අපේ අවට තියෙන හැමදාම දකින මේ දේවල් ඇත්තටම තියෙන්නේ මෙන්න මේ අරමුණු සදහායි


අපේ වටපිටාවේ වගේම අපි පරිහරනය කරන බොහෝ දේ තුළ තිබෙන සරල සිදුවීම් ගැන සමහර විට මෙතෙක් අපි හිතුවේ නැති වුනත් මේ පුංචි සිදුවීමක් තුළ තිබෙන අපට නොපෙනෙන දේ බොහෝ තිබෙනවා. මේ එයින් කීපයක්..

1. මට ආදරේ කරන කෙනෙක් දැන් ඉන්නවා.

ඔබේ කමිසය පිටුපස තිබෙන ලූපය ගැන අදහස් විමසා සිටියොත් ඒ ගැන විවිධ පිළිතුරු ලැබේවි. කලිසම එල්ලා තැබීම යනු ඒ අතරින් එකක් විය හැකියි. ඒ වගේම අතීතයේදී කමිසයේ කොළරය කමිසයට සවි වී තිබුනේ නැහැ. ඒ අතර කොළරය කිලුටු වෙනවාට ඊට යටින් ලේන්සුවක් තබා තිබුනා. මේවා කමිසයට සම්බන්ධ කර තැබීමට යන්න දෙවැනි පිලිතුර වෙන්න පුලුවනි.තුන්වැනි කරුණ නම් ඉතාම රසවත්. ඇමරිකානු සරසවියේ ශිෂ්‍යන් තමන්ට පෙම්වතියක් හමු වූ බව සංකේතවත් කිරීමට කමිසයේ මෙම ලූපය ගලවා දමනවා. ඊට පිළිතුරු විදිහට පෙම්වතිය තමන්ටත් දැන් පෙම්වතෙක් ඉන්න බැව් පෙන්වීමට ඇය විසින් සරසවියේ ලාංඡනය සහිත ස්කාෆ් එකක් පැළඳ සිටිනවා.

2. ලැප්ටොප් එකට “ferrite bead”

“ferrite bead” ගැන ලැප්ටොප් පරිගණකය පාවිච්චි කරන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.කුඩා වුනත් මේ උපාංගයෙන් ලැබෙන ප්‍රයෝජනය සුලු පටු නැහැ. ”ෆෙරයිට් බීඩ්” යනුවෙන් හැඳින්වෙන මෙම උපාංගයේ සැලසුම සරල වුනත් එයින් සිදු වෙන මෙහෙය සිතා ගත නොහැකි තරම් ඉහලයි.මේ කේබලය වටා ඇති මගින් විද්්‍යුත් පරිපථවල අධි සංඛ්‍යාත (high-frequency) ශබ්ද මර්ධනය කරනවා.

3. ගුවන්යානයේ කවුළුවට සිදුර

ගුවන්යානාවක ගමන් කරන ඔබ එහි කවුළු සෑදීම සඳහා පර්පෙක්ස්(perspex) හෙවත් වීදුරු කැබැලි දෙකක් භාවිතා කර තිබෙන බැව් දන්නවාද?ගුවන් යානාවේ කැබින් හි සහ පිටත අතර වූ පීඩනයේ වෙනස නිසා අභ්‍යන්තර කවුළුව සුනු විසුනු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කැබින් එක සහ කවුළු දෙක අතර ප්‍රදේශයට වාතය ගමන් කිරීම මෙම සිදුර මගින් ඉඩ සලසා තිබෙනවා.

4. ඉරේසරයේ නිල් පාට කොටස

කවුරුන් හෝ ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබේ ඉරේසරයේ නිල් පැහැති කොටසක් තිබෙන්නේ ඇයි..? සරලම පිළිතුර විදිහට ඔබ මෙහෙම කියාවි. එක පැත්තකින් පැන්සල් ඉරි මකනවා. අනිත් පැත්තෙන් පෑන් ඉරි මකනවා.හැබැයි මෙහි සත්‍යතාවයක් නැහැ. ඒ වුනත් අතීතයේ පටන් මේ ගැන විශ්වාසය තිබුණා..මුල්දී මුල් කාලයේදී බොහෝ දෙනා විශ්වාස කළේ ඝණකම් සහිත කඩදාසියේ සලකුණු ඉවත් කිරීම මකනයේ නිල් පැහැති කොටසින් සිදු වෙන බවයි. නමුත් පසුකාලයේදී මකනයේ නිල් පැහැති කොටසින් සියල්ලම ඉවත් කිරිමේ හැකියාව ඇති බව බොහෝ දෙනාට තේරුම් ගියා. මේ බැව් සාමාන්‍ය පුද්ගලයන්ට නොතේරෙන නිසා මකනයේ නිල් පැහැති කොටසේ පෑනක රූපයක් පවා ලේබල් කර තිබුණා. හැබෑවටම නිල් පාට කොටසින් පෑන් ඉරි කිසිම කරදරයක් නැතුව ඉවත් වෙන බැව් සමාජය තේරුම් ගත්තා.

5. කමිසයේ තිරස් සිදුරු

කමිසයක් දිහා බලන්න. එහි ඉහළ බොත්තම් සිදුර සහ පහළ බොත්තම් සිදුර මසා තිබෙන්නේ තිරස් හැඩයෙන්. අනිත් බොත්තම්වල සිදුරු සිරස් හැඩයෙන් මසා තිබෙනවා. ඉතින් ඔබ නොදැන සිටියාට මේ සිරස් සිදුරට සම්බන්ධ බොත්තම් ඉතා පහසුවෙන් ගැලවෙනවා. නමුත් තිරස් බොත්තම් සිදුරුවලට සම්බන්ධ බොත්තම් මුලින් සඳහන් කළ සිරස් කාසවල බොත්තම් මෙන් ගැලවෙන සීඝ්‍රතාවය අඩුයි.

6. පාවහන්වල අතිරේක අයිලට් (eyelets )

ධාවනයේදී අපි භාවිතා කරන පාවහන්වල මුදුනත ඇති අතිරේක අයිලට් (eyelets )ගැන ඔබේ අවදානය යොමු වී තිබෙනවාද?සමහර විට ඒ ගැන අපේ වැඩි අවධානයක් යොමු නොවුනත් මේවා නිර්මානය කර තිබෙන්නේ වැදගත් අරමුණක් ඇතුවයි.ඔබ ක්‍රිඩා කරන විට දෙපාවල වළලුකර නොදැනුවත්වම එකටෙක ගැ‍ටෙන්න පුලුවනි. එයින් වළලුකරට අනතුරු වගේම වේදනා දෙන නිසා පාවහන් මත ඇති මෙම අයිලට් මගින් එම අපහසුතාවයෙන් ක්‍රිඩකයා ආරක්ෂා කරනවා.ඒ වගේම පුහුණුකරුවන්ගේ පාවහන්වලත් මේ වගේ සිදුරු තිබෙන අතර එයින් දෙපා වෙනුවෙන් සුවපහසුවක් ගැන විශ්වාස තබන්න නොහැකි වුනත් හොඳින් වාතාශ්‍රය නම් ලැබෙනවා.

7. ස්පැගටි හැන්දට හිලක්

ස්පැගටි ආහාරයට ගන්නා හැන්දේ තිබෙන සිදුර නිසා ලැබෙන ප්‍රයෝජනය ගැන ඔබ දන්නවාද..? අපි හැම දෙනෙකුගේම ආහාර පරිමාව එක සමාන නැහැ.සමහර අයගේ ආහාර ප්‍රමාණය විහාලයි. තවත් අයගේ ආහාර ප්‍රමාණය සීමිතයි.නමුත් හැන්දේ තිබෙන මේ සිදුර නිසා පුද්ගලයෙකුට වරකට ගත හැකි ස්පැගටි ප්‍රමාණය මේ සිදුර නිසා ලබා ගන්න පුලුවනි.

8. කලිසමට ස්ටඩ්

කලිසමේ තිබෙන කුඩා සාක්කුව නිසා ශ්‍රමිකයන්ට තමන්ගේ වැඩ කරන විවිධ මෙවලම් තමා සමීපයේ තබා ගැනීමට පහසු බවට යන පිලිගැනීම තිබුනත් එහි ඇත්ත කතාව මීට වෙනස්.ඊට හේතුව මුලින්ම කලිසමේ තිබුන සාක්කුව දැක ගන්න ලැබුනේ 1873 වසරේ ‘ලෙවී ගේ ජීන්ස් කලිසමේ. එහෙම නම් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයට කළිසම් සාක්කුව ඇති වුන බැව් කියන්න බැහැ. ඒ නිසාම මේ කලිසමේ සාක්කුව ඔරලෝසුව රදවා ගැනීම වෙනුවෙන් ආරම්භ වුනා යැයි අදහස සමාජගත වුන අතර අදටත් කලිසමේ සාක්කුව “ඔරලෝසු සාක්කුව” (‘watch pocket’)යනුවෙන් හැඳින්වෙනවා.

මුල් කාලයේදී ශ්‍රමිකයන් තව සේවාවන්හි නිතර වෙන විට ඩෙනිම් ඇඳගෙන වැඩපල කළත් කය වෙහෙසන කටයුතුවලදී කලිසම කඩා වැටීමේ කරදරය තිබුණා. ඊට විසඳුමක් විදිහට studs ඇණ යොදා ගත්තා.කලිසමට මේ ඇණ යොදා ගැනීම නිසා කලිසමේ ශක්තිය වගේම සිරුරට දැනුන පීඩාවෙන් මිදෙන්න පුලුවන් වුණා. මේ අතර ස්ටඩ් යෙදූ ඩෙනිම් කලිසම් නිසා මෙතෙක් තිබුන සියලුම ගැටලු මග හැරී ගියා.

9. බෝල්පොයින්ට් පෑනට සිදුරක්

බෝල්පොයින්ට් පෑනක ක්ලිප් හෙවත් වැස්මේ තිබෙන සිදුර දැක තිබෙනවාද? සමහර විට එය අපේ ඇසට නොපෙනෙන තරම් ඉදිකටු තුඩක් තරම් කුඩා වුනත් මෙයින් සිදුවෙන කාර්යය සුලු පටු නැහැ..ඔබ මේ විදිහට හිතන්න. අපේ උගුරේ යමක් සිර වුනොත් වාතය ගලා යෑම අවහිර වී ඉදිමුම් ඇති වෙන්න පුලුවනි. බෝල්පොයින්ට් පෑනටත් වාතය නොලැබී ගියොත් එහි කාපන් කොටස දියවෙන බැව් ඔබත් හොදින් දන්නවා. පියන නැති පෑන් උතුරන්නේ පෑනට වාතය නොලැබෙන නිසයි.

10. සේදුම් දියර අත්හදා බලන්න

අලුත් ඇඳුම් මිළට ගැනීමේදී ලබා දෙන මෙම ද්‍රව්‍ය ඔබේ ඇඳුම් සෝදන විට යොදන සේදුම් දියර වෙනුවෙන් රසායනික ප්‍රතික්‍රියා දක්වන්නේ කෙසේදැයි ඍජුව අත්හදා බැලීමට ලැබෙන විශේෂ දෙයක්. එවිට ඔබේ ඇදුම මෙම සේදුම් දියරයට බහා ලීමට පෙරාතුව ඔබට ලබා දී තිබෙන රෙදි කැබැලි දියරයට යොදා ගෙන එහි වර්ණය සහ පෙනුමට හානියක් සිදු නොවන ලෙසින් ඇඳුම ප්‍රවේසම් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
13
වටිනවා

අපේ අවට තියෙන හැමදාම දකින මේ දේවල් ඇත්තටම තියෙන්නේ මෙන්න මේ අරමුණු සදහායි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!