Maliban Sri lanka

විශ්වාස කිරීමට අපහසු පෘථිවිය මත ජීවත් වෙන අමුතු විදියේ දුර්ලභ සතුන් 10 දෙනෙක්


සොබාදම් මව සැමවිටම පුදුමාකාරයේ අපුරූ විස්මයන්ගෙන් පිරී තිබෙනවා. පෘථිවිවාසි බුද්ධිමත්ම ජීවින් කොට්ඨාශය වෙන, මිනිස් වර්ගයා වන අපිට පවා මේ මහපොළව මත තිබෙන සෑම දෙයක්ම තවමත් අධ්‍යනය කිරීමට හෝ සොයා ගැනීමට පවා හැකි වෙලා නැහැ. මේ නිසා පෘථිවිය මත තවමත් කිසිම කෙනෙක් කිසිදිනෙක දැක නැති සත්ව කොට්ඨාශ බොහෝ ප්‍රමානයක් සැගවී ඉන්න පුලුවන්. ඉතින් අපි අද ඔබට විස්තර අරගෙන ආවේ එවැනි මීට පෙර ඔබ අසා නැති දුර්ලභ ගණයේ වෙනස්ම ජීවීන් 10 දෙනෙක් පිලිබදයි.

1. ඉලි පිකා (Ili Pika)

මේ හුරුබුහුටි අමුතු පෙනුමක් තියෙන සත්වයා ‘මැජික් හාවා’ යන අන්වර්ත නාමයෙන් ද හඳුන්වනවා. මෙම සත්වයාව මෑතකදී ඡායාරූප ගත කරනු ලැබුවේ වසර විස්සකට පසු පළමු වරටයි. ඔවුන්ව මුලින්ම සොයාගෙන තියෙන්නේ චීනයේ ටියාන් ෂාන් කඳුකරයේ දියි.

2. පිනෝකියෝ ගෙම්බා (Pinocchio frog)

මෙම සත්වයාව ‘ස්පයික්-නාස් ගස් ගෙම්බා’ යන නමින් ද හඳුන්වයි. මෙහිදී පිරිමි ගෙම්බෙක් ගැහැනු සතෙකු ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන විට හෝ අනතුරක් දැනෙන විට ඔවුන්ගේ නාසය පිනෝකියෝගේ ආකාරයෙන් දිගු වෙයි.

3. snub-nosed monkey

ලෝකයේ අතිශය දුර්ලභ මෙම සත්වයාව මුලින්ම සොයාගෙන තිබෙන්නේ 2010 වර්ෂයේදි උතුරු බුරුමයෙන්ය (මියන්මාරයෙන්). නාසයේ අසාමාන්‍ය හැඩය නිසා, මෙම වඳුරා වැසි වැටෙන අවස්තා වලදී නිතරම කිවිසුම් යවනු දකින්න ලැබෙයි.

4. රෝස අත් මාළු (pink handfish)

මීට වසර කිහිපයකට පෙර විද්යාඥයින් විසින් අත් වැනි වරල් සහිත මාළු විශේෂ 14ක් සොයා ගනු ලැබුවා. නමුත් මේ වන විට ඉන් නවයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

5. හොන්ඩුරාන් සුදු වවුලන් (Honduran white bats)

මධ්‍යම ඇමරිකාවේ වෙසෙන මෙම සුදු වවුලන් කොල වලින් සාදන ලද කූඩාරම් වල වාසය කරන අතර පළතුරු අනුභව කරයි. කෙසේ නමුත් ඔවුන්ට වර්ධනය වීමට හැක්කේ අඟල් 1.5 (සෙ.මී. 4.7) දක්වා පමනයි.

6. Grimpoteuthis (Dumbo Octopus)

ගැඹුරු මුහුදේ වෙසෙන මේ අමුතු පෙනුමැති සත්වයාට Dumbo Octopus යන අන්වර්තනාමය ලැබී තිබෙන්නේ ඔවුන්ගේ කකුල් අතර පටලයේ ඇති වරල් දෙක නිසායි. එය සුප්‍රසිද්ධ සජීවිකරණ චිත්‍රපටයෙ පියාසර කරන අලි ඩම්බෝගේ කනට සමාන වේ.

7. salp

සල්ප්ස් යනු ජලයේ CO2 පෝෂණය කර ඒවායේ විනිවිද පෙනෙන සිරුරු හරහා පොම්ප කරන ප්ලවාංග ටියුනිකේට් ය. ඔවුන් ජලයේ සහ වාතයේ කාබන් මට්ටම අඩු කිරීමට දායක වෙන නිසා අපි කවුරුත් මේ සත්ව විශේෂයට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

8. pink-eyed Caedicia

කැපී පෙනෙන, රෝස බෝංචි වැනි ඇස් ඇති මෙම තණකොළපෙත්තන් ජීවත් වන්නේ පැසිෆික් කඳුකරයේ මුලර් රේන්ජ් කඳුකරය ආශ්‍රිතවයි.

9. Cherax Pulcher

මෙම අපූරූ වර්ණවත් කකුළුවාව පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී සොයා ගන්නා ලදී.

10. ඇල්බිනෝ චීන මෘදු කැස්බෑවා (Chinese softshell turtle)

මෙම කුඩා කැස්බෑවන් ඔවුන්ගේ දිගු බෙල්ල සහ නළයක් වැනි නාස්පුඩු, ස්නෝකර්ස් ලෙස ජලය යට හුස්ම ගැනීමට භාවිතා කරයි.

11. Nendo tube-nosed fruit bat

අසාමාන්‍ය ලෙස කාරුණික පෙනුමැති ඇස් සහ නළ වැනි නාස්පුඩු සහිත මෙම හුරුබුහුටි වවුලාව 2009 දී පැපුවා නිව්ගිනියාවේ වනාන්තරවලින් සොයා ගන්නා ලදී. ඔවුන් ස්ටාර් වෝර්ස් චිත්‍රපටවල ජේඩි මාස්ටර්ට සමාන වීම නිසා ‘‍Yoda bat’ ලෙස අන්තර්ජාලය පුරා මේ වන විට ජනප්‍රිය වී තිබෙනවා.

12. ඇමසන් ගංගා ඩොල්ෆින්

ඇමේසන් ගංගා ඩොල්ෆින්, රෝස ගංගා ඩොල්ෆින් ලෙසද හඳුන්වනු ලබනවා. තරුණ වියේදී ලා අළු පැහැයෙන් යුතු මේ ඩොල්ෆින් සත්වයන් වයසට යත්ම රෝස පැහැයට හැරෙයි. මෙම ඩොල්ෆින් මිත්‍රශීලී හෝ පහසුවෙන් පුහුණු කළ නොහැකි බැවින් ඔවුන් ස්වභාවික පරිසරයෙන් පිටත දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් පමනයි.

13. යෝධ දැල්ලා

මේ ඡායාරූපය අන්තර්ජාල පරිශීලකයන් විශාල පිරිසක් කම්පනයට පත් කරන්න හේතු වුනත් පසුව එය ඵ්හොටොශොප් නිර්මාණයක් බව තහවුරු වී තිබෙනවා. නමුත් මෙයාකාරයේ යෝධ දැල්ලන් සැබෑවටම සාගර තුල වාසය කරන අතර ඔවුන්ගේ ගැහැණු සත්වයන් 13 (අඩි 43) සහ පිරිමින් සත්වයන් මීටර් 10 (අඩි 33) පමන දක්වා වර්ධනය වෙන බව වාර්තා වෙනවා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
12
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
52
වටිනවා

විශ්වාස කිරීමට අපහසු පෘථිවිය මත ජීවත් වෙන අමුතු විදියේ දුර්ලභ සතුන් 10 දෙනෙක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!