දරුණු සිදුවීමකට පෙර ගත් අමතක නොවන ඡායාරූප 20 ක්


අපට යම් දෙයක් එක් තත්පරයකින්  ඡායරූපයකට හසු කරගන්න පුළුවන්. සැබෑ ජීවිතයේ කුමක් සිදු වුනත්  ඡායරූපය එලෙසම පවතිනවා. අද අපි අරන් ආපු ඡායාරූප 20 , මේ කතාව ඔබට ඔප්පු කරලා පෙන්නයි.

ගුවන් යානය

මෙය මැලේසියානු ගුවන් යානාවකදී ලබාගත් ඡයාරූපයකි. යුක්‍රේන්හි නැගෙනහිර අහසේ පියාසර කරමින් සිටි අතරතුර ගුවන් ප්‍රහාරයකට හසුව මඟින් 283 ක් සහ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. එයට හේතුව වූයේ රුසියාවේ නොනවත්වා පැවතුන කලබලය සහ බෙදුම්වාදීන්ගේ වැඩ පිළිවෙලන්.

Pavel Kashin

එදා Freerunner Pavel Kashiට වෙනදා වගේම සාමාන්‍ය දවසක් . ඔහු හිතන්නේ වත් නැතුව ඇති  ඇති ඔහුගේ මේ රඟ දැක්ම භයංකාර අනතුරක් වෙයි කියලා . මේ තමයි ඔහු ජීවත්ව සිටිනා කාලයේදී මිය යාමට ප්‍රථම පසු කරනමක රංගනයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී ලබාගත් ඔහුගේ අවසාන ඡායරූපය.

 

Kelly පවුල

මේ, සැප්තැම්බර් 10 වෙනි දින නිව්යෝර්ක්හි පැවති එල්ලේ ක්‍රීඩාව සමඟ Kelly පවුල විනෝද වන අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක්. අවාසනාවක මහත නම්, ඊට පසු දින එනම් සැප්තැම්බර් 11 වනදා, ඔවුන්ගේ පියා මිය යාමයි.

Etna ගිනි කන්ඳ

Etna ගිනි කන්ඳ කියන්නේ, ලෝකයේ තියෙන සක්‍රීය ගිනි කඳු අතරින් එකක්. මේ ඡායාරූපයෙන් දිස්වෙන්නේ ඉතාලියේ හි Sicily වලට, සක්‍රීය වූ Etna ගිනි කන්ඳ පෙනෙන අයුරුය. එහි ක්‍රියාකාරීත්වය බොහෝ අවස්ථාවන්හි පවතින්නේ ස්ථායී අවස්ථාවේ ය.

Paul Walker

මේ ඡායාරූපය Paul Walker අරගෙන තිබුනේ 2013 වර්ශයේ නොවැම්බර් 30 වනදාය. මහත් ඛේදවාචකයකට මුහුණ දෙමින් Paul Walker දැයෙන් සමුගත්තේත් මේ දවසේමයි

Robert

Robert Overacker උත්සාහ කලේ Jet-ski එකක් භාවිතයෙන් නයගරා දිය ඇල්ලෙන් පැන ගෙවල් නොමැති බව කණගාටුවට කරුණක් නොවන බව අන් අයට අවධාරණය කරන්නයි. නමුත් ඔහුගේ අවාසනාවට පැරිෂුටය ක්‍රියාත්මක නොවූ අතර, රෝහල් ගත කර පැයකින් ඔහු මෙලොව හැර ගියේය.

 

අජටාකාශගාමීන්

මෙය අජටාකාශගාමීන් Challenger අභ්‍යවකාශ යානාවට පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයකි. එම යානාවේ වේගය නිසා එය අභ්‍යවකාශ ගත වී තත්පර 73ක් ඇතුලත එහි සිටි සියළු දෙනාද සමඟින් සුනු විසුනු වී ගියා. මිය ගිය අය අතර අභ්‍යවකාශයේ ප්‍රථම ගුරුවරයා වූ Christs McAuliffe ද විය.

Titanic

ඉදිකිරීම් සිදුවන මේ කාල සීමාවේ දී නිමැවුනු විශාලතම සහ එකම නැව තමයි Titanic කියන්නේ. ඒ වගේම ඔවුන් මෙය හැඳින් වූයේ “කවමදාවත් ගිලෙන්නෙ නැති නැව” ලෙසය. මේ තමයි Titanic නැව ගිලෙන්න පෙර ඒ කියන්නෙ 1912 අප්‍රේල් 14 වන දිනට පෙර ලබාගත් අන්තිම ඡායාරූපය.

ජාතිද්‍රෝහියා

මේ ඡායාරූපය අරගෙන තිබුනේ 1944 දෙවන ලෝක යුධ සමයේ සෝවියට් ගරිල්ලන් කණ්ඩායම ඔවුන්ගේ ජාතිද්‍රෝහියා නීත්‍යානුකූලව මරා දමන අවස්ථාවේ දීය.

හිම මත සරඹ

මේ තමයි 1961 වර්ශයේ දී හිම මත සරඹ තරගයට  ඇමරිකා එක්සත් ජනපදයෙන්  වලින් ඉදිරිපත් වී සිටි සම්පූර්ණ කණ්ඩායම. Star-spangled නාමයෙන් පිදුම් ලත් මේ ක්‍රීඩකයින්ගේ එකම අරමුණ වූයේ 1961 වර්ෂයේ Prague හි පවතින  ලෝක ප්‍රසිද්ධ ‘හිම මත සරණ’ තරඟාවලියේ ජය අත්පත් කර ගැනීම යි. නමුත් ඒ සිහිනය අග්නිජාලාවක් මෙන් ඇවිලී ගියේ, ගුවන් යානාව බෙල්ජියම් හිදී කඩා වැටීමත් සමඟය. ඒ අනතුරෙන් මිනිසුන් 72ක් මිය ගියේ ය.

James Dean

මේ තමයි James Dean ජීවත්ව ඉන්නා කාලයේදී ඔහුගේ Porsche වර්ගයට අයත් 550 Spyder කාර් එක සමඟ අවසන් වරට ලබාගත් ඡායාරූපය. ඔහුගේ ඉරණම මේ රථය තුළම විසඳෙමින්, අවාසනාවන්ත ලෙස අප අතරින් සමු ගත්තේය.

John Lennon

Beatle John Lennon  ට වෙඩි වැදුන දවසේ, සමරු පොතක ඔහු සමරු සටහන් තබමින් ඉන්නා අවස්ථාවේ දී ලබා ගත් ඡායාරූපය තමයි මේ. කවුද එතකොට අර  John Lennon  ට පිටුපසින් ඉන්න පුද්ගලයා ? ඒ තමයි Mark David Chapmen. John Lennon  ගේ අවාසනාව හෙවත් මිනී මරුවා.

Robin Williams

Robin Williams, ඔහුගේ ජීවිතය 2014 වර්ෂයේ දී ඔහු විසින්ම රැගෙන යාමට ප්‍රථම, ඔහුගේ රසිකාවියක සමඟින් අයිස්ක්‍රීම් සාප්පුවකදී ලබාගත් අවසාන ඡායාරූපය තමයි මේ. බලන්න ඔහු ඔහුගේ ජීවිතය වෙනුවෙන් මොළයේ හට ගන්නා Lewy Body Disesse (LBD) යන රෝගයට විරුද්ධව සටන් කල ආකාරය. ඇත්තම කිව්වොත්, එය එක්තරා ආකාරයක ‘මානසික රෝගයක්’.

Dave Sanders

William Dave Sanders කියන්නේ Columbine හි පරිඝණක හා ව්‍යාපාර ගුරුවරයෙක්. ඔහුට අවාසනාවන්ත ලෙස ඔහුගේ ජීවිතයෙන් සමුගන්න සිදු වුනේ  Columbine උසස් පාසලේ සිදු වූ සමූල ඝාතන අවස්ථාවේදී ය. ඔහු පාසලේ මුරකාරයන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව වෙඩිකරුවන්ගේ මාර්ගයෙන් පාසැල් ළමුන් 100 කට වඩා බේරා ගත්තා.

Ebola

මෙය Ebola වසංගතය පළමු වරට එනම් 1976 වර්ශයේ පැතිරෙමින් තිබෙනා අවස්ථාවේදී Mayinga N’Seka හෙදිය ඇයගේ රෝගියෙකුට ප්‍රතිකාර කරනා අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයකි. අවාසනාව නම්, දවස් කීපයකට පසු ඇයද එම රෝගයට ගොදුරු වීමෙන් මිය යාමයි.

Mt. Everest

මේ තමයි 1924 දී George Mallory සහ Sandy Irvine එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට දැරූ උත්සාහයේදී ගවේශකයන් විසින් ලබාගත් අවසාන ඡායාරූපය. අවාසනාව නම්, මේ දෙදෙනාගෙන් එක් අයෙකුටවත් නැවත පණ පිටින් පැමිනීමට නොහැකි වීමයි.

Martin Luther King Jr.

මේ ඡායාරූපයෙන් දිස් වන්නේ Martin Luther King Jr.  තම නවාතැන් පොළෙහි, තුන් වන මහලේ පිහිටි ඔහුගේ කාමරයේ බැල්කනියේ සිට පිටත නරඹන අවස්ථාවකි. Lorraine නම් මේ නවාතැන පොළ පිහිටා තියෙන්නේ Tennessee හි Memphis නගරයේ ය. ඊට පසු දිනයේ ම මෙම ස්ථානයේ දී වෙඩි කරුවෙකුගේ වෙඩි පහරින්, මේ බැල්කනියේ දීම අවාසනාවන්ත ලෙස ඔහු මරණුවට පත් විය.

Into The Wild

Christopher McCandless  තමාවම මේ ආකාරයට ඡායාරූපයට නතු කර ගත්තේ ඉතා ප්‍රසිද්ධ මං සලකුණක් තිබෙන මනුෂ්‍යය වාසයක් නොමැති Alaskan වලදී ය. අවසානයේ ඔහු එහි දී ආහාර නොමැති කම නිසා 1992 වර්ෂයේ අගෝස්තු මස මිය ගියා. ‘Into The Wild’ නම් චිත්‍රපටයට පාදක කොට ගෙන ඇත්තේ Christopher McCandless ගේ මේ ජීවන කථාව යි.

Ayano Tokumasu

බලන්න මේ ඡායාරූපය පිටුපසින් ඉන්න Ayano Tokumasu නම් ජපන් ජාතික දැරියව. මේ තමයි ඇයගේ ජීවිතය අවසන් වීමට මොහොතකට පෙර ලබා ගත් අවසන් ඡායාරූපය. ඇය මෙහි තිබෙන ගරාදි වැටෙන් ඕනෑවට වඩා එබී බැලීමට ගොස් නයගරා දිය ඇල්ලට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගියා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
5
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
6
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
42
ඇඩෙනවා
වටිනවා වටිනවා
17
වටිනවා

දරුණු සිදුවීමකට පෙර ගත් අමතක නොවන ඡායාරූප 20 ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!