මාළු පිනි ගබඩා කීරිමත් සමග ඔබගේ ශීතකරනයේ ඇතිවන පිළී ගදෙන් මිදෙන්නට හොඳම විසඳුමක් තම්යි මේ. ලෙමන් යුශ පොඟවා ගත් ස්පොන්ජ් කැබැල්ලක් මේසඳහා භාවිතා කරන්න ඔබට පුලුවන්.

8. වගාකිරීමට

විශේෂයෙන්ම කුඩා රිකිලි වගා කිරීමට ලෙමන් යොදා ගන්න පුළුවන්. මැද කොටස ඉවත් කරන ලද ලෙමන් බෑයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්.

7. සපත්තු වල ඇතිවන අප්‍රසන්න ගඳ ඉවත් කිරීමට

ලෙමන් පොතු කිහිපයක් සපත්තු තුලට දමා බලන්න.

6.ඉටි පන්දම් රඳවනයක් ලෙස

මැද කොටස ඉවත් කරන ලද ලෙමන් බෑයකට ඉටි වත් කරලා පහසුවෙන්ම මේ ඉටි පන්දම nනිර්මාණයකරගන්න පුලුවන් . ඉටි වත් කරන්න පෙර නුලක් එකතු කරන්න අමතක කරන්න එපා. සැරසිලි කටයුතු වලදි හැමදාම දකින දේට වඩා වෙනස් අපුරූ සුන්දරත්වයක් මේ නිර්ම ාණයරැගෙන එවි.

5.සෞඛය තත්වය සුරක්ශිත කිරීම සදහා

ලෙමන් යුශ විදුරු භාගයකට, පිරිසිදු ජලය දමා ඊට  , බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරන්න. සති දෙකක කාලයක් දිගටම සෑම උදෑසනකම මෙය පානය කරන්න. ඉන්පසු තවත් සති දෙකක් එම පානයෙන් වලකින්න. මෙයින් ඔබේ ජිර්ණ හැකියාව පහසු කිරීම,  අනවශ්‍ය කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කිරිම, පරිවෘත්තිය ක්‍රියා යාමනය ආදී ක්‍රියාවන් කිහිපයක්ම පහසු කරාවි.

4.මල නොකඩන වානේ පිරිසිදු කිරීමට

මේ සඳහා ලෙමන් පොතු සහ බේකින් සෝඩා භාවිතා කරන්න පුළුවන්.

3.පැල්ලම් ඉවත් කිරීම සඳහා

වර්ණක, පැල්ලම් කියන්නේ අපේ ගෘහණියයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ. කෑම උයන්කොට අත්වල ඇති වෙන කහට පැල්ලම් වගේම රෙදි වල තියෙන පැල්ලම් ඉවත් කරගන්නත් ලෙමන් උපකාරි කර ගන්න පුළුවන්. රෙදි වල පැල්ලම් ඉවත් කර ගන්න කලින් නම් රෙදි සීතල වතුරෙන් සොදා ගන්න ඕනිමයි.

2.කෘමීන් ගෙන් මිදෙන්න.

කුඹි, මදුරුවෝ වගේ කුඩා කෘමින්ගෙන් මිදෙන්න හොඳම විසදුමක් තමයි මේ. ලෙමන් බෑයක් අරගෙන මේ රූපේ විදියට කරාඹු නැටි කිහිපයක් එකතු කරන්න.

1.අත් යට කළු පැහැයෙන් මිදෙන්නට නම්,

මේකත් අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් නේ, නාන්න කලින් ලෙමන් කැබැල්ලකින් අත් යට අතුල්ලන්න. දවස් 7කින් ඔබට හොද ප්‍රතිඵල ලැබේවි.

උත්සහ කරලා බලන්න. ඒ වගේම අදහස් අපි සමඟ බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
5
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
62
වටිනවා

ලෙමන් ගෙඩියෙන් කරන්න පුලුවන් දේවල් 16ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!