මේ දේවල් 7 ඔයාගෙ දරුවට කවදාවත් කියන්න එපා


දෙමවුපියන්, කියන කරන දෙයම අනුගමනය කරන එක පුංචි දරුවන්ගෙ පුරුද්දක්නෙ. ඔවුන් වැඩෙන්නේ දෙමවුපියන්, වැඩිහිටියන් දිහා බලාගෙනමයි. ඒ හින්දා පුංචි දරුවන්ට වචනයක් කියන කොට තෝරා බේරාගෙන කියන එක දෙමවුපියන්ගෙ වගකීමක්. මොකද අපේ නොසැලකිල්ලෙන් කියන සමහර දේවල් හින්දා දරුවන් ලෝකය දකින විදිය වෙනස් වෙන්න පුලුවන් වගේම ඔවුන්ගේ සදාචාරයද දුර්වලව ගොඩ නැගෙන්න පුලුවන්. ඒ නිසා අපි අද කියන්නෙ දරුවන්ව බුද්ධිමත්ව හා සදාචාරසම්පන්නව ගොඩනගා ගැනීම සදහා කලයුතු හා නොකලයුතු දේවල් පිලිබදවයි.

  1. “ඔයා වැඩිහිටියන්ට සවන් දෙන්න ඕනේ”

මෙය අසා දරුවා සිතන්නේ : “හැම වැඩිහිටි කෙනෙක්ම දක්ෂයි හොදයි” “මම එයාලා කියනදේ කරන්න ඕනේ” කියලයි. නමුත් දරුවා, ආගන්තුකයින්ද ඇතුලුව හැම වැඩිහිටි කෙනෙක්වම විශ්වාස කිරීමට පෙලඹිම, ඔවුන් කිසිවෙකුත් නරක නැති බව සිතිම, බෙහෙවින් අනතුරුදායක වෙනවා.

නිවැරදි අදහස: “ඔයා ඔයාගෙ, දෙමවුපියන්ට සවන් දෙන්න ඕනේ.” මෙසේ පැවසීම මගින් දරුවාට විවේචනාත්මක චින්තනයක් මෙන්ම ආගන්තුකයන් පිලිබද යහපත්, අවිශ්වාසයකුත් ගොඩ නැගෙනවා. එසේ වීම, ඔබේ දරුවාගෙ ආරක්ශාවට යහපත්.

  1. “අඩන එක නවත්තන්න”

මෙය අසා දරුවා සිතන්නේ : “හැගීම් පෙන්නන එක නරක දෙයක්” “මම කදුලු හංගගන්න ඔනේ”. මෙසේ ඔහු නිශ්ශබ්ද පසුබෑමකින් සිටියද මොහොතකින් හෝ පසුව ඔහු ආක්‍රමනශීලීව හැසිරීමට හෝ හැඩීමට උත්සාහ කරන්න පුලුවන්.

නිවැරදි අදහස: “මට කියන්න ඔයාට තියන ප්‍රශ්නෙ මොකද්ද?” “ඔයා අඩන්නෙ ඇයි?” කියලා කරුණාවෙන් අහන්න. දරුවා වැටුනොත් හෝ කම්පනයට පත් වුනොත් “ඔයා අඩන්නෙ ඇයි?” “ඔයාට රිදුනද?” “ඔයාට බය හිතුනද?” කියල අහන්න. මෙමගින් දරුවාගේ නියම හැගීම් තේරුම් ගැනීමට ඔයාට පුලුවන් වෙනවා.

  1. “පෙරේත වෙන්න එපා”

මෙය අසා දරුවා සිතන්නේ : “මම හැමදේම බෙදා ගන්න ඔනේ” “මගේ කියලා කිසිම දෙයක් නෑ” කාලයත් සමග මේ සිතුවිලි පරිත්‍යාගශීලී හැසිරීම් බවට පත් වෙන්න පුලුවන් වුනත්, දෙමවුපියන්ට ඔහුව වටින්නේ නැහැයි කියල ඔහුට හිතුනොත් ඔහු තමන්ගෙ සාරධර්ම හා දේපල ආරක්ශා කිරීමට පෙලඹෙනේ නැති වෙන්න පුලුවන්.

නිවැරදි අදහස: “ඔයා මෙයාට ඔයාගෙ සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරන්න දුන්නද?” “ඔයාලට සෙල්ලම් බඩු හුවමාරු කරගන්නත් පුලුවන් ඕනෙනම්” මේ විදියට ඔයාගෙ දරුවට ඔහුගේ දේවල් කලමනාකරණය කර ගැනීමට ඉඩ දෙන්න. නමුත් ඔහු බෙදා ගැනීමට විරුද්ධ නම් ඉන්පසු කරදර කරන්න යන්න එපා.

  1. “ඔයාට මේක ඉගැන්නුවෙ කවුද?” (මැරවරකම් ගැන)

මෙය අසා දරුවා සිතන්නේ : “අමමයි තාත්තයි දන්නෑ මම මේක එක්ක ආවා කියලා” එවැනි ආකාරයට දරුවා සිතන්නේ අනුන්ට දඩුවම් කිරීමෙන් තමන්ට දඩුවම් විදීමට සිදු වෙන්නෙ නෑ කියලයි.

නිවැරදි අදහස: “ඇයි ඔයා ඒක කලේ?” යන විදියට ඇහුවාම එය ඔහුමද කලේ නැත්නම් යමෙකුගේ පෙළඹවීමක් මත කලාද කියලා සොයා ගැනීමට ඔබට උපකාර වෙනවා. එමෙන්ම ඔහුගේ ක්‍රියාවන් පැහැදිලි කිරීමටද ඔහුට අවස්තාවක් දෙන්න.

  1. “බලන්න මේ ලස්සන කෙල්ල”

මෙය අසා දරුවා සිතන්නේ : “අනිත් අයට වඩා මම නරකයි” “මම කිසිම දෙයක් කරන්න හැදුවට වැඩක් නෑ” “ඒක වැඩ කරන්නෙ නෑ”. ඔබගේ දරුවාව අනෙක් දරුවන් සමග සසදනකොට එය ඔබේ දරුවාගෙ ආත්ම ගෞරවයට දැඩි ලෙස බලපානවා. ඔහුට කිසිම වෙලාවක කිසිම දෙයක් නොලැබෙනවා කියල ඔහුට හිතෙන්න පුලුවන්.

නිවැරදි අදහස: “මං ඔයාට ආදරෙයි” “ඔයාට මේක කරන්න පුලුවන්” කියමින් ඔබේ දරුවාගෙ හැකියාවන් පෙන්වා දෙන්න. ඔබ ඔහු ගැන විශ්වාස කරනවා කියලත් පෙන්වන්න. මතක තියා ගන්න ඔබේ දරුවා අද්විතීයයි මෙන්ම ඔහුගේම දක්ෂතා ඔහුට තියෙනවා.

  1. “අපි ගෙදර ගිහිල්ලා මේ ගැන කතා කරමු”

මෙය අසා දරුවා සිතන්නේ : “මගේ දෙමවුපියො මට රිද්දනවා” එයාලා මට කැමති නෑ” “මට ගෙදර යන්න ඕනේ නෑ” කියලයි. දෙමවුපියන් තව දුරටත් ආදරය නොකර තර්ජනය කරනවා නම් දරුවාට, දඩුවම් දෙන ස්තානයක් විදියට ගෙදර මතක් වෙන්න පුලුවන්

නිවැරදි අදහස: “ඔයා මාව කලකිරවපු දේ දැන්ම මට කියන්න දෙන්න” යනවිදියට කිව්වාම දරුවා ඔබේ හැගීම් ගැඹුරින් තේරුම් ගැනීමට උත්සාහ කරනවා මෙන්ම අනාගතයේ ඔහුගේ ක්‍රියාද යහපත් කර ගැනීමට උත්සාහ කරනවා.

  1. “ඔයා මේ ගැන හිතන්න තාම පොඩි වැඩියි”

මෙය අසා දරුවා සිතන්නේ : “මට දැනගන්නම ඕනේ” “මම වෙන කෙනෙකුගෙන් අහනවා” ඔබේ දරුවා ඔහු නොදන්නා ප්‍රශ්න අසා, තොරතුරු නොලැබෙනවා නම් එය වෙන කෙනෙකුගෙන් අසන්නට පුලුවන්. එවිට අඩු නිපුණතාවකින් යුතු පිලිතුරක් ලැබුනද ඔහු එය විශ්වාස කිරීමට පෙලඹෙනවා.

නිවැරදි අදහස: “දැන් මම පිලිතුරු දෙන්න සූදානම් නෑ” “මට පොඩි කාලයක් දෙන්න” විදියට කියන්න. කිසිම විටක දරුවාව ඉවතදාන්න එපා. ඔහු අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න උත්සාහ කරන්න. එසේ කරන විට ඔහුගේ දෑස් තුල ඔබ පිලිබද අධිකාරයක් ගොඩ නැගෙනවා මෙන්ම ඔහුගේ විශ්වාසය අහිමි වන්නේද නැහැ.

දරුවන්ගේ හිත් මල් වගේ නිසා ඔවුන්ගේ සිත් නොතලා යහපත් විදියට ගොඩනැගෙන්න ඔවුන්ට උදවු කරන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
5
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
74
වටිනවා

මේ දේවල් 7 ඔයාගෙ දරුවට කවදාවත් කියන්න එපා

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!