ඔය කියන තරම්ම චීනය නරක රටක් නොවෙන බව ඔප්පු කර පෙන්වන අවස්තා එකතුවක්


කොවි*ඩ් 19 ආසාදිත තත්වය සමග චීනය ගැන ලෝකයාම කතා බහ කිරීමට පටන් ගත්හ. ඊට පෙරාතුව වුනත් චීනයේ විවිධ ප්‍රතිපත්ති,හැසිරීම් රටාවන් සහ සංස්කෘතික ගති පැවැතුම් ගැන පැවැති ආකල්ප එතරම් සුබවාදී නැත.චීනය ගැන සමාජයේ ඇති ආකල්ප පිලිබඳව විනිවිද දකිමින් සංචාරකවරියක සහ කුන් ෆු සටන් කලාව පිලිබඳ ගුරුවරියක වන “මාරියා පිපෙන්කෝ” විසින් පෙන්වීමට උත්සාහ කරන්නේ “ඔය කියන තරම් චීනය නරක නැත.” යන පණිවිඩයයි.

.චීනය ලෝකයෙන් දුරස් වූ රටක් ලෙස පෙන්වා දුන්නත් චීන සංචාරකයන්ගේ පටන් චීනයේ ජීවත්වෙන බටහිර ජාතින්ද සමීපව ඇසුරු කරමින් සියළු තොරතුරු ඇය විසින් එක්රැස් කර ගෙන තිබේ. ඇය චීන ජාතිකයන් ලබා ගත් තොරතුරු අනුව පෙන්වා දෙන්නේ මුලින්ම අප විසින් පිලිගත් දෙයට වඩා සත්‍යය වෙත අවධානය යොමු කරන ලෙසයි

·චීන ජාතිකයන්ට ආචාර විධි නැතැයි කියන්න බැහැ.

අපි ඒ විදිහට උපකල්පනය කළත් චීන ජාතිකයන් බොහෝ විට බටහිර ජාතිකයන්ට වඩා ආචාරශීලී බැව් ඔවුන්ගේ හැසිරීම් වලින් පෙනී යයි.

අනුන්ගේ ලේන්සුවකින් නාසය පිසීම වගේම ඔබ ආපනශාලාවකින් ආහාර ගත් පසු ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට මිතුරාට අවස්ථාව දීම ඇත්තටම ආචාරශීලී නැත.නමුත් චීන ජාතිකයන් මෙවැනි අවස්ථාවන්හිදි ඔබ අපහසුතාවයට පත් කරන්නේ නැත.ඔවුන් නිතරම තමාට වඩා වැඩියෙන් අනුන් ගැන සිතන නිසා ඒ අන්දමින් ඔබව අපහසුතාවයට පත් කරන්නේ නැහැ.

·චීන මිනිසුන් හරි නපුරුයි.

චීන මිනිසුන් බල්ලන් ,බළලුන් පවා ආහාරයට ගන්නවා.එහෙමනම් එළදෙනුන් හෝ ඌරන් ආහාර ලෙස ගැනීම හොඳයිද…? යනුවෙන් මම තර්ක කරන්නේ නැහැ. මාරියා පිපෙන්කෝ ඇගේ ශිෂ්‍යයෙකුගෙන් මෙසේ ඇහුවා.

ඔබ බල්ලන් ආහාරයට ගන්නේ කොහොමද..? බල්ලන් කියන්නේ අපේ මිත්‍රයෝ…? එහිදී ශිෂ්‍යයා කියා සිටියේ චීනයේ සිටින කෲර මිනිසුන් බල්ලන් ආහරයට ගන්නා බවයි.

·චීන මිනිසුන් එකිනෙකාට වෙනස් කියලා අපට කියන්න පුලුවනි.

මැලේසියානු සහ සිංගප්පුරු චීන ජාතිකයන් අතර වෙනස්කම් තිබෙනවා.මේ විවිධත්වය ඇති වී තිබෙන්නේ ඔවුන් ජීවත්වෙන වටපිටාව අනුවයි. සාමාන්‍යයෙන් ජීවින් පරිසරයට අනුවර්තනය වෙනවා.චීන ජාතිකයන් අතරත් මේ වෙනස ඇති වී තිබෙන්නේ සැබැවින්ම පරිසර සාධක මුල් කර ගෙනයි.

·සාමාන්‍යයෙන් චීන ජාතික පුද්ගලයන් උසින් අඩුයි.

චීන ජාතිකයන්ගේ මිටි බවට බොහෝ විට ඔවුන්ගේ ආහාර රටාව බලපානවා.ගෙවුන වසර විස්සක කාලය තුළදී චීන ජාතිකයන් බොහෝ සේ වෙනස් වී තිබෙනවා.ඔවුන් හොදින් හැදී වැඩී වර්ධනය වී තිබෙන බවක් දකින්න ලැබෙනවා.

·ලාබ භාණ්ඩවල හිලක්

ලාබ භාණ්ඩවල හිලක් තිබෙනවා කියන්නා වගේ චීන භාන්ඩ ගුනාත්මක අතින් දුර්වල බවට පොදු පිලිගැනීමක් තිබෙනවා. මේතැනත් ඇත්තක් නැත්තේම නැහැ. ලාබදායක විදිහට නිෂ්පාදනය කරන භාණ්ඩ මිළ අඩුයි. ඒ වගේම ගුණාත්මක බවිනුත් අඩුයි.හැබැයි හැම විටම මෙය සාධාරණ නැහැ.ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන්ට අනුව Made in China ලේබලයෙන් ඇති භාණ්ඩ චීනයේම නිෂ්පාදිතයි.ඒ නිසා ගුණාත්මක භාන්ඩ ගැන තීන්දුව ගත යුත්තේ නිෂ්පාදකයා නොවේ.නිෂ්පාදකයා තමන්ගේ පිරිවැය අනුව මිළ තීරණය කරනවා.ගුණානාත්මක යෙදවුම් යොදා ගත් විට පිරිවැය ඉහළයි.ඒ නිසා ගුණාත්මක බව වැඩියි. මේ නිසා ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීමේ තීරණය ඇනවුම් කරන පාර්ශවයේ වගකීමක්.

·චීනය ලාබදායක රටක්ද..?

චීනය විශාල රටක් වගේම විශාල නගර සහ පළාත් අතර වැඩි පරතරයක් තිබෙනවා.මධ්‍යම චීනයෙන් ඔබට විශාල සැප සහිත නිවාසයක් ඩොලර් දෙසියකට මිළට ගන්න පුලුවනි.නමුත් ෂැංහයි නගරයේදී කුඩා නිවසක් ගැනීමට ඔබට ඩොලර් පන්සියයක මුදලක් අවශ්‍ය වෙනවා.

·චීනයේ ආහාරය බත් විතරයි.

චීනයේ ආහාරය බත් පමණක් කිව්වත් මිත්‍රවරුනි ඔවුන්ගේ ආහාර රටාව හරිම විවිධාකාරයි.එළවලු වර්ග පවා විශාලයි.පිසින ක්‍රම, යොදන කුලුබඩු, පිසින කලාව අනුව චීනයේ බොහෝම සුවිහේෂී ආහාර පිසින රටාවක් තිබෙනවා.ඒ වගේම ඔවුන් විකල්ප බොහොමයක් තිබෙනවා.

·මත්ද්‍රව්‍ය අපරාධ ධහා දැඩි දඬුවම් ලබා දීම-

බොහෝ විදේශිකයන් චීනය විසින් මත්ද්‍රව්‍යවලට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම ගැන කැමැත්තක් දක්වන්නේ නැත.චීනය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පනවන දඬුවම් ඉතා දැඩිය.එය සිරදඬුවමේ සිට මරණීය දණ්ඩනය පැනවීම වැනි දඬුවමකට යටත් වේ.චීන ජාතිකයන් මෙය සලකනු ලබන්නේ අවශ්‍යතාවයක් ලෙසයි. 20 වන ශතවර්ෂයේ ආරම්භයේ දී, චීනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අබිං වලට ඇබ්බැහි වූවන් වන අතර, මෙය නැවත සිදුවීම වැළැක්වීම සඳහා චීන රජය සෑම දෙයක්ම කිරීම පුදුමයක් නොවේ.

·චීන ජාතිකයන් යනු kung fu ගුරුවරුන්ය.

ඔව් ඇත්ත..මේ තත්වය හරියට ඇමරිකානුවන් හැම්බර්ග්වලට ආදරෙයි යන්නට සමානයි. චීන ජාතියන්ද සටන් කලාවට බොහොමත්ම ආදරෙයි.ඔවුන්ගේ සංස්කෘතියේම එක් අංගයක් විදිහට මේ සටන් කලාව පැවැතෙනා. වෙන දෙයක් තබා කුන්ෆු නැති චීන චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහනක් නැති තරම්.බටහිර රටවල්වලට සාපේක්ෂව බලන විට චීනයේ කුන් ෆු සටන් කලාවට දක්ෂයන් බොහොමයක් සිටිනවා.නමුත් ඔවුන්ට පෙරට පැමිණීමට තිබෙන අවස්ථාවන් බොහොම අඩුයි.ඒ නිසාම ඔවුන් සදාකලික කෝඩුකාරයන් බවට පත්ව ඇත.

·එක් පවුලක්..එක් දරුවෙක්..

චීනය කී විටම ඇති වෙන මේ සංකල්පය බොහෝ සෙයින් බලපාන්නේ විශාල නගරවලටයි. ඇතැම් පළාත්වලදී දෙවැනි හෝ තෙවැනි දරුවා වෙනුවෙන් ලියාපදිංචි වීම හෝ දරුවන් ලියාපදිංචි කිරීමෙන් මග හැර සිටියොත් ඒ වෙනුවෙන් දඩ මුදල් පනවනු ලැබේ.නමුත් චීන ජාතිකයන් මේ ගැන කරදර වෙන්නේත් නැත. කෙසේ හෝ වේවා 2016 වසරේ පටන් චීනය වෙනුවෙන් එක් දරු ප්‍රතිපත්තිය ඉවත් කර තිබේ.දැන් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබීමට අවස්ථාව තිබේ.

මෙම ලිපියේ කතුවරිය වන මාරියාගේ අවශ්‍යතාව වූයේ අපි කවුරුත් මිනිසුන් බව ලෝකයාට ඒත්තු ගැන්වීමටයි. ඒ නිසාම ඇය චීන ජාතිකයන් සහ ඔවුන්ගේ සංස්කෘතික වටපිටාව ඉතා හොඳින් අධ්‍යනය කර ලබා ගත් තොරතුරු මේ අන්දමින් ප්‍රකාශ කරමින් කියන්නේ මිනිසුන් විනිශ්චය කිරීමට පෙරාතුව ඔවුන්ගේ ක්‍රියාවන් අවබෝධ කර ගැනීම වඩාත් වැදගත් බවයි.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
2
ලස්සනයි
විකාරයි විකාරයි
5
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
6
වටිනවා

ඔය කියන තරම්ම චීනය නරක රටක් නොවෙන බව ඔප්පු කර පෙන්වන අවස්තා එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!