ලෝකේ පුරා විවිධ රටවල තහනම් කරලා තියෙන හිතා ගන්න බැරි අමුතු විදියේ දේවල් 10ක්


ලෝකේ තියෙන හැම රටකටම ඒ රටේ තියෙන පාලන තන්ත්‍රයට අනුව සැකසුනු නීති රීති පද්ධතියක් තියෙනවා. මේ නීති රීති පද්ධතියට ඒ රටේ සිටින දේශීය ජනතාව වගෙම වෙනත් රටවලින් පැමිනෙන විදේශීය ජනතාවත් අනිවාරෙන්ම අනුගත වෙන්න ඕනේ. කොහොම වුනත් පොදුවේ බොහෝමයක් රටවල දකින්න ලැබෙන සමාන්‍ය නීතී රීතී පද්ධති අතර ඇතැම් රටවල අපිට කිසිම දවසක විශ්වාස කරන්න අපහසු අමුතු විදියේ අසාමාන්‍ය නීති රීතීත් අන්තර්ගත වෙනවා. ඔය පහලින් තියෙන්නේ රටවල් කිහිපයක තියෙන එවැනි අසාමාන්‍ය නී*තී විරෝධී දේවල් එකතුවකුයි.

1. නත්තල් දිනයේ බිස්කට් අනුභව කිරීම තහනම්ය – එක්සත් රාජධානිය

1644 බ්‍රිතාන්‍ය පාලනය කල ඔලිවර් ක්‍රොම්වෙල් විසින් නත්තල් සැමරීම තහනම් කර තිබෙන්නේ ඔහු එය දුරාචාරයක් ලෙස සැලකූ බැවිනි. මෙහිදී ඔහු විසින් රසවත් බනිස් සහ බිස්කට් ආහාරයට ගැනීමට අමතරව නත්තල් සැමරීමේ බොහෝමයක් අංග නිල වශයෙන් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. කොහොම වුනත් ක්‍රොම්වෙල්ගේ මේ යල්පැනගිය විකාර නීතිය මේ වනතුරුත් අහෝසි කිරීමට කටයුතු කර නැති එක නම් කුතුහලය දනවනවා.

2. තල්මසුන් ස්පර්ශ කිරීම තහනම් – එක්සත් රාජධානිය

මේක එක්සත් රාජධානියේ තියෙන තවත් අමුතු විදියේ නීතියක්. මෙයට අනුව එක්සත් රාජධානියේ සිට සැතපුම් 3 ක අරයක් තුළ සිටින සියලුම තල්මසුන්, ඩොල්ෆින් සහ අනෙකුත් මුහුදු ක්ෂීරපායින් දෙවන එලිසබෙත් මහරැජිනගේ දේපලක් ලෙස සලකන බැවින් ඔබට ඒවා ස්පර්ශ කිරීම තහනම්ය. ඒනිසා එක්සත් රාජධානියට ගියොත් බැරිවෙලාවත් ඒ දේනම් කරන්න උත්සාහ කරන්න එපා.

3. දියේ ගිලෙන පුද්ගලයන් බේරා ගැනීම තහනම් – චීනය

චීනයේ තියෙන මේ අමුතු විදියේ නීතියට අනුව ඔබට දියේ ගිලෙමින් සිටින පුද්ගලයකු බේරා ගැනීමට උත්සාහ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. පුද්ගලයෙකුගේ ඉරණමට බාධා කිරීම දුරාචාරමය බව පවසමින් බිහිවි තිබෙන මේ නීතිය නැගෙනහිර දර්ශනය හා සම්බන්ධ වේ. කොහොම වුනත් සංශයවාදීන් පවසන්නේ චීන බලධාරීන් මෙම නියාමනය සමඟ ජනගහනය පාලනය කිරීමට උත්සාහ කරන බවයි.

4. දුම්රිය ස්ථානවල සිප ගැනීම නීති විරෝධී ය – ප්‍රංශය

දුම්රිය ස්ථානවල පෙම්වතුන්ට සිප ගැනීමට තනම් කර තිබෙන මෙම නීතිය ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ සමහර දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. 1910දී ප්‍රංශයේ දුම්රිය ස්ථාන වල පෙම්වතුන්ගේ සිප ගැණීම් නිසා දිගින් දිගටම දුම්රිය ප්‍රමාදවීම් සිදුවෙලා තියෙන අතර එමනිසා බලධාරීන් විසින් මෙම නීතිය ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. කොහොම වුනත් මේ දුම්රිය ස්ථානවල පිහිටුව තිබෙන විශේෂ “සිපගැනීමේ කලාප” වලදි පෙම්වතුන්ට තම අපේක්ෂාවන් ඉෂ්ඨ කර ගැණීමට පුලුවන්.

5. පරවියන්ට ආහාර ලබා දීම නී*තී විරෝධීය – ඉතාලිය

ඉතාලිය තුලදී පරවියන්ට ආහාර ලබා දීමට කටයුතු කරන පුද්ගලයන්ට රටේ නීතියට අනුව දඩමුදලකින් දඬුවම් ලබා දීමට කටයුතු කරයි. ඉතාලි බලධාරීන් විසින් කුරුල්ලන් සුන්දර පිළිම හා වාස්තු විද්‍යාත්මක ස්මාරක මත වසා ඒවා අපවිත්‍ර කිරීම වැළැක්වීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.

6. Kinder Surprise තහනම් – ඇමෙරිකා එක්සත් ජනපදය

ලෝක ප්‍රසිද්ධ මේ බිත්තර හැඩැති චොකලට් තහනම් කරන්න හේතුව මොකක්ද කියලා ඔබ දැන් කලපනා කරනවා ඇති. ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද නීතිවලට අනුව මේ රසවත් ආහාරය තහනම් කර තිබෙන්නේ ඒවා තුල තිබෙන සෙල්ලම් බඩු සිරවීම මගින් කුඩා දරුවන්ට අනතුරක් වෙනු ඇතැයි බියෙනි.

7. ඔබට මාරුකාසි වලින් පමනක් ගෙවීම් කල නොහැක – කැනඩාව

කැනඩාවේදී, ඔබට ඔබේ කැටය කඩා.. එහි තිබෙන කාසි වලින් කිසිම දෙයක් මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. කැනේඩියානු නීතියට අනුව යම් ගණුදෙනුවක් සිදු කරන විට කාසි වලින් කොපමන මුදලක් ගෙවීමට හැකිද යන්න පිලිබදව සීමාවක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබ nickels වලින් ගෙවනවා නම් සීමාව ඩොලර් පහකි.

8. ඔබේ බිරිඳගේ උපන් දිනය අමතක කිරීම නීති විරෝධී ය – සැමෝවා

පැසිෆික් දූපත්වල තිබෙන ස්වාධීන රාජ්‍යක් වන සැමෝවාහි ස්වාමි පුරුෂයන්ට ඔවුන්ගේ බිරිඳගේ උපන්දිය අමතක වෙන එක නම් ඒ තරම් සුභ දෙයක් නෙමෙයි. මොකද එම රටේ නීතියට අනුව යම් ස්වාමි පුරුෂයකුට ඔහුගේ බිරිඳගේ උපන්දිනය අමතක වුවහොත් උසාවිය ඉදිරියේදීම ඔහුට බිරිඳගේ අතට කෙලින්ම දඩ මුදලක් ගෙවීමට සිද්ද වෙනවා.

9. ඔබේ පච්ච පෙන්වීම තහනම් – ජපානය

බොහෝ ජපන් ජාතිකයින් පච්ච කලාව සදහා ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ජපානයේදී පච්ච කොටා ගන්නේ විවිධ අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයන් පමනයි. කොහොම වුනත් ජපානය තුල පච්ච කොටා ගැනීම තහනම් නීතියක් නැති වුනත්, හෝටල්, ව්‍යායාම ශාලාව, පොදු නාන ස්ථාන හෝ උණුසුම් හුමාලය නාන ස්ථාන දෘශ්‍ය පච්ච කොටා ඇති ගනුදෙනුකරුවන් තම ආයත වෙත පිළිගන්නේ නැහැ.

10. මුදල් පෑගීම තහනම්- තයිලන්තය

තායිලන්තයේ සංචාරය කරන ඔබ සිරගත වීමේ අවදානමෙන් මිදීම සදහා අනිවාරෙන්ම මේ නීතිය ගැන දැගෙන ඉන්න ඕනේ. මෙහිදී තායිලන්තය තුලදී යම් කාසියක් හෝ මුදල් නෝට්ටුවක් මත නැගී සිටීම සම්පූර්ණයෙන්ම තහනම්ය. තායිලන්තය යනු ගෞරවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන රටකි. එමනිසා ඔවුන්ගේ රජවරුන්ගේ සහ පාලකයන්ගේ රුව මුද්‍රණය කර තිබෙන මුදල් නෝට්ටුව සහ කාසි වලට ඔවුන් අතිශය ගෞරවය දක්වනවා. එමනිසා තායිලන්ත රජුගේ, රජපවුලේ හෝ පාලකයන්ගේ පින්තූර අන්තර්ගත වෙන ඕනෑම දෙයකට ගෞරව කරන්න මතක තියා ගන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
18
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
3
ලස්සනයි
විකාරයි විකාරයි
4
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
15
වටිනවා

ලෝකේ පුරා විවිධ රටවල තහනම් කරලා තියෙන හිතා ගන්න බැරි අමුතු විදියේ දේවල් 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!