ශරීර භාෂාව ටිකක් හරි දැනගත්තම ජීවත් වෙන්න පට්ට ලේසියි


ඔයා කෙනෙක්ව මුලින්ම මුනගැහෙන්න ගියත්, සම්මුඛ සාකච්චාවකට ගියත්, සාදයට ගියත්, පිරිසක් අතරට ගියත් ඔයාගේ සාර්ථකත්වය 58%ක්ම රැදිලා තියෙන්නේ ශරීර භාෂාව මතයි. ශරීර භාෂාවට ඔයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න දෙන්න හොද නැහැ. ඒනිසා අපි මේ කියන කරුණු ගැන අදම දැනුවත් වෙන්න.

  1. දුර්වල ඉරියවුව

උරහිස් එල්ලා වැටෙන සේ සිට ගැනීම මගින් ඔයා පිලිබද දුර්වල, නොවැදගත් හා අනාරක්ෂිත හැගීමකුයි ගෙන එන්නෙ. ඔබ යම් අපහසුතාවයකින් ඉන්නවා නම් ඒ අවස්තාව ටික වෙලාවකට මගහැර සන්සුන් වූවාට පසු මුහුණ දෙන්න.

 

  1. දුර්වල කකුල් සහ අඩි පිහිටීම

ඔබ වාඩි වී සිටින ආකාරය අනුව ඔබේ සිතෙහි අප්‍රකටව පවතින මනෝභාවයන් පිටතට දර්ශනය වෙනවා.

A ඉරියවුව = (දණහිස් එකට එකතු වී, පාද දෙපසට) එමගින් ළදරු මනෝභාවයක්, අනාරක්ෂිත බවක් හා සිහින දකින බවක් පෙන්වනවා.

B ඉරියවුව = (කකුලක් පිට කකුලක්) ආරක්ෂාවක් හෙලි කරන අතර වැඩි මිත්‍රත්වයකින් තොර සංවෘත ආකල්ප පෙන්නුම් කරයි.

C ඉරියවුව = (කකුල් පලල් කරගෙන සිටීම) ආධිපත්‍ය හා වැදගත්කම සංඥා කරන අතර අහංකාරකමද හෙලි කරයි. වැදගත් අවස්තාවන් වලදී මේ ඉරියවුව නුසුදුසු හා අසභ්‍ය වෙයි.

D ඉරියවුව = (සමාන්තර කකුල්) මද්‍යස්ථ තත්වයක් පෙන්නුම් කරන අතර ඔබේ විවෘත බව හා සන්සුන් බවත් පෙන්නුම් කරයි.

E ඉරියවුව = (පැත්තට තබන කකුල්) කාන්තාවන්ට වඩාත් පොදු මේ ඉරියවුව මගින් ගැහැණු ලාලිත්‍ය හා ආකර්ෂණීය බව ඉස්මතු කර පෙන්වයි.

 

  1. අතිශයෝක්තියට නැංවීම

ඔබේ දෑත් වල හැසිරීමෙන්ද ඔබගැන කියන්නට පුලුවන්. ඉතා වේගයෙන් ඔබ ඔබේ දෑත් ගසනවා නම් එයින් පෙනෙන්නේ විශ්වාසය අඩුකම හා වෘත්තිකභාවය අඩුකමයි. දණහිස් වලට අත මිටිකොට පහරදිම, හිසකෙස් සමග සෙල්ලම් කිරීම, නියපොතු සැපීම හා තොල් පිට පෙරලීම මගින් ඔබෙන් කරදරකාරී හා අනාරක්ෂිත පෙනුමක් ගෙන එනවා. ඒ වගේම සංඥා හිග කමින්ද ඔබේ උනන්දුව අඩු බවක් පෙන්වනවා.

 

  1. දෑත් බැදගෙන

සිටගෙන හෝ වාඩි වී දෑත් බැදගෙන සිටින විට එමගින් ඒ තැනැත්තා ආරක්ෂා විමට උත්සාහ දරන බවක් හා උනන්දුවක් නොදක්වන බවක් පෙන්වයි. ශරීරයට සමාන්තරව දෑත් තබා ගෙන සිටිනවා නම් ඔබ සංවාදයට විවෘතව සිටින බව පෙන්නුම් කරයි. ඒ වගෙම දෑත් පිටුපසට බැදගෙන සිටින විට ඔබේ උසස් බව, බලය හා ආත්ම විශ්වාසය පෙන්නුම් කරනවා. කොහොම වුනත් සමීක්ෂකයන්ට අනුව ඔප්පු වී තියෙන්නේ දෑත් බැදගෙන සිටින විට එය දුෂ්කර කාර්යන්ට මුහුණ දීමට පහසුවක් වෙනවා කියලයි.

 

  1. දුරවල අතට අත දීම

අතට අත දෙන ආකාරය අනුවත් ඔබ ගැන බොහෝ දේ කියවෙනවා. දුර්වල අතට අත දීමක් මගින් අධිකාරයක් නොමැති බව හා විශ්වාසයක් නොමැති බවක් පෙන්වයි. ඒ වගෙම ඔබේ අතට අත දීම උවමනාවට වඩා ශක්තිමත් නම් ආක්‍රමණශීලි බවක් තමයි කියවෙන්නෙ. මෙහිදී තවත් මෙවැනි නරකම ඉරියවුව “තෙත් මාළු අතට අත දීම” විදියට හදුන්වනවා. කෙනෙක්ගේ දෑත් බොහෝ සීතලයි නම් හෝ දාඩිය සහිතයි නම් ඒ පුද්ගලයා දුර්වල චරිතයක් හිමි කෙනෙක් විදියට සැලකෙනවා.

 

  1. නුසුදුසු අක්ෂි සම්බන්ධතා

ව්‍යාපාරික හමුවකදී, අක්ෂි සබදතාවයකින් වැලකීමට උත්සාහ කිරීම මගින් ඔබෙන් සිත් ඇද නොගන්නා හා අවෘත්තීය පෙනුමක් ගෙන එනවා. ඒ වගෙම කෙනෙකු සමග දිනයක් ගත කිරීමට ගිය විට හා සාදයදි මෙවැනි ආකාර පෙනුම ඔබට අනාරක්ෂිත හා වංක පෙනුමක් ගෙන එනවා. කැරල් කිංසි ගොමන්ට අනුව ඕනෑවට වඩා වැඩි අක්ෂි සබදතාවය මගින් ඔබෙන් රුදුරු, බියගන්වන හා සතුරු බවක් පෙන්නුම් කරනවා.

 

  1. නොසන්සුන් බව

කොණ්ඩය, අත්, දුරකතය ආදී වූ අනෙක් සියලුම දේවලට අවදානය යොමු කරමින් ඔබේ සන්නිවේදක පාර්ෂවය ගනන් නොගෙන සිටිනවා නම් එමගින් ඔබ නොසන්සුන්ව ඇති බවක් පෙන්වනවා. එවැනි දුර්වල අවදානයක් මගින් අනෙකාට වැරදි අවබෝධයක් ගොඩ නැගෙන්නට පුලුවන්. ඒ නිසා කෙනෙක් සමග කතා කරන විට ඔබ දුරකථනය දෙස බලන්න එපා, එය කෲරයි වගෙම සන්වාදය කෙරෙහි ඔබ තුල කැමැත්තක් නැති බවක් පෙන්නුම් කරනවා.

 

  1. අත්වල හා ඇගිලි වල වැරදි ඉරියවු

අල්ල පිරිමදිමින් හා එක අතක ඇගිලි අනෙක් අතෙ ඇගිලි උඩින් තබා ගෙන සිටිනවා නම් ප්‍රවේශම් වෙන්න. ඔබ වෙනත් කෙනෙකුව රැවටීමට උත්සාහ කරන බවක් හා ඔබේ මතය ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවක් ඉන් පෙනෙන්නට තියෙනවා.

 

  1. අනෙකාව පිලිඹිබු නොකිරීම

එකිනෙකා දෙස හොදින් බලා සිටින විට එමගින් මිත්‍රත්වය ගොඩ නගා ගැනීමට පහසු වෙනවා. එය විශ්වාසදායි හා ගැඹුරු සංවාදවල නිරත විමට ඉඩ සලසනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, ස්ත්‍රීන්ට වඩා පිරිමින් තුල පිලිඹිබු කිරීමේ හැකියාව හොදින් පවතින බවයි. එමගින් ඔවුන් ස්ත්‍රීන්ව පහසුවෙන් ආකර්ෂණය කර ගන්නවා.

 

  1. නිදිකිරා වැටීම හා සිනහව

කෙනෙකු ක්‍රියාශීලිව හා සවන්දෙමින් ඉන්නවාදැයි දැනගන්න තියන බලවත්ම උපක්‍රමය වෙන්නේ සිනහව හා කිරා වැටීමයි. ඔබ සිනාසෙමින් සැහැල්ලුවෙන් ඉන්නවා නම් කවුරුවත් ඔබේ පාදවලට හෝ අත්වල පිහිටිමට අවදානය යොමු නොකරන්න පුලුවන් මොකද ඔවුන් ඔවුන් ඔබේ සිනහවට ප්‍රතිචාර දක්වන නිසා. ඒ නිසා හොදින් සිනහා වෙන්න පුරුදු වෙන්න.

අද ඉදන්ම මේ දුර්වල ශරීර පුරුදු මගහැර ගන්න ගමන්ම මේ ලිපිය යාළුවන් අතරත් share කරන්න. සුභ දවසක්.

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
10
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
16
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
17
ලස්සනයි
විකාරයි විකාරයි
11
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
12
ඇඩෙනවා
වටිනවා වටිනවා
119
වටිනවා

ශරීර භාෂාව ටිකක් හරි දැනගත්තම ජීවත් වෙන්න පට්ට ලේසියි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!