මෙම බුදු වදන් 25 තුලින් ඔබේ ගැටලු, කරදර වලට යම් සහනයක් ලැබෙයි


නුතන සමාජයත් සමඟ ගණුදෙනු කරන අපි හැමෝටම ගැටලු ,කරදර , හිත්  රිදීම් නම් ඕනෑ තරම්. මේ ප්‍රශ්න වලට අපේ මිනිස්සු  පිළිතුරු හොයන විදිය ගැන නම්  සෑහීමකට පත් වෙන්න බෑ.  පැහැරගැනීම් , මංකොල්ලකෑම්, ජිවිත හානි කිරිම් ගැන දැන් නිතර දෙවෙලේ අහන්න දකින්න ලැබෙනවා.  ඉතින් මේ ප්‍රශ්නයට පුංචිම හරි විසඳුමක් ලබා දෙන්න අපිත් හිතුවා.

ගැටලු කරදර මේ හැමදේටම පිළිතුරු තියෙන තැනක් තමයි බුදුදහම කියන්නේ. බුදුන් වහන්සේගේ අලංකාර සමාජ සහජීවන ඉගැන්වීම් ගැන ඇති තොරතුරු වලින් බිඳක් සරලව ඔබ හමුවට ඉදිරිපත් කරන්න අපි තීරණය කලෙත් අන්න ඒ හේතුව නිසාමයි. ආගම් ජාති භේදයකින් තොරව ඔබේ ප්‍රශ්න, හිත් රිදවිම් වලට පිළිතුරක් මේ සරල කරුණු 25න්  ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

1.සාමය, සහජීවනය පැමිණිය යුත්තේ තමා තුලින්මය. එසේ නොමැති නම් අනුන් තුලින් එය නොසොයන්න.

2.ඔබේ සිත පිරිසිදු නම්, සතුට ,ප්‍රමෝදය නිරන්තරයෙන් ඔබව ලුහුබැඳ එවි.

3.හැමදේටම මුල් වෙන්නේ සිතුවිල්ල. සිතුවිල්ල තමයි ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා තීරණය කරන්නේ.

4.යහපත් මානසික හා ශාරිරක සෞඛ්‍යක රහස වන්නේ , අතීතය ගැන වැළපීමවත් අනාගතය ගැන දුක් වීමවත් නොවේ. ඒ වර්තමානයේ ඥානවන්තව ජිවත් වීමයි.

5.ක්‍රෝධය, පළිගැනීම යනු , ඉතා උනුසුම් ගිනි අඟුරු කැබැල්ලක් තමාගේ අතින්ම අල්ලාගෙන අනෙකා දෙසට විසි කිරීම වැනිය. මුලින්ම දැවෙන්නේ තමාය.

6. ඔබට ලැබුණ මේ  ජීවිතයේ  තේරුම වන්නේ  ඔබේ අරමුණ සොයා ගැනීම හා ඔබේ මුළු හෘදයම හා ආත්මයම  එයට  ලබා දීමයි.

7.මෝඩයෙකු තමා කරේ මෝඩ වැඩක් යැයි දන්නවා නම් එය ඥානවන්තකමකි. නමුත් මෝඩ වැඩක් කර එය ඥානවන්ත වැඩක් ලෙස පුරසාරම් දොඩයි නම් ඔහු වචනේ පරිසමාප්තියෙන්ම මෝඩයෙකි.

8.සෑම දිනයකම ආරම්භක් සමඟ අපි ජිවිතයේ නැවත අලුතින් උපදිනවා. ඔබ අද කරන දේ මත බොහෝ දේ රදා පවති. එමනිසා අතීතය ගැන පසුතැවිලි නොවන්න.

9. රාගය තරම් ගින්නක් තවත් නැත. එය නිරන්තරයෙන් ඔබව දවාවි. වෛරය තරම් භයානක දෙයක් තවත් නැත. එසේම ලෝභය තරම් ඔබ පසුපස ලුහුබැඳ එන දෙයක් තවත් නැත.එය ඔබව සැම විටම දුකට ඇද දමාවි.

10.සතුට රදා පවතිනේ ඔබ වටා සිටින අය අනුවවත් ඔබට තියෙන දේ මතවත් නොවේ. එය රදා පවතින්නේ තනිකරම ඔබේ සිතුවිල්ල අනුවයි.

11.ඔබට දඬුවම් ලැබෙන්නේ ඔබේ තරහව නිසා නම් නෙවෙයි. ඔබට දඬුවම් ලැබෙන්නේ ඔබේ තරහව මගින්මයි.

12. සෑම දෙයක්ම තේරුම් ගැනිම හැකි නම් ,ඔබට  සෑම දේකටම සමාව දීමට හැකි වේවි.

13.බොහෝ වෙලාවට අපි අතින් නොසිතා වැරැදි වෙනවා. නමුත් වැරදි දේ කරලා හරි විදියට දකින එකයි , හරි දේ නරක විදියට දකින එකයි තමයි ලොකුම වැරද්ද.

14.වෛරය කිසිදිනෙක වෛරයෙන්ම නිමාවට පත් වන්නේ නැත.වෛරය නිමා වන්නේ මෛත්‍රීයෙන්,අදරයෙනි, කරුණාවෙනි.

15. අපිට ලැබෙන, නොලැබෙන සෑම දෙයටම හේතුව වන්නේ   අපේ චින්තතනය හා සිතුවිල්ලයි.

16.සතුටින් ජිවත් වීමේ රහස තමයි ඉදිරිය ගැන වත් අතිතය ගැන වත් කලබල හා පසුතැවිලි නොවීම. අනාගතය වෙනස් කරන්න අපිට බැරි වෙවි. නමුත් ඒ ගැන වද නොවන තාක් කල් වර්තමානය බොහෝ සෙයින් සාමකාමී වෙවි.

17.සතුට වෙත යන්න මාර්ගයක් නෑ. සතුට තමයි එකම මාර්ගය

18.වේදනාව අපිට වළක්වන්න බෑ. නමුත් ඉන් විදවීම නම් ඔබේ තොරා ගැනිමක්

19.තමන්ට ලැබි ඇති දේ ගැන අගයක් නැති පුද්ගලයා වෙතට සතුට කිසි විටක ලඟා වෙන්නේ නැත.

20.ඉටි පන්දම්  දහස් ගනනක් දල්වන්නට එක ඉටි පන්දමක් ප්‍රමාණවත්.  නමුත් එය ඉටි පන්ක්මට ඇති  ආයු කාලය කෙටි වීමට හෙතුවක් නොවේ. සතුටත් එසේමය. බෙදා ගැනිමෙන් අඩු නොවේ.

21.ඔබ විශක් නොඅල්ලන තාක් කල් ඔබ සුරක්ෂිතය. හේතුවක් නැතුව විශ ඔබට පහර නොදෙයි. ඒ වගේම ඔබ නපුරු ක්‍රියා නොකරන තාක් කල් නපුරෙන් ඔබට ගැටලුවක් නැත.

22.ස්වයං දියුනුවක් නොමැති කම දක්ශ මිනිසෙකු පවා ඉක්මනින්ම මොඩයෙක් කරනවා.

23. ඇළ මාර්ග ඉදිකරන්නන් ගගේ මාර්ගය වෙනස් කරනවා, දුනුවායන් ඉලක්කය දෙසට ඊතලය වෙනස් කරනවා, ඒ වගේම වඩුවන් තමන්ගේ අවශ්‍යතාවයට අනුව ලීයේ හැඩේ වෙනස් කරනවා. බුද්ධිමතුන් යහපත පිනිස තමාවම  වෙනස් කර ගන්නවා.

24.හිස් වචන දහසකට වඩා , අර්ථවත් එක් වචනයක වටිනාකම වැඩිය.

25.තමන්වම දිනා ගන්න. එවිට ඔබට අනෙක් හැමදේම පහසුවෙන් ජයග්‍රහණය කල හැකි වේවි.

ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇති කාලයයි මේ.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට පොඩි හෝ රුකුලක් වෙන්නයි, අපේ මේ උත්සහය.ඔබේ ජිවිතයත් යහපත පිනිස වෙනස් කලයුතු යමක් වේ නම් තව බිදක් වත් පමා වෙන්න එපා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
35
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
216
වටිනවා

මෙම බුදු වදන් 25 තුලින් ඔබේ ගැටලු, කරදර වලට යම් සහනයක් ලැබෙයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!