ලෝකේ පුරා තියෙන වෙනස්ම ආකාරයේ අවන්හල් 14


නූතන ලෝකය තුල මිනිසුන් අද්විතීය සංකල්පයන් සදහා සටන් කරනවනේ. ඒවගේ අවහන්හල්ද අමුතු සුවිශේෂී ආකාරයේ නිර්මාණ සමග ඉදිරියටම යනවා. මේ පහලින් තියෙන්නේ ඒ වගේ වෙනස්ම ආකාරයකින් හිතලා නිර්මාණය කරලා තියෙන අපූරු ආකාරයේ අවන්හල් කිහිපයක තොරතුරුයි.

1. නවීන වැසිකිලි සහ ඒවායේ අද්විතීය කෑම වර්ග.

තායිවානයේ මෙම අවන්හලේ සංකල්පය වැසිකිළි භාණ්ඩ මත පමනක් පදනම් වී තිබෙනවා. මෙහිදී වාඩි වීමට තිබෙන පුටු මෙන්ම ආහාර බඳුන්ද වැසිකිලි පෝච්චි වල හැඩයෙන් නිර්මානය කර තිබෙනවා. කොහොම වුනත් මේ අවන්හලේ කෑම වල රස නම් අද්විතීයයිලු.

2. Ibiza හි අත්දැකීම.


ලෝකයේ මිල අධිකම අවන්හල් වලින් එකක් වන Playa de Bossa හි Hard Rock හෝටලය Ibiza වල තමයි පිහිටලා තියෙන්නේ. මෙහිදී අමුත්තන්ට විවිධ මෙනු වලින් කෑම වර්ග උත්සාහ කර බලන්න පුලුවන් වගෙම සෑම ආහාර වට්ටෝරුවක්ම අසාමාන්‍ය වට්ටෝරු නවොත්පාදනයන්ගෙන් සහ තාක්ෂණයෙන් යුතුව පිලිගන්වනු ලබනවා.

3. එක්සත් අරාබි එමීර් රාජ්යයේ අහසේ රාත්‍රී ආහාරය ගැනීම.


ඩුබායිහි හි අහසේ රාත්‍රී භෝජන සංග්‍රහයය අද්විතීය වගෙම විශ්මයජනක සංකල්පයක්. මෙහිදී මුළු අවන්හලම මීටර 50ක් පමන එසවූ දොඹකරයක් ආදායෙන් පිහිටුවා තිබෙනවා. ඉතින් අහසේ ඉදන් කෑම වේලක් කන්න ඕනෙ නම් මේ තැනට යන්න.

4. 3842 m ක් (අඩි 12,604) උසින් පිහිටි Aiguille du Midi අවන්හල.


අපූරු දර්ශනයකින් යුතු මේ අවන්හල ඉතාම ආකර්ෂණීයයි. Aiguille du Midi නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ Mont-Blanc massif හි 3,842 m ක් උසින් මේ අවන්හල සොයාගත හැකියි. ජීවිතේ එක් වරක් හරි මේ තැනට යන්න තියෙනවා නම් එය ඔබ ලබන ඉමහත් භාග්‍යක්.

5. චීනයේ Huashan Teahouse කඳුකරයට යාමේදි.


කඳු නැගීමට කැමති අය සදහා මෙය කදිම ස්තානයක්. මෙහි තිබෙන අවන්හලට ගොඩ වීමට නම් ඔබට මුහුදු මට්ටමේ සිට මීටර් 2,160 ක් ඉහලට නැගිය යුතුය. මෙය ස්වර්ගයට යන පඩිපෙල යනුවෙන්ද හදුන්වනවා.

6. Villa Escudero Plantations දිය ඇලි අවන්හල.


පිලිපීනයේ San Pablo නගරය අසල පිහිටා ඇති Villa Escudero Resort ඉතාම අලන්කාරයි. මෙය දිය ඇල්ලක් පාමුල පිහිටා තිබෙනවා. මෙහිදී පාරිභෝගිකයන්ට දිය ඇල්ල මැද මේස පිහිටුවා ආහාර ගැනීමට ලබා දෙනවා. නමුත් භය වෙන්න දෙයක් නැහැ. එහි ගැඹුර සෙන්ටිමීටර 20 පමන තමයි වෙන්නේ.

7. Alcatraz E.R, බන්ධනගාර රෝහල තුල රාත්‍රී ආහාර වෙලක්.


ටෝකියෝවේ Alcatraz E.Rර්‍ අවන්හල බන්ධනාගාර රෝහලක් සිහිපත් කරවයි. මෙහි ආහාර පිලිගන්වනු ලබන්නේ වෛද්‍ය උපකරණ වලටයි. ඒවගෙම මේ අවන්හලේ කෑම ගන්නකොට හදිසියේම මාංචු වැටෙන්නත් පුලුවන්. හැලොවින් සමරන්න යනවා නම් මේ අවන්හල ඉතාම කදිමයි.

8. ලන්ඩන්හි Coppa Club


මේ ස්තානය ඉතාම ආදරණීයයි. ඒ වගෙම මෙහි ගන්නා රාත්‍රී භෝජන සන්ග්‍රහය කිසිදිනක ඔබට අමතක වෙන එකකුත් නැහැ.

9. Xtracold Icebar ඇම්ස්ටෙර්ඩම් හි වසර පුරා ශීත සෘතුව පවති.


දැන් අධි ශීතල අත්දැකීමක් ලබා ගන්න උත්තර ධ්‍රැවයට යන්න අවශ්‍ය නැහැ. මෙම අයිස් ශාලාවේ උෂ්නත්වය −10 ක් පමන තමයි වෙන්නේ. නමුත් බය වෙන්න එපා. විශේෂිත උණුසුම් ඇදුම් මෙහිදි අමුත්තන්ට ලබා දෙනවා. උණුසුම් ගිම්හාන මාස වලදී නම් මේ අවන්හලේ අත්දැකීම ඉතාමත් අද්විතීයයි.

10. ඉන්දියන් සාගරයේ මැද භාගයේ අත්දැකීමක් ලබා ගන්න Zanzibar රොක් අවන්හලට යන්න.


මෙම අවන්හල මුහුද මැද පහත් පර්වතයක් මත පිහිටා තිබෙනවා. මෙම ගොඩනැඟිල්ලේ විශේෂ අලංකාර පෙනුමක් නොතිබුණද, එය දේශීය භූමිය තුළ හොඳින් ගැලපේ. ආපනශාලාව ශිෂ්ටාචාරයෙන් හුදෙකලා වී තිබෙන අතර මෙයට ගොඩ වීමට ඔබට බෝට්ටුවකින් ගමන් ගැනීමට සිදු වෙනවා.

11. නයිරෝබි හි Giraffe Manor අවන්හලේ ජිරාෆ්ලා සමග ආහාර ගැනීම.


සෆාරි අත්දැකීම් වලට කැමති අය සදහා මේ අවන්හල ඉතාම කදිමයි. මෙහිදි ඔබේ පිගන් වලින් ආහාර සොරකම් කිරීමට ජිරාෆ්ලා උත්සාහ කරන්නත් පුලුවන්.

12. ඇම්ස්ටර්ඩෑම්හි අඳුරේම ආහාර ගැනීම.


මෙම සුවිශේෂි අවන්හලේ ආහාර ගන්නා විට ඔබට සවන් දෙන්න, හැඟෙන්න, සුවඳ විදින්න, කතා කරන්න, අසන්න, සිතන්න, සහ අත්දැකීම ලබා ගන්න හැකියාව තියෙනවා. ආහාර සදහා වැඩියෙන් අවදනාය යොමු කරන විට රසය පිලිබද හැගීම ඔබට වඩාත් තිව්‍ර වී දැනෙන්න පුලුවන්.

13. තායිලන්තයේ Soneva Kiri Eco Resort හි Bird’s Nest අවන්හල.


බිමට අඩි 16ක් පමන ඉහලින් ගස් වල මෙම කූඩු ස්තාපිත කර තිබෙනවා. මෙහිදී ඔබට විශිෂ්ඨ දර්ශනයක්ද සමගින් ඔබේ පෞද්ගලිකත්වය සුභෝපභෝගීව සැමරීමට අවස්තාව උදා වෙනවා. මෙහි වේටර්වරුන් ආහාර සපයන ආකාරයත් ඉතාම විශිෂ්ඨයි.

14. මෝරුන් සමග ආහාර ගත හැකි දිය යට තිබෙන Anantara Kihavah Villa.


මාලදිවයිනේ නිවාඩුවක් ගත කිරීමට යනවා නම් මේ ස්තානයට යන්න අමතක කරන්න එපා. දිය යට තිබෙන මේ අවන්හලේදී විවිධ මසුන්, කෑබෑවන් වගෙම මෝරුන් ඔබට වටා සැරිසරන විටම අහාර ගැනීමට අවස්තාව උදා වෙනවා.

ඔබට සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
11
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
5
ඇඩෙනවා
වටිනවා වටිනවා
2
වටිනවා

ලෝකේ පුරා තියෙන වෙනස්ම ආකාරයේ අවන්හල් 14

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!