මේ මුලික රෝග ලක්ෂණ පහල වෙනවා නම් ඔබට දියවැඩියාව වැලදීමේ වැඩි අවදානමක් තියෙනවා


දියවැඩියාව කියන්නේ ඉන්සියුලින් නිපදවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ඔබේ ශරීරයේ හැකියාවට බලපාන රෝගි තත්වයකි. එය රුධිරයේ අධික සීනි වල ප්‍රතිඵලයකි. බොහෝ අයට මෙහි මුල් රෝග ලක්ෂණ බලපාන්නේ ඉතා අඩුවෙනුයි. නමුත් රෝගය වැලදුනු මුල් අවදියේම හදුනා ගැනීමට නොහැකි වුනොත් කල් යනවිට එය ඔබේ ජීවිතයට තර්ජනයක් ලෙස වර්ධනය වෙන්න පුලුවන්. ඒ නිසා දියවැඩියාව හදුනාගත හැකි මුල් ලක්ෂණ කිහිපයක් පිලිබදව තමයි අපි අද ඔබව දැනුවත් කරන්න හිතුවේ.

1. වැඩි පිපාසය සහ මුත්‍රා කිරීම.


වැඩි පිපාසය (polydipsia) හා වැඩියෙන් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව (polyuria) දියවැඩියාවේ වඩාත් පොදු රෝග ලක්ෂණ විදියට හදුන්වන්න පුලුවන්. ඔබට දියවැඩියාව ඇති විට ඔබේ වකුගඩු වලට අතිරික්ත සීනි අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ වෙනුවට පටක වලින් දියර ලබා ගෙන ඔබේ මුත්‍රා තුලම එය අවසාන කරනවා. එහිදී ඔබට වැඩියෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් පැමිනෙන අතර පසුව ශරීරය විජලනය වීමට පටන් ගන්නවා. වැඩියෙන් පිපාසය ඇතිවෙන නිසා ඔබට වැඩියෙන් පානය කිරිමට අවශ්‍ය වෙන අතර එවිට වැඩියෙන් මුත්‍රා කිරීමටද සිදු වෙනවා.

සාමාන්‍ය පුද්ගලයකු දිනකට 6-7 වතාවක් මුත්‍රා කරනවා. පුද්ගලයා සමාන්‍ය සෞඛ්‍ය තත්වයකින් සිටිනවා නම් 4 සිට 10 වතාව දක්වා එය පොදුවේ වෙනස් වෙනවා.

2. අධික කුසගින්න.


අධික කුසගින්න (polyphagia) ඉහත සදහන් කල අධික පිපාසය හා මුත්‍රා කිරීම සමග සම්බන්ධ වන දියවැඩියාවේ 3වන ප්‍රධාන සාධකය වෙනවා. ඔබේ ශරීරය ප්‍රමානවත් ඉන්සියුලින් නිපදවන්නේ නැති නම් හෝ සාමාන්‍යයෙන් එය ප්‍රතිචාර නොදක්වනවා නම් ඔබේ සෛල ශක්තිය සදහා බලපාන ආහාර ග්ලූකෝස් බවට පරිවර්තනය කිරිමේ හැකියාව එයට හිමි වෙන්නේ නැහැ. ඒනිසා කුසගින්න නිමා නොවන අතර ආහාර ගැනීමේ අවශ්‍යතාව නිතරම ඇති වෙනවා. එවිට සිදු වෙන්න රුධිරයේ සීනි මට්ටම තවත් වැඩි වීමයි.

ඔබටත් කොතරම් ආහාර ගත්තද නිමා නොවන කුසගින්නක් තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පමා වෙන්න එපා.

3. විඩාපත් බව.


දියවැඩියාව පිලිබද ඇතිවෙන තවත් පොදු සංඥාවක් වන්නේ නිරන්තරයෙන් ඇති වෙන තෙහෙට්ටු ගතියයි. මෙහිදී සෛල ශක්තිය සඳහා ප්‍රමානවත් තරම් ග්ලූකෝස් නොමැති නිසා නිතර ඇතිවෙන කුසගින්න නිසාම ඔබට වෙහෙසකර ගතිය හා නිදිමත නිතරම දැනෙනවා. නිතර මුත්‍රා පිටවීම නිසා ඇතිවෙන විජලනයද විඩාපත් බවට හේතුවක් වෙනවා.

විඩාපත් බව තවත් බොහෝ රෝගී තත්වයන් වල රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්. (කාබන් අධික ආහාර ගැනීම, කැෆේන්, වයෝවෘධ බව). නමුත් මෙම ලැයිස්තුවේ වෙනත් ලක්ෂණ සමග සංයෝග වී ඇතිවිට නිසැකවම එය දියවැඩියාවේ ලක්ෂණයක් වෙන්න පුලුවන්.

4. නොපැහැදිලි පෙනීම.


නොපැහැදිලි පෙනුමත් දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකියි. මෙය තරල මාරු වීම නිසා ඇසේ කාචය ඉදිමීම හා හැඩය මාරුවීම නිසා සිදුවෙනවා. මෙහිදී පෙනුම වෙනස් වන අතර අදුරු වූ හා බොද වු පෙනුමක් ඔබට ලැබෙන්න පුලුවන්.

මෙහිදී ඔබගේ රුධිරයේ සීනි මට්ටමට ප්‍රතිකාර කිරීමෙන් පෙනීම යථා තත්වයට පත් වෙනවා. නමුත් දියවැඩියාවට ප්‍රතිකාර නොකලහොත් ඔබගේ පෙනීම අන්ධ වෙන්න පවා පුලුවන්.

5. අනපේක්ෂිත බර අඩුවීම.


අනපේක්ෂිත බර අඩුවීම කියන්නේ ව්‍යායාම කිරීමෙන් තොරව හෝ ආහාර පාලනයෙන් තොරව සිදුවෙන අසාමාන්‍ය බර අඩු වීමයි. එසේ වෙන්නේ ඔබේ ශරීරයේ දියවැඩියාව ඇති විට ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලූකෝස් භාවිතා කල නොහැකි නිසා මාංශ පේශින් වල ඇති මේදයද දහනය කර ගන්න නිසායි. ඒ වගෙම විජනලනය කිරීම සදහා අවශ්‍ය සියලු තරල භාවිතා කිරීම මගින්ද ශරීරයේ බර අඩු වෙනවා.

1 වර්ගයේ දියවැඩියාවෙන් පෙලන අයගේ මූලික රෝග ලක්ෂණයක් ලෙස අනපේක්ෂිත බර අඩුවීම දක්වන්න පුලුවන් වගෙම 2 වන වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙන අයටද ඇතැම් විට මේ තත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා.

6. සමේ කැසීම්.


ඉහත සදහන් කල පරිදි සීනි ඔබේ මුත්‍රා තුලින් පිටතට පැමිනෙන විට එය ඔබේ අනෙකුත් පටක ඇතුලුව සම තුලින්ද තරල පිටතට රැගෙන එනවා. එහිදී සම වියළි කැසීමට ලක් වෙන්න පුලුවන්. එහිදි සම කැඩී යාමට හා ආසාදනය වීමට පටන් ගන්නවා. සමේ කැසීම සදහා බලපාන තවත් හේතුවක් වන යීස්ට් ආසාදනයද දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ගෙ පොදු ලක්ෂණයකි.

7. තුවාල සුව වීමට කල් ගතවීම.


සෙමින් සුව වෙන තුවාල ඇති වීම බොහෝ විට දියවැඩියාවේ රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්. අධික රුධිර සීනි තුවාල ඉක්මනින් සුව නොකරන අතර තුවාල වල ප්‍රදාහය වැඩි කරයි. ඒවගෙම දුර්වල රුධිර සංසරණයටද එය හේතුවක් වෙන නිසා සමේ හානියටපත් ප්‍රදේශ වලට රුධිරයට පැමිනීමට හා අලුත්වැඩියා කිරීමට අපහසු වේ. මෙය වැඩියෙන්ම බලපාන්නේ පාදවල තුවාල සදහායි.

ඒ නිසා දිගු කලක් සුව නොවන තුවාල තිබෙනවා නම් ඒ පිලිබද වෛද්‍යවරයා දැනුවත් කරන්න.

8. සමේ අදුරු පැල්ලම්.


Acanthosis nigricans යනු සමේ ඇතිවෙන අදුරු පැල්ලම් වල පෙනුමකි. මෙවැනි පැල්ලම් බොහෝ විට ගෙලෙහි, කිහිල්ලේ, ඉකිලියේ, වැලමිටි ඇතුලු පැත්තේ, දණහිස පිටුපස සහ ඇගිලිමත ඇති වෙනවා.

ඔබට මෙවැනි ලක්ෂණ තිබෙනවා නම් එය පුර්ව දියවැඩියාව හෝ දියවැඩියාව පිලිබද ලක්ෂණයක් වෙන්න පුලුවන්. ඒනිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

9. පාද හෝ අත්වල හිරිය හෝ පොපියන ගතිය.


පාද හෝ අත්වල ඇති වෙන හිරිය දියවැඩිය පිලිබද තවත් පොදු ලක්ෂණයකි. ඉහතින් සදහන් කල පරිදි අදික සීනි දුර්වල රුධිර සංසරණයට හේතුවන අතර එය ස්නායු වලට හානි පමුනුවනවා. මෙහිදී හදවතෙන් ඈත්ව සිටින ශරීර කොටස් වන අත් පා මුලින්ම වේදනාවට පත් වෙනවා.

දියවැඩියාව කියන්නේ ප්‍රතිකාර නොකලොත් බරපතල සංකූලතා ඇතිවෙන නිදන්ගත රෝගි තත්වයකි. නමුත් එය මුල් කාලයේම හදුනාගැනීමට ලැබුනහොත් පාලනය කිරීම පහසු වන අතර ඔබට දිගු නිරෝගිමත් ජිවිතයකටද හිමිකම් කීමට හැකි වනු ඇත. ඒ නිසා මේ අතරින් එක් රෝග ලක්ෂණයක් හෝ දකින්න ලැබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

මේ ලිපිය මිතුරන්ටත් දැනුවත් වෙන්න share කරන්න. ඔබට නිරෝගිමත් දිවියක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
0
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
44
වටිනවා

මේ මුලික රෝග ලක්ෂණ පහල වෙනවා නම් ඔබට දියවැඩියාව වැලදීමේ වැඩි අවදානමක් තියෙනවා

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!