නින්දෙන් දකින හීන වල පිටුපස ලොකු තේරුමක් තියනවා


නින්දෙන් දකින හීන වලදි ගොඩක් වෙලාවට අපි විනෝද වෙනවා, නැත්තන් බය වෙනවා, අඩනවා සමහර වෙලාවට මියගිය හිතවතුන්වත් අපිට හීනෙන් පෙනෙනවා. ඒ වගෙම තව නානාප්‍රකාර දේවලුත් අපි හීනෙන් දකිනවා. කොහොම වුනත් මේ හැම සිහිනයකටම තේරුමක් තියනවා. ඒ හැම හීනයක් ගැනම අපිට අද කියන්න බැරි වුනත් සිහින කිහිපයක පිටුපස අර්ථය ගැන පැහැදිලි කරන්න තමයි මේ පුංචි උත්සාහය ගන්නේ..

පෙට්ටි

ඔබ සිහිනෙන් පෙට්ටි දකිනවා නම් එයින් ඔබේ අභ්‍යන්තර සිතුවිලි පිලිබද පෙන්නුම් කරනවා. හිස් පෙට්ටි මගින් බලාපොත්තු සුන්වීමක් පෙනවන අතර විවෘත පෙට්ටි මගින් අදහස් වෙන්නේ ඔබේ රහස් එලි කල යුතු බවයි.

 

ඇද වැටීම

විශාල උසක සිට බිමට ඇද වැටෙන බව ඔබ කවදාහෝ සිහිනෙන් දැකලා තියෙනවද? එයින් අදහස් වෙන්නේ සමහර විට සෙමෙන් ඔබ ඔබේ පාලනයෙන්ම මිදීමට ඉඩ තිබෙන බව හා ඔබේ අසමත් වීම් ගැන ඔබට මහත් බියක් ඇති බවයි.

 

බළලුන්

බළලුන්ව සිහිනෙන් දැකීමේ පලාපල බොහෝමයක් තියෙනවා. සමහරු පවසන්නේ එය ස්ත්‍රී භාවය, මෘදු බව, ස්වාධීන ස්වභාවය, නිර්මාණශීලීත්වය, බලය වගේම අවාසනාවන්ත තත්වය, අවධානම, නරක වාසනාව, වංචා සහ අසත්‍ය සමගත් සම්බන්ධතාවයක් පවතින බවයි. ඒ වගෙම ලෙඩ වූ බළලෙක් දැකීමෙන් ස්ත්‍රීන්ගේ බලයට බියෙන් පසු වෙන බව පෙන්වනවා.

 

දත්

සිහිනෙන් දතක් වැටෙනවා දුටුවොත් එමගින් ඔබේ සිතේ තියෙන මහළු වීමට ඇති බිය පිලිබිඹු කරයි.

 

කුහුඹුවන්

කුහුඹුවන් යනු ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරන හා විනය ගරුක ලෙස ජීවත් වෙන පෘථිවි වාසියෙකි. ඔවුන් තමන්ගේ හවුල්කරුවන් සමග ඉතා හොදින් වැඩ කරනවා. ඉතින් කුහුඹුවන් සිහිනෙන් දකින විට ඔබ ඉතා කාර්යබහුල වන බව හා සබදතාවලදි හොදින් කටයුතු කරන බවක් පෙන්වනවා.

 

කොණ්ඩය

අපි ඇත්තටම දන්නවා හිසකෙස් සමග අපේ සම්බන්ධතාව ඉතාම පුද්ගලිකයි හා කිට්ටුයි කියලා. ඉතින් ඔබ හිසකෙස් සිහිනෙන් දකිනවා නම් එයින් කියවෙනවා ඔබ ගැන අන් අයගේ ප්‍රකාශ ඔබ හොදින් දන්න බව හා ආත්ම විශ්වාසය හා ආරක්ෂාව පිලිබදවත් සැලකිල්ලක් දක්වන බවයි.

 

වතුර

ජලය ගැන දකින සිහින හැගීම්, අවිඥානය හා අවිනිශ්චිතතාවයන් සමග සම්බන්ධ වෙයි. අපිරිසිදු වතුර සිහිනෙන් දකිනවා නම් එමගින් අප තුල සෘණ සිතුවිලි ඇතිබව පෙන්වනවා. ගලායන ජලය දුටු විට සිතේ නිදහස් බව හා ලිහිල් බව පෙන්වනවා.

 

පියාසර කිරිම

පියාසර කරන බවක් සිහිනෙන් දකින විට ඔබ ජීවිතයේ විශාල තීරණයක් ගන්න බවක් අදහස් වෙනවා. එය ගර්භනීභාවය, විවාහ ජීවිතය හා සිහින රැකියාව මෙන්ම ඕනෑම දෙයක් පිලිබද වෙන්න පුලුවන්. එය ඔබේ ශුභවාදි බව පෙන්නුම් කරනවා.

 

පාරවල්

පාරවල් ගැන සිහින දකින එක ඉතාම ශුභවාදි වෙනවා. එමගින් අදහස් වෙන්නේ ඔබ සංචාරය සදහා සිහින දකිමින් සිටින බව හා ඔබේ දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා කොතරම් දුරට බලාපොරොත්තුවෙන් සිටිනවාද යන්නයි. ඒ නිසා සිහිනයෙන් මාර්ග දැකීම ඉතාම ධනාත්මක දෙයක්.

 

මඩ

සිහිනෙන් මඩ දැකිම මගින් සංකේතවත් කරන්නේ ඔබ කරදරයට පත් වෙන බව හා මානසික අවපීඩනයෙන් පෙලෙන බවයි.

 

ප්‍රසිද්ධියේ නිරුවත් වීම

අපි සිහිනෙන් ප්‍රසිද්ධියේ නිරුවත්ව සිටින ආකාරය දකිනවා නම් එයින් අදහස් වෙන්නේ ජනතාව ඔබ ගැන කොපමන හොදින් නිගමනය කරනවාද යන්න ගැන හා ඔබ ඔබේ දුර්වලතා හා ශක්තීන් ගැන හොදින් දැන සිටින බවයි.

මේ කරුණු වලින් අලුත් දෙයක් ඉගෙන ගන්න ඔයාට පුලුවන් වුනා නම්, යාළුවන්ටත් share කරන්න. සුභ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
9
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
26
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
19
වටිනවා

නින්දෙන් දකින හීන වල පිටුපස ලොකු තේරුමක් තියනවා

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!