ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන ගැටළු වලට සරල විසදුම් 15ක්


ඕනෑම වර්ගයක ගැටළුවකට, රාමුවෙන් පිටත සිතා බලනවා නම් පිලිතුරු හොයා ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඔබට එදිනෙදා ජීවිතයේදි මුහුණ දීමට සිදුවෙන ගැටළු කිහිපයකට සරළ විසදුම් කිහිපයකුයි.

1. ගරාජය තුල නියමිතම ස්තානයේ ඔබට වාහනය ගාල් කිරීමට අවශ්ය නම්, වාහනයේ වින්ඩ් ශීල්ඩ් එකේ ස්පර්ශ වෙන ලෙස කුඩා බෝලයක් සිවිලිමේ එල්ලා තබන්න. එවිට බෝලය වින්ඩ් ශීල්ඩ් එකේ ස්පර්ශ වෙන විට ඔබට වාහනය ගාල් කරන ස්තානය පහසුවෙන් දැන ගන්න පුලුවන්.


2. පවුලේ අයගේ, හිතවතුන්ගේ උපන්දින පහසුවෙන් මතක තබා ගැනීමට මේ ආකාරයේ දින දර්ශනයක සහාය ලබා ගන්න.


3. ප්ලාස්ටික් බෝතලයක උඩ කොටස කපාගෙන, විවෘත කල ධාන්‍ය හෝ පැස්ටා ඇසුරුම් ගබඩා කර තැබීමට භාවිතා කරන්න.


4. ආහාර පිසින අතරතුර ඔබේ ආහාර වට්ටෝරු පොත රදවා තැබීමට හැගර් එකක් භාවිතා කරන්න.


5. පහත රූප සටහනේ ආකාරයට ප්ලාස්ටික් බෝතලයක් කපා, එයට තීන්ත මිශ්‍ර කර, එහි උඩු කොටස තීන්ත බුරුසුව රදවා තබා ගැනීමට භාවිතා කල හැකිය.


6. කතුරු මුවහත් කිරීමේ උපකරණයක් ඔබට නොමැති නම් එය මුවහත් කර ගැනිමට ෆොයිල් කඩදාසියක් කිහිපවරක්ම කපන්න.


7. වැඩ කටයුතු කරන අතරතුර ඇණ ආදිය රදවා තබා ගැනීමට ඔබේ අත්වැසුම් භාවිතා කරන්න.


8. පැරණි පොත් ස්ටෑන්ඩ් එකක් ඔබට ටැබ් රදවනයක් ලෙස භාවිතා කල හැකියි. අමතර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.


9. ලෙමන් යනු ඩිටර්ජන්ට් වෙනුවට භාවිතා කල හැකි හොඳම ආදේශකයයි. එය ආරක්ෂිතයි මෙන්ම පරිසර හිතකාමිද වෙයි.


10. ඇණයක් ගසන විට ඔබේ ඇඟිලි ආරක්ෂා කර ගැනීමට පනාවක් භාවිතා කරන්න.


11. ෂවර් තිරයේ අමතර කොකු රැදවීම මගින් ඔබට, යම් යම් දේවල් එහි එල්ලා තැබිය හැකියි.


12. ආරක්ෂිත ලෙස යතුරු එල්ලා තැබීමට ඔබට පැරණි ආසන පටියක් භාවිතා කල හැකියි.


13. ඔබේ මෙවලම් උපකරණ එල්ලා තැබීමට චුම්බක තීරු භවිතා කරන්න.


14. පෑන් කේක් සෑදීමේදී පෑන් එක මතට නිවැරදි ප්‍රමානයට දමා ගැනීමට පැරණි ketchup බෝතලයක් භාවිතා කරන්න.


15. වංචා වලින් ඔබේ මුදල් සුරැකීමට, ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් වල අවසාන ඉලක්කම් 4 පින්තාරු කිරීමට හෝ ඒ මත ස්ටිකරයක් ඇලවීමට කටයුතු කරන්න.

ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
33
වටිනවා

ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන ගැටළු වලට සරල විසදුම් 15ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!