කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසුව ඔබේ ශරීරයට සිදුවෙන පුදුම සහගත දේවල්


අපි බොහෝ දෙනෙක් උදෑසන අවදි වූ පසුව කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු දවස ආරම්භ කරති.මෙහි ජවය කොතෙක්ද යත් ඇතැමුන්ට උදේ කෝපි කෝප්පයක් පානය කරන තෙක් තමන්ගේ කටයුතු කිරීමට පවා උනන්දුවක් ඇති වන්නේ නැත. මේ අදහස සැබෑවක් බැව් දැන් සනාථ වී තිබේ. කෝපි කෝප්පය පිටුපස ඒ තරමටම සුවිශේෂීත්වයක් තිබේ.

කෝපි බීමෙන් විනාඩි 10 ක් ගෙවෙද්දී

කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු මුල් විනාඩි 10 ක කාලයේදීම මෙහි අන්තර්ගත කැෆේන් රුධිරයට එකතු වෙනවා.ඒ නිසා ඔබට නොදැනීම හෘදයේ වේගය සහ රුධිර පීඩනය ඉහළ යෑමක් සිදු වෙනවා.

විනාඩි 20 ක් ගෙවුනාම..

කෝපි කෝප්පයක් පානයෙන් දැන් විනාඩි 20 ක් ගෙවී අවසානයි.ඔබේ තීන්දු තීරණ ගැනීමට හොඳම කාලයයි.තීරණ ගැනීමත් එතරම් පහසු දෙයක් නොවෙයි.නිවරැදි තීරණයක් වෙනුවෙන් මනම නිරවුල්ව තිබෙන්න අවශ්‍යයි. ඔබට මේ පහසුව වගේම ගැටළු බේරුම් කර ගැනීමේ ශක්තිය කෝපි කෝප්පය පානයෙන් විනාඩි 20 කට පසුව ලැබෙනවා.ඒ වගේම ඔබේ මොළය adenosine සමග සම්බන්ධව ඇති නිසා වෙහෙසකර ගතියත් අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

විනාඩි 30 කින්

දැන් විනාඩි 30 ක් ගෙවී ගොස් අවසානයි. කෝපි වලින් ඔබේ ඇඩ්රලින් නිෂ්පාදනය වේගවත් වෙනවා. ඒ නිසා ඇසේ කනිකාව විස්තාරනය වී පෙනීම වැඩිදියුණු වෙනවා.

විනාඩි 40 කින්

දැන් ඔබේ සිරුරේ ”සෙරටොනින්” මට්ටම ඉහල යන නිසා නියුරෝන ක්‍රියාකාරිත්වය ශක්තිමත් වීම සිදු වෙනවා. එයින් ඔබේ මාංශ පේශි වඩාත් ශක්තිමත් වීමක් සිදු වෙනවා.

පැය 4 කින්

ඔබේ සිරුරේ සෛල ක්‍රියාකාරි වීම සමග ශක්තිය නිදහස් කිරීම නිසා මේද දහනය ආරම්භ කරනවා. ඒ වගේම ඔබ වැඩි ක්‍රියාකාරී නොවන අවස්ථාවකදී වුනත් උදරීය යුෂ නිෂ්පාදනය කිරීමේ හැකියාව කැෆේන් සතුව තිබෙනවා.

පැය 6 කින්

කෝපිවල අඩංගු කැෆේන් මුත්‍රාකාරකයි. ඒ නිසා නිරන්තරව මුත්‍රා මගින් සිරුරට අවශ්‍ය විටමින් සහ ඛණිජ වැනි පෝෂණ පදාර්ථ මුත්‍රා ඔස්සේ පිට විය හැකියි. ඒ නිසා ඔබේ කැල්සියම් පරිවෘත්තික ගැටලු ඇති වීමටත් ඉඩ ප්‍රස්තාවක් තිබෙන බව අමතක කළ යුතු නැහැ.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
2
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
12
වටිනවා

කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසුව ඔබේ ශරීරයට සිදුවෙන පුදුම සහගත දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!