පරිසර දූෂණය ගැන කියන්න මීට වඩා නම් හොද උදාහරණ තව නැතුව ඇති


දශක ගණනාවක් තිස්සේ දියුණුව සොයා දුවන ගමනේදි මනුශ්‍ය වර්ගයා අතින් සිදු වෙලා තියෙන විශාලතම වැරැද්ද පරිසර දූෂණය කිව්වොත් ඇත්තටම නිවැරදියි. මේ අතපසුවීම නිසා පෘථිවිවාසි සියලුම ජීවීන්ට මේ වෙනකොට ගැටළු ගණනාවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි ගෝලීය උෂ්ණත්වය ඉහල යාම. මේ විනාශය ගැන හොදින්ම පෙන්වන පහල තියෙන ඡායාරූප ටික ඇත්තටම ඔයාව කම්පාවට පත් කරයි.

1. පාරක් හදා ගන්න කරන උත්සාහය.

ඉහත තියෙන පින්තූරයෙන් පෙන්වන්නේ පැසිෆික් සාගරයේ එකතු වෙලා තියෙන විශාල කුණු කසල තොගය වන අතර වර්තමානයේදි එය “මහා පැසිෆික් කසල පැල්ලම” යන නමින් ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ කසල ගොඩේ ප්‍රමාණය හරිහැටි කිව නොහැකි අතර චන්ද්‍රිකා ඡායාරූප මගින් එය උතුරු පැසිෆික් කලාපය පුරාම පැතිර තියෙන බව පෙනෙනවා.

 

2. කසළ හරහා හුස්ම ගැනීම.

මේ කසළ බැහැර කිරීම සදහා නිතිපතා භාවිතා කරන ඉන්දියාවේ යමුනා ගගේ පින්තූරයකුයි. පින්තූරයේ සිටින පිරිමි ළමයා එය හරහා පීනන්න උත්සාහ කරන බව තමයි පෙනෙන්නේ. මිනිස්සුට ඔවුන් කරන ක්‍රියාවල ප්‍රතිවිපාක ගැන කවදා නම් අවබෝධ වෙයිද?

 

3. කසළ මුහුද.

මෙය කැරිබියන් දූපතේ ඉතාම දූෂිත කොටසයි. මේ ප්ලාස්ටික් අපද්‍රව‍ය දේශීය මොන්ටිගුවා ගගේ සිට අධික වැසි හේතුවෙන් සාගරයට ගසාගෙන පැමිනෙන බවයි පැවසෙන්නේ.

 

4. අවසාන එක ආරක්ෂා කිරීමේ උත්සාහය.

අන්තිම අයිස් කැබැල්ල අත්හැරීමට අකමැත්තෙන් සිටින හිම වලසකු තමයි මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ. මේ හිම වලසා ආක්ටික් ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර අනෙකුත් හිමවලසුන් මෙන්ම ඔහුත් අයිස් දියවීමේ අර්බුධයට මුහුණ දීලා ඉන්නවා. CO2 විමෝචනය හා දූෂණය හේතුවෙන් සිදුවෙන උෂ්ණත්වය ඉහළ නැගීම නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. හිම වලසුන්ට දඩයම් කිරීමට, ආරක්ෂා වීමට, විවේක ගැනීමට වගෙම පෝෂණය වීමටත් මුහුදු අයිස් ඉතාම වැදගත් වෙනවා. එහෙම වුනාට මේ අර්බුදය ආර්ටික් වල ප්‍රදේශ 19කට පමන මේ වෙනකොට බලපාලා තියෙනවා.

 

5. මිය යන ගංගාව.

මේ චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ ලුයැන්ග් නගරයේ, දූෂිත ගංගාවක 2011 දෙසැම්බර් 13 දින ගන්නා ලද ඡායාරූපයකුයි. ගංගාවට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු වෙලා තියෙන්නේ, කම්හල් දෙකක් මගින් නීතිවිරෝධි ලෙස, වැසි ජල අපවහන නල මාර්ග දිගේ රසායනික ද්‍රව්‍ය ගංගාවට මුදා හැරීම නිසයි.

 

6. තෙල් විසින් දඩයම් කල සතුන්.

මෙතන ඉන්නේ කුරුල්ලෙක් කියන එකවත් පැහැදිලි කර ගන්න අපහසුයි නේද? මේ ලුසියානා වෙරළ තීරයට පිපාසය නිවා ගැනීමට පැමිනි කුරුල්ලෙකු ගල්ෆ් තෙල් කාන්දුවට සිරවෙලා තියෙන ආකාරයයි. මේ අහිංසක සත්වයන්ටත් අවාසනාවන්ත විදියට ඛේදජනක ඉරණම් වලට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නෙ මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකාරම් නිසායි.

 

7. ගිලෙන දිවයින.

මේ රූපයේ බැලූ බැල්මට කිසිම වැරැද්දක් තියෙනවා කියලා ඔයාට හිතා ගන්න බැරි වෙයි.නමුත් මේ දේශගුණික විපර්යාස වගෙම පරිසර දූෂණය හේතුවෙන් ඉදිරි වසර 50 ඇතුලත සම්පූර්ණයෙන්ම ගිලී යාමට නියමිත මාලදිවයින් දූපතකුයි.

 

8. අසරණ බව ගැන වෙන උදාහරණ මොකටද.

දූෂිත ජලය පානය කරන පොඩි දරුවෙක් තමයි ඉහත ඡායාරූපයේ සිටින්නේ. චීනයේ යුවාන් ප්‍රාන්තයේදි 2009 මාර්තු 20දා තමයි ඡායාරූප ශිල්පියෙකු විසින් මේ ඡායාරූපය අරගෙන තියෙන්නෙ. පරිසරයට වෙලා තියෙන විපත පෙන්වන්න මීට වඩා උදාහරණ වුවමනා නැහැ නේද?

 

9. මුහුණු ආවරණ යුගය.

A woman wearing a mask walk through a street covered by dense smog in Harbin, northern China, Monday, Oct. 21, 2013. Visibility shrank to less than half a football field and small-particle pollution soared to a record 40 times higher than an international safety standard in one northern Chinese city as the region entered its high-smog season. (AP Photo/Kyodo News) JAPAN OUT, MANDATORY CREDIT

මේ ඡායාරූපයත් චීනයේ පරිසර දුෂණය පෙන්වන තවත් උදාහරණයක්. උතුර චීනයේ නගරයක වායු දූෂණ මට්ටම අන්තර්ජාතික ආරක්ෂණ ප්‍රමිතීන්ට වඩා 40 ගුණයකින් වැඩි වී තිබෙන තත්වයක තමයි මිනිසුන් මෙසේ ආයාසයෙන් හුස්ම ගන්නේ.

 

10. දැවැන්ත ශෝකය.

අන්හුයි පලාතේ ඇන්කින් හි කඩදාසි කම්හල මගින් යංග්ස් ගංගාවට දැවැන්ත ලෙස අපද්‍රව්‍ය බැහැර කරන ස්තානය තමයි මේ. චීනය පුරා සිදු කරන මේ දැවැන්ත ජල දූෂණය පිලිබද චීන රජයේ අවදානය මීට වඩා යොමු විය යුතුයි නේද.

 

11. චීන මහා ප්‍රාකාරයට මොකද වෙලා තියෙන්නේ.

ලෝක පුදුම 7න් එකක් වෙන චීන මහා ප්‍රාකාරයේ දූෂණය ආරම්භ වෙන එක ස්තානයක් තමයි මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ. මේ අයුරින්ම කාලයක් ගියොත් චීන මහා ප්‍රාකාරයට වඩා විශාල කුණු කන්දක් එකතුවෙන එක කිසිවෙකුට නතර කරන්න නොහැකි වෙයි.

 

12. හරිත උගුල.

මේ වෘක්ෂලතා නම් නෙමෙයි… මේ චීනයේ කිංඩාවෝ වෙරළ තිරය වසාගෙන පැතිර තිබෙන ඇල්ගී විශේෂයකුයි. 2011 වර්ෂයේදි මේ ඡායාරූපය ගෙන ඇති අතර සාගර, ගංගා හා විල් ආක්‍රමණය කරමින් වර්ධනය වෙන මේ ඇල්ගී විශේෂය පිලිබද ලෝක පරිසරවේදින් බියකරු අනාවැකි පලකර සිටිනවා.

 

13. ගංගාවක් මත පෙණ සෑදීම.

බැලූ බැල්මට මේ ඡායාරූපය සිහිනයක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඒක සිහිනයක්වත් වළාකුළු මත සිට ගෙන සිටීමක්වත් නෙමෙයි. මේ ඉන්දියාවේ සුවහසක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන යමුනා නදියයි. එහි දූෂණය උපරිම මට්ටමට ගොස් ඝන පෙණ තට්ටුවක් සෑදීමට තරම් විනාශය දරුණු වී තියෙනවා.

 

14. දූෂණය දෝතට ගෙන.

මේ පින්තූරයෙන් පෙන්වන්නේ චීනයේ චෝහු ප්‍රදේශයේ ගංගාවකින් ධීවරයකු ජලය දෝතක් දෑතට ගෙන ඇති ආකාරයයි. පේනවනේ ජලයේ තත්වය. මේකට හේතු වෙලා තියෙන්නේ පරිසර දූෂණය නිසා ඇති වෙන ඇල්ගී ආක්‍රමණයයි. ජල දූෂණය නිසා මේ වෙනකොට ජලජ ජීවීන් ශෝකජනක ඉරණමකට මුහුණපා තියෙනවා වගෙම මිනිස් සංහතියටත් ඒ ඉරණමට මුහුණ පාන්න වෙන දවස වැඩි ඈතක නැහැ.

 

15. මිය ගිය මාළු.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි ගුවානබාර බොක්කේ දූෂිත ජලය හේතුවෙන් මසුන් මියගොස් ජලයේ පාවෙන ආකාරයයි.

 

16. තෙල් ස්නානය.

මේ පින්තූරයේ සිටින්නේ චීනයේ ඩැලියා හි තෙල් පිරිපහදු පිරිසිදු කරන සේවකයෙකුයි. මේ සිදු වීම 2010 දි සිදු වෙලා තියෙන අතර එහිදි දැවැන්ත තෙල් නළ 250ක් පමන පුපුරා ගොස් වර්ග සැතපුම් 500ක් පුරා තෙල් කාන්දුව පැතිරිලා තියෙනවා.

ඉතින් මේ ඡායාරූප බලනකොට අනාගතයේ දවසක අපිට මුහුණ පාන්න සිදු වෙන ඛේදජනක ඉරණම ගැන හිතා ගන්න පුලුවන් නේද? රටක ආර්ථික දියුණුව වැදගත් දෙයක් වුනත් පරිසරය දූෂණය කරමින් ලබා ගන්න දියුණුවේ ඇති ප්‍රයෝජනය නිශ්ඵලයි. ඒ නිසා හැම දෙයකටම වඩා ස්වභාවධර්මය සුරැකීමට මුල් තැනක් ලබා දිය යුතුයි. මේ ගැන ඔයාගේ අදහස් comments කරන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
0
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
28
ඇඩෙනවා
වටිනවා වටිනවා
10
වටිනවා

පරිසර දූෂණය ගැන කියන්න මීට වඩා නම් හොද උදාහරණ තව නැතුව ඇති

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!