වයසට, කාලයට ගැලපෙන විලාසිතා තෝර ගන්නේ කොහොමද


පුද්ගලිකව අපි කැමතිම විලාසිතාවක් තිබුනොත් අවුරුදු ගණනාවක් යනකන් ඒ විලාසිතාවෙන් මිදෙන්න අපිට අමාරුයි නේද? ඒ වුනාට ඒ විලාසිතා පුරුද්ද කාලයක් යනකොට අපේ වයසට එරෙහිව ක්‍රියා කරන හේතුවක් බවට පත් වෙනවා. මොකද කාලයත් සමග වෙනස් වෙන, අපේ වයසට ගැලපෙන විලාසිතා අපි භාවිතා කරන්න ඕනේ නිසා. ඒ විතරක් නෙමෙයි කාලයත් සමග ඒ විලාසිතාව යල්පැන ගිය එකක් වෙන්නත් පුලුවන්. ඔන්න මේ කියපු වැරදි වලින් මිදෙන්න තමයි මේ උපදෙස් ටික අපි අද ඔයාට දෙන්නේ.

1. ඇදුම් කට්ටලය සමානුපාත කරන්න.

නවතම විලාසිතා වෙනස්කම් සමීපව අනුගමනය කරනවා නම්, ඔයා දන්නවා ඇති සමානුපාතය සලකා බලන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා. Wide-legged pant එකක් අදිනවා නම් ඇග සිහින් වෙලා පෙනෙන ඇගේ ගානටම තියෙන ටොප් එකකින් සැරසිය යුතුයි. අනිත් අතට skinny jean එකක් අදිනවා නම් මදක් ප්‍රමානයෙන් විශාල T-ෂර්ට් එකකින් සැරසීම සුදුසුයි. මේ සංයෝජනය හොද ජ්‍යාමිතික වෙනසක් නිර්මාණය කරන්නට සමත් වෙනවා. මේකත් මතක තියා ගන්න: ඔයාගේ ශරීරයේ ප්‍රමානයට ගැලපෙන ඇදුම් තෝරා ගන්න. ඔබ වඩා ලිහිල් ඇදුම් තොරා ගතහොත් ඔයාගේ තියෙන ලස්සන සැගවිලා යන්න පුලුවන්. ඒ වගෙම වඩා තද ඇදුම් ඇදීමත් සමස්ත පෙනුමම විනාශ කර දමන්න හේතුවක් වෙනවා.

 

2. අමතර උපාංග

පරිපූර්ණ පෙනුමක් ලබා ගන්න වුවමනා නම් ඇදුමේ වර්ණයෙන්ම බෑග්, බේල්ට්, සපත්තු පැලදීම සුදුසු වෙන්නේ නැහැ. ඒක යල්පැනගිය විලාසිතාවක්. ඔයාට අවශ්‍යනම් දීප්තිමත් එක උපාංගයක් එකතු කරන්න. අනික් ඒවා උදාසීන වර්ණ වලින් තෝරා ගන්න.

 

3. බෙල්ට්

බැගී ඇදුම් මගින් ඔයාට අපිලිවෙල, තරබාරු හා වයසක පෙනුමක් එකතු කරනවා. ඒ නිසා එවැනි ඇදුමකින් සැරසෙනවා නම් බෙල්ට් එකක් භාවිතා කරන්න පුලුවන්. එවිට ඔබේ ඇගේ හැඩය ඉස්මතුකර සැහැල්ලු පෙනුමක් ගෙන එනවා.

 

4. retro විලාසිතාවට බායි කියන්න.

විලාසිතා ප්‍රවනතාවයන් එනවා යනවා. කිසිම දෙයක් එකම තැන තියෙන්නේ නැහැ. ඉතින් ඔයා කැමතිම කලිසම් විලාසිතාවත් දැන් යලපැනගිය එකක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට බෙල් බොටම් කලිසම් පැරණි තාලේ ඒවා විදියට තමයි සලකන්නේ. වර්තමානයේ කකුල් වල ප්‍රමානයටම ගැලපෙන කලිසම් විලාසිතාව තමයි වැඩියෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඕනෙම කෙනෙකුට මේ විලාසිතාව ගැලපෙනවා. ඉතින් උත්සාහ කරලා බලන්න.

 

5. ගැටවර ඇදුම් කට්ටල වලින් මිදෙන්න.300

විලාසිතා අනිවාරෙන්ම වයසත් සමග වෙනස් කල යුතුයි. ඔයා ගැටවර වියේ භාවිතා කල විලාසිතා තරුණ වියේදිත් භාවිතා කිරීම මගින් ඔයාව වයසින් අඩු වෙලා පෙනෙන්නේ නැහැ. එහෙම විශ්වාස කරනවා නම් ඒක වැරදියි. උදාහරණයක් විදියට කාර්ටූන් T-ෂර්ට් සහ කලිසම් දක්වන්න පුලුවන්. ඉතින් ඔයාගේ වයසට ගැලපෙන ඇදුම් වලින් සැරසෙන්න. එහෙම නැති වුනොත් ඔයාගේ සමස්ත පෙනුමම විනාශ වෙලා යන්න පුලුවන්.

 

6. නූතන රාමු සදහා යන්න.

කාලයකට කලින් කණ්නාඩි විලාසිතා, විලාසිතා ලෝකයේ මුල්ම ස්තානයක් අරගෙන තිබුනා. වර්තමානයෙත් එහි වැඩි වෙනසක් නැහැ. කණ්නාඩි මගින් ඔයාගේ මුහුණේ පෙනුම හැඩකාර කර ගන්න පුලුවන්. හැබැයි නිවැරදි ප්‍රමානයේ රාමු තෝරා ගත යුතුයි. වර්තමානේ නවීන විලාසිතා බොහෝ ප්‍රමානයක් තියෙන නිසා ගැලපෙන එක තෝර ගන්න එක අපහසුවක් වෙන්නේ නැහැ.

 

7. කෙටි කොණ්ඩ මෝස්තරයක් උත්සාහ කරන්න.

දිගු කොණ්ඩ විලාසිතා මගින්, වයස නිසා මුහුනේ ඇති වෙන වෙනස්කම් වැඩියෙන් අවදාරනය කර පෙන්වනවා. ඒ නිසා shoulder bobs සහ short layers වලට ප්‍රමුඛතාවය ලබා දීම මගින් ඔයාට තරුණ දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුලුවන්.

 

8. දෑත් හොදින් රැක ගන්න.

ඔයාගේ වයස මුලින්ම හෙලි කරන්නෙ දෑත් මගිනුයි. දම් පැහැය, පීච් පැහැය හා මුතු රෝස පැහැය මගින් ඔයාගේ දෑත් වලට පැරණි පෙනුමක් එකතු කරනවා. ඒ නිසා දෑත් වලට තරුණ පෙනුමක් එකතු කර ගැනීමට අවශ්‍ය නම් සමේ වර්ණය දීපතිමත් කර පෙන්වන නිය ආලේපන ගල්වන්න: ලා දුඹුරු, දීප්තිමත් සුදු, ක්‍රීම් සුදු පැහැයන් වලට යන්න. ඒ වගෙම ඕවලාකාර නියපොතු හැඩයක් මගින් ඔයාගේ පෙනුම තවත් ලස්සන කරනවා.

 

9. නිවැරදිව blush කරන්න.

blush කිරීමේ සරල නීතිය තමයි කම්මුල් වල ඇපල් මතුවන තෙක් blush කිරීම. ඒක තරුණ ගැහැණු ළමයින්ට නම් සාධාරනයි. නමුත් වයසත් සමග මුහුණේ හැඩය වෙනස් වෙන නිසා මැදිවයසේ ඉන්න කෙනෙක් මෙසේ කලොත් අනවශ්‍ය රැලි ගැන්වීම් අවධාරණය කරනවා. ඒ නිසා ඔබ තරුණ වයස මදක් ඉක්මවා තියෙනවා නම් කොපුල් ඇට සමග සමානුපාතව යමින් කම්මුල් වල ඇපල් මතු කිරීමට උත්සාහ කරන්න.

 

10. bronzer ප්‍රවේශමෙන් අයදුම් කරන්න

bronzer නාසය මත, නිකටේ හා නලල මත අයදුම් කිරීම මගින් පැරණි බවක් ගෙන එනවා. මේ වැරදි වලක්වා ගැනීම සදහා bronzer මේ ආකාර 3 අයදුම් කරන්න: නලල මධ්‍යයේ පැත්තකින් කම්මුල, නිකට හා ගෙල දක්වා. එමගින් ඔබේ මුහුණට නවීන දීප්තිමත් පෙනුමක් එකතු කර ගන්න පුලුවන්.

 

11. ඔබේ ස්වභාවික අලංකාරය වැඩි දියුණු කර ගන්න.

කෙනෙකුගේ වයස සදහා තොල්, ඇහි බැම හා ඇස් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා ඒවා අවදාරණය කර පෙන්වන්න අමතක කරන්න එපා. මේ සදහා සාමාන්‍ය වේශ නිරූපණයක් යෙදීමට අපි යෝජනා කරනවා. හැබැයි දීප්තිමත් වර්ණ වලින් වැලකීමට මතක තියා ගන්න.

 

12. සැහැල්ලු තොල් ආලේපන

අදුරු වර්ණ තොල් ආලේපන මගින් ඔයාගේ තොල් වඩා සිහින් කරලා පෙන්වනවා වගෙම වයසට අමතර අවුරුදු කිහිපයකුත් එකතු කරලා පෙන්වනවා. හැබැයි මේ ඉහල පෙලේ විලාසිතා නැඹුරුව අතහැර දමන්න වුවමනා නැහැ. ඒ නිසා අදුරු වර්ණ වෙනුවට juicy berry colors තොල් ආලේපන භාවිතා කරන්න.

 

13. සිනහව

සමීක්ෂණයකින් පෙනී ගොස් තියෙනවා සිනහව මගින් ඔබව තරුණ කරලා පෙන්වනවා වගෙම සුන්දරත්වය තවත් ඉස්මතුකරල පෙන්වනවා කියලා. ඉතින් ලෝබ නැතුව සිනහා වෙන්න…

මේ සුන්දර රහස් ටික ඔයාගේ යාළුවන් අතර SHARE කරන්න. ඔයාගේ අදහස් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔයාට ලස්සන දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
29
වටිනවා

වයසට, කාලයට ගැලපෙන විලාසිතා තෝර ගන්නේ කොහොමද

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!