ලෝකේ වයසින් අඩුම රැවුලක් ඇති තරුණිය තමයි මේ


Harnaam Kaur  කියන්නේ අවුරුදු 25ක තරුණියක්. ඇය උපත ලැබුවේ බිත්‍රාන්‍යයේ. හැබැයි මේ සමාන්‍ය තරුණියක් නම් නෙවේ. මෙයාගේ තියෙන  විශේෂත්වය තමයි මෙයා තමයි දැනට ලෝකේ ඉන්න ලබාලතම රැවුලක් තියෙන තරුණිය වෙන්නේ.  ඇයගේ තියෙන අපූරු ඡායාරූප එකතුව නිසා ඇය මේ වන විට Instagram තරුවක්. Harnaam ගේ මුහුනේ  අඟල් 6ක පමණ රැවුලක් තියෙනවා.

ඇයගේ  මුහුණේ මේ වගේ රැවුල වැවෙන්න පටන් ගත්තේ , Harnaam ගේ ශරිරයේ ඇතිවුන හොර්මෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් සමඟයි. Harnaam මේ පිලිබඳව මුලින්ම දැන ගත්තේ ඇයට වසර 11ක් වෙනකොට. එතැන් සිට ඇයගේ මුහුනේ, පපුවේ හා අත් වල රෝම වැවෙන්න පටන් ගත්තා. ඇයට වැලදුන රෝගී  තත්වය වෙන්නේ, polycystic ovaries. මෙහෙදි වෙන්නේ කාන්තාවකගේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හොර්මෝන මට්ටම සංතුලනය නොවීම.

මේ වගේ දෙයක් තරුණියකට වුනාම සමාජයෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද? ඔව්, ඔබ සිතුවා හරි  ඇයටත් මිනිසුන්ගේ නොයෙක් උසුළු ,විසුළු වලට මුහුණ දෙන්න උනා.  නමුත් එවායින් Harnaam ගේ ගමන නැවතුනේ නෑ. මුලදි කරදරයක් උනත් ,Harnaam ට දැන් නම් ඇගේ පෙනුම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.

ඇය මේ වන විට මෝස්තර නිරූපන ශිල්පිණියක්. 2015 වර්ෂයේ ලන්ඩන්වල පැවති London Fashion Week තරඟයට රැවුලක් ඇතිව ඉදිරිපත්වුණු එකම තරඟකාරීය මැයයි. ඊට පෙර ඇය ගුරු සහයිකාවක් විදියටත් සේවය කරා.

ඇයගේ ඡායාරූප පමනක් නෙවේ. ඇය මේ වන විට ප්‍රසිද්ධ  කථිකයෙක් . ඇයගේ දිරි ගන්වන සුළු කතාවන් මේ වන විට හරිම ප්‍රසිද්ධයි.ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
10
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
18
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
12
ඇඩෙනවා
වටිනවා වටිනවා
15
වටිනවා

ලෝකේ වයසින් අඩුම රැවුලක් ඇති තරුණිය තමයි මේ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!