භයානක සත්තුන්ගෙන් බේරෙන්න මේ ක්‍රම 12 භාවිත කරන්න


මෝරා

සුභ ආරංචියක් තියනවා. පෘථිවිය මත මොරුන් වර්ග 150ක් විතර ඉන්නවා. එයින් 20 දෙනෙකුට පමණයි අපිට පහර දෙන්න පුලුවන්. අනිත් මෝරුන් අපිව ආහාර විදියට සලකන්නෙ නෑ. නරක ආරංචිය තමයි, මෝරකු ඔබ ගැන උනන්දු උනොත් එයින් ගැලවිලා යාම නම් ලේසි වෙන්නෙ නෑ.

*මෝරුන්ව ආකර්ෂණය කර නොගැනීමට, ජලය තුල මුත්‍රා හෝ රුධිරය හෙලීමෙන් වලකින්න. ඔවුන්ට කිලෝමීටර ගනනාවක් දුරට ගද සුවද දැනෙනවා.

*ඔබට මෝරකු මුහුණට මුහුණ හමුවූවා නම්, ඔබ පිටුපසට හැරී නොපෙනී යන්නට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, ඔබ අනිවාරෙන් මෝරාගේ ගොදුරක් බවට පත් වෙන්නට පුලුවන්. ඒක නිසා සෙමින් යන්න.

*ඔබ මෝරාට ගොදුරු වී ඇත්නම්, මෝරාගේ ඇස් හා කරමල් ඉලක්ක කරන්න. එම කලාප සංවේදී ය.

කැන්ගරුවා

කැන්ගරුවාගේ ​​ප්‍රහාරයට ඔබ ලක්වෙන්නේ, ඔවුන්ගේ භූමිය ආක්‍රමනය කරනවා නම් පමණි. මෙම අවස්ථාව සත්වයාට තර්ජනයක් මෙන් දැනෙනවා. ගැටුම මඟහැරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:

*කැස්ස. කෙටි හා නිශ්ශබ්ද කැස්සක් රෝගාබාධ ලකුණක් ලෙස සලකනු ලැබේ. එසේ කිරීමෙන් ඔබට පහර එල්ල කිරීම වළක්වා ගත හැකිය.

*නැවත හැරී එන්න. ඔබ කුඩා වන නිසා, අවදානම අඩු වෙන්න පුලුවන්.

*නැවත හැරෙන්න එපා, දුවන්නත් එපා. ඔබ එසේ කරනවා නම් සත්වයාට ඉහල පිම්මක් පැන ඔබ අසලට ඒමට කරන පෙළඹවීමක් වෙන්න පුලුවන්.

සිංහයන්

ඔබ සිංහයෙකු හමු වී නම්, ඔහුගේ ඇස් දෙස බලන්න. ඔබේ පිටිපස්ස හරවන්න එපා. එමෙන්ම ඔබේ ඇස් ඉවතට ගන්නත් එපා. අක්ශි සම්බන්දතාවය නිසා විලෝපිකයා පහර දීමට ටිකක් වෙලා යනවා.

*විශාල පෙනුමක් ඇති කරන්න. ඔබේ අත් හෝ ජැකට් ඔසවන්න. ඔබේ විශාල හා භයානක පෙනුමක් තිබේ නම්, විලෝපිකයා සම්බන්ධතා වලක්වා ගැනීමට උත්සාහ කරනු ඇත.

*තරමක් හුරුබුහුටි සහ විශ්වාසී හඬකින් සිංහයා සමඟ කතා කරන්න. එසේම, ශබ්ද වලින් හෝ හස්ත මුද්‍රාවෙන් යමක් පවසන්න. මෙම ආකාරයේ හැසිරීම ගොදුරක් සඳහා සාමාන්ය වෙන්නෙ නෑ. එවිට සත්වයා නොමග යන්නට මෙන්ම ඔබෙන් ඉවත්ව සිටීම සුදුසුයි කියා සිතන්නට පුලුවන්.

අලියා

අලි ඇතුන් බුද්ධිමත් හා මිත්‍රශීලී සතුන් වෙනවා. එසේ වුවත්, විශේෂයෙන් ඇතිනියන්ට හා අලි පැටවුන්ට අනතුරක් වේ යැයි සිතුවොත් ඔවුන් පහර දිය හැකියි.

*ඔබට අලියෙක් හමුවුවහොත්, ඔහුගේ ශරීර භාෂාවට අවධානය යොමු කරන්න. නමුත් ආපසු කන් හා සොඩය අබරා හැරී බැලුවහොත් ඒ ඔබව පාගා දැමීමට වෙන්න පුලුවන්

*සත්වයා ඔබට පහර දීමට එනවා නම්, දුවන්න එපා. ඒ වෙනුවට, ඔබ හා අලි ඇතුන් අතර බාධකයක් ලෙස යොදා ගත හැකි දෙයක් සොයා ගැනීමට උත්සාහ කරන්න. එය පර්වතයක් හෝ ගසක් විය හැකිය.

රයිනෝ

මෙම සත්වයාට ඉතා නරක පෙනුමක් තියෙනවා. ඔවුන්ට අපිව බියට පත් කිරීම පහසුයි, මෙන්ම ඔවුන් පහර දෙන්නත් දක්ශයි. රයිනෝට පැයකට කිලෝ මීටර් 60 ක වේගයකින් දිවීමට හැකි නිසා ඔවුන්ගෙන් පලා යාම ඉතා අපහසු වෙනවා. කෙසේ වෙතත්, එය කරන්නත් පුලුවන්.

*රයිනෝ වෙතින් සැඟවීමට ඇති එකම මාර්ගය වන්නේ ගසක් පිටුපස සැගවීමයි. එය ඔහුට විශාල බාධාවක් වෙනවා. මෙම සත්වයන් පඳුරු හෝ උස තණගස් හරහා ඔබ පසුපස ඒමට උත්සාහ නොකරයි.

හිපෝ

මේ සතුන්ගේ පෙනුම හොඳයි. නමුත් මිනිසුන් කිඹුලන්ට වඩා ඔවුන්ගේ අතින් මිය යනවා. ඔවුන්ගේ, බර තිබියදිත් පැයකට කිලෝ මීටර් 30ක වේගයෙන් හිපෝට දුවන්නට පුලුවන්. එපමණක්ද නොව, ඔවුන්ව කෝපයට පත් කිරීම පහසුයි.

*කාලගුණය උණුසුම් නම්, වන ලැහැබවල් වලට යන්න එපා. නියඟයක් තුළ වතුර මට්ටම පහළට යන නිසා හිපෝලා උස පදුරු තුල සැගවී ඉන්න පුලුවන්.

*ඔබ තනිවම යන විට හිපෝ කෙනෙක් හමු වුවහොත් උස ගසකට හෝ විශාල කන්දකට නගින්න. සත්වයා පිටව යන තෙක් ඔබ බසින්න එපා.

ගොනා

ගොනුන් චලනය කිරීම් වලට ප්‍රතිචාර දක්වන බවට පොදු මතයක් තියනවා. රතු හෝ වෙනත් පාට වලට නෙමේ ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ.

*ගොනෙකු ඔබ වෙත දිව එනවා නම්, කෙළින් හා නිශ්චල වන්න. ඔබගේ තොප්පිය, ටී ෂර්ට් හෝ වෙනත් ඇදුමක් ඇමක් ලෙස භාවිතා කරන්න, ගොනා ඔබ ආසන්නයටම ළං වෙන විට මෙම ඇදුම් වර්ගය පැත්තකට දමන්න, එවිට ගවයා එය පසු පස යයි.

ජෙලිෆිෂ්

ජෙලිෆිෂ් පහර දුන් විට, දිගු වෙලාවක් අපැහැදිලි වේදනාවක් ගෙන දෙනවා. පොදු මතයට අනුව නම් එම ස්ථානයට මුත්‍රා කිරීමෙන් වේදනාව නැති වෙනවා. නමුත් එය මිත්‍යා මතයක්.

*මුලින්ම පහර වැදුනු ස්තානය ලුණු වතුරෙන් සෝදා ගන්න. මිරිදිය වතුර දැමුව හොත් තත්වය වඩාත් නරක අතට හැරෙන්නට පුලුවන්. ඉන් පසුව කෝටු කැබැල්ලක් හෝ කුඩා අඩුවකින් පහරදුන් ග්‍රාහිකාව ඉවත් කරන්න. ඔබට ප්‍රතිජීවශක ඖෂධ තිබේ නම් වේදනාව ඇති ස්තානයේ ගල්වන්න.

කිඹුලා

මෙම සතුන්ගේ තිබෙන හනුව පෘථිවියෙහි තියෙන ප්‍රබලම එකක් වෙනවා. ඇලිගේටරයකු හෝ කිඹුලෙකු විසින් අල්ලා ගනු ලැබුවහොත්, එයින් ඔබව නිදහස් කිරීමට පහසු වෙන්නෙ නෑ.

*කිඹුලකු ඔබ අල්ලා ඇත්නම්, සත්වයාගේ ඇස්වලට පහර දෙන්න. මෙම සතුන්ගේ ඇස් හා උගුර වඩාත් සංවේදී ප්‍රදේශ වෙනවා. එහෙයින් ඔබව නිදහස් කර ගැනීමට උත්සාහ කරන්න.

*මෙම විලෝපිකයා බිම වැතිරගෙන සිටිනවා දැනුනහොත් හැකි තරම් වේගයෙන් ශබ්ද නගමින් සිග්සැග් ක්‍රමයට ඉවත්ව යන්න. මෙහිදී හොඳම විසඳුම වන්නේ කෑ ගසමින් දිවීමයි.

*පිහිනමින් සිටියදී ඔබ කිඹුලකු දකිනවා නම්, කෑ ගහන්න එපා. එය ඔහුගේ අවධානය ආකර්ෂණය කරන්න පුලුවන්. හැකි තරම් නිහඬව පිහිනන්න උත්සාහ කරන්න.

සර්පයන්

බොහෝ සර්පයන් භයානක නොවන අතර විෂ සහිත නොවේ. මිනිසුන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කරන විට සර්ප දෂ්ඨ කිරීම් 80% ක පමන ප්‍රතිශයක් වෙනවා.

*සර්පයකු ඔබ පසුපස එන බව දැනුනහොත්, කකුල් බිමට ගසමින් නටන්න. කම්පනය සර්පයාව නොමඟ යවන අතර එය ඔබව අත්හරිනු ඇත.

*සර්පයකු ඔබව සපා කෑවොත්, චිත්‍රපටවල බොහෝ විට අප දැක ඇති පරිදි තුවාලයෙන් විස ඉරීමට උත්සාහ නොකරන්න. ජල නලයකින් තුවාලය සෝදා හැර බේරා ගැනීමේ සේවාව අමතන්න.

ගෝරිල්ලන්

ගෝරිල්ලෝ වනාන්තරවල රජවරුන් ලෙස හැඳින්වේ. ඒ සඳහා හේතුවක් තිබේ. ඒ ඔවුන්ගේ පවුල් සහ අවකාශය ආරක්ෂා කරන සැබෑ නායකයන් වීම නිසයි. ඔබ හොඳින් හැසිරෙනොත් ඔවුන් ඔබට පහර දෙන එකක් නැහැ.

*ගෝරිල්ලාට වඩා විශාල හෝ උසින් සිටින්න එපා. කෙදිරිගෑමට උත්සාහ කරන්න. ඔවුන්ගේ ඇස් දෙස කෙලින් බලන්න එපා.

*පහරදීමක දී, බෝලයක් මෙන් පෙරලෙන්න. ගෝරිල්ලෝ උඩඟු සතුන් වන අතර, ඔවුන්ගේ නීතියක් තියනවා, සාමාන්‍යයෙන් දුර්වල හා අනාරක්ශිත සත්වයන්ට පහර නොදීමට.

මී මැස්සන්

මී මැස්සන් ඔවුන්ගේ මී වදය ආරක්ශා කරමින් සිටින අතර ඔබ එය පසු කරගෙන යනවිට ඇතැම් විට දෂ්ඨ කරන්නට පුලුවන්.

*අඳුරු වර්ණ, මී මැස්සන්ගේ අවධානය ආකර්ෂණය කර ගන්නවා. ඔබ අඳුරු ටී ෂර්ට් ඇඳගෙන සිටිනවා නම්, මී මැස්සන්ගෙන් ඇති වන වේදනාව තවත් වැඩි වෙන්න පුලුවන්.

*ඔබ මී මැස්සන් රංචුවක් හෝ මී මැස්සන් ‍යුගලක් දුටුවහොත්, අඳුරු තැනක සැඟවී සිටින්න. ආලෝකයේ අඩුකම ඔවුන් නොමඟ යවයි..

මේ ලිපියෙන් ඔයත් දෙයක් ඉගෙන ගත්තනන් ඔයාගෙ යාලුවන් අතරත් බෙදා ගන්න. පහලින් ඔයාගෙ අදහසුත් අපිට කියලා යන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
7
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
18
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
37
ලස්සනයි
විකාරයි විකාරයි
28
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
38
ඇඩෙනවා
වටිනවා වටිනවා
399
වටිනවා

භයානක සත්තුන්ගෙන් බේරෙන්න මේ ක්‍රම 12 භාවිත කරන්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!