මැජික්වලින් මවන ඇස්බැන්දුම් බලන්න බොහෝ දෙනෙක් කැමැතියි. ඉන්ද්‍රජාලිකයා මවන විය නොහැකි දේ බලමින් ප්‍රේක්ෂකයා විමතියටත් ,සතුටටත් පත් වෙනවා. නමුත් ඔහු මවන දේ පිටුපස තිබෙන රහස් ගැන ඔබ දන්නවාද…?
1. තොප්පියෙන් හාවා පිටතට ගැනීම
ඔන්න මේ මැජික් එක පෙන්වන්න අවශ්‍ය දේ-හාවෙක්, මේස රෙද්දකින් ආවරණව වුන මේසයක්, රෙදි කළු රෙදි කැබැල්ලක් සහ උස් තොප්පියක්.
මුලින්ම කළු ගොරෝසු හරි හතරැස් රෙදි කැබැල්ලක් ගෙන එහි කොන් හතර ලිහිල්ව බදිනවා. මෙම පැස තුළ හාවා තබන්න. මේසයේ පැත්තක මෙම පැස එල්ලා තබන්න. ප්‍රේක්ෂකයන්ට මුහුණ දෙන පැත්තේ ඇති මේසයේ කොක්කක් මත පැස එල්ලා තබන්න. මෙය ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන සේ මේස රෙද්දකින් වසන්න.
දැන් ප්‍රේක්ෂකයන්ට මැජික්කරුවා ගැන විශ්වනීයත්වය තහවුරු කිරීමට උස් තොප්පිය ඇතුලත කිසිවක් නොමැති බව පෙන්වන්න.දැන් තොප්පිය මේසය මත තබන්න.
දැන් තමයි හොඳම කොටස. ප්‍රෙක්ෂකයන්ට නොපෙනෙන සේ පහසු ඉරියව්වකින් තොප්පියට යටින් පැස තබන්න.දැන් භාරධූර දෙයක් කරන අන්දම ප්‍රදර්ශනය කරන සේ කල්පනාවක සිටින්න. පුංචි චලනයක් කරන්න.මේසයෙන් තොප්පිය ඉවත් කරන්න. දැන් හාවා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න.
2. ඇගිලි ආධාරයෙන් ගිනි දැල්වීම
ගිනිපෙට්ටටියක් ගෙන එහි ගිනි ඇවිලෙන පැති දෙකින් එකක් කපන්න.ඒ වටා ඇති කාඩ්බෝඩ් කැබැල්ලත් ඉවත් කරන්න.දැන් තීරුව දෙකට නැවී ගිනි දැල්වෙනු ඇති.එය පිලිස්සී ගිය පසු එයින් දැවී ගිය කොටස් එකතු කරන්න.දැන් ඔබේ මහටැගිල්ල සහ දර්ශක ඇඟිල්ල එකට අතුල්ලන්න.මුලින් දැවී ඉතිරි වුන අපද්‍රව්‍ය මත තිබුන සුදු පොස්පරස් ඔබේ ඇඟිලි මත ඇති නිසා දුමක් නැගේවි. හැබැයි මැජික් පෙන්වා අවසානයේදී අත සෝදාගන්න අමතක කරන්න එපා.
3. හැන්ද නැවීමේ වික්‍රමය
මේ මැජික් පෙන්වීම සාර්ථකව සිදු කිරීමට නම් මුලින්ම කුඩා රිදී කාසියක් ඔබේ අතේ සගවාගන්න.දැන් ඔබ සූදානම් හැන්ද නැවීමටයි.කාසිය එහි කෙළවර පමණක් පෙනෙන සේ තබා ගන්න.කාසිය හැන්දේ මිට මත තබන්න. දැන් ඔබ ප්රද්ර්ශනය කිරීමට සූදානම් වන්නේ ඔබ හැන්ද පමණක් අල්ලා ගෙන සිටින බවයි. මේසය මත තබා හැන්දේ ඉලිප්සාකාරකොටස නැවීමට උත්සහ ගන්න.ඔබ මේ අන්දමින් අතේ පිටුපස සිට හසුරුවන විට කාසියේ පෙනෙන කොටස නිසා නරඹන්නන්ට පෙනේනේ හැන්ද නැමී ඇති බවයි. ඒත් ඇත්තටම එතැන ඇත්තේ මුලින් සඟවා ගත් කාසියේ කොනයි.
4. සහායිකාව අහසින් යෑම
මැජික්කරුගේ සහායිකාව මේසයක් මත දිගා වී නිදා ගෙන සිටියි.ඇය සිරුරේ පටන් බිම දිගට වැටෙන සේ ඇදුමක් ඇද ගෙන සිටියි. මේසය යටින් තිබෙන හිස් ඉඩ නොපෙනෙන සේ සහායිකාගේ ඇඳුම වැටී තිබේ.අහසින් යන්නා සේ පෙන්වීමට මේසයේ හිස් අවකාශයක් ඇත.දැන් මැජික්කරුගේ ප්රාතිහාර්ය වන්නේ ඔහුගේ සහායිකාව අහසින් යන අන්දම පෙන්වීමටයි.මැජික්කරු විසින් සහායිකාව ඉහළට එසැවීම වෙනුවෙන් අනුගමනය කරන යාන්ත්‍රනය මෙයයි.
මැජික්කරු විසින් හිස් වළල්ලක් මේසයක් මත දිගා වී නිදා ගෙන සිටින සහායිකාවගේ සිරුරේ නොගෑවෙන සේ යවයි. එහි කිසිම හිස්තැනක් නැත. මේ වළල්ල සහායිකාවගේ සිරුරේ කීප වතාවක්ම යවනු ඇත. මේසය යටින් තවත් යෂ්ටියක් තිබේ.එය නොපෙනෙන සේ තබා ගනී. ඉන්ද්‍රජාලිකයා සගවා ගත් යෂ්ටිය මුවා කර ගෙන සිටිනවා.එය ඉතා සීරුවෙන් අපට නොපෙනෙන සේ සගවා ගෙන සිටින අතර බොහොම සරල විදිහට මේ ආධාරකයේ උදව්වෙන් සහායිකාව ඔසවා තැබීමේ යාන්ත්‍රනය එයයි.
5. Zig Zag කාන්තාව
මේ ඇස්බැන්දුම වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ සෙන්ටිමීටර් 35 ක් උසැති පෙට්ටි කීපයක් සහ සෙන්ටිමීටර් 20 ක් උස ජංගම වේදිකාවක්.
දඟරයක් ආධාරයෙන් ඇය පහලින් පිහිටා තිබෙන හිස් පෙට්ටියට වැටෙන අතර එහි ජංගම වේදිකාවක් තිබේ.දැන් ඉහලින් ඇති පෙට්ටිවල දොරවල් සියල්ලම මැජික්කරු විසින් වසයි. අර ගැහැණු දරුවා කොතැනකදැයි පිරිස විමතියෙන් බලා සිටිති.ඇය පහලින් තිබෙන ජංගම වේදිකාවේ කකුල් සිග් සැග් ක්‍රමයට දා ගෙන හිදගෙන සිටී.
ඉහලින් පිහිටා ඇති පෙට්ටි තුනකි. එයින් පෙට්ටි දෙකක් විවෘතය. එයින් එක් පෙට්ටියක් ව්‍යාජය. පෙට්ටි එක මත එක ගොඩ ගසා තිබේ. ව්‍යාජ පෙට්ටියේ ගැඹුර සෙන්ටිමීටර් 5 කි.ඇත්ත පෙට්ටිය මිනිසෙකුට ඇතුලු විය හැකි ප්‍රමාණයකින් විශාලය. මුලින් මැජික්කරුගේ සහායිකාව ඇතුළු වූයේ මේ පෙටිටියටයි.
පෙට්ටිවල ඇති ඉඩ කොටස්වල නිරූපිකාවන්ගේ ශරීර කොටස් නිර්මානය කර තිබේ. ඒවා මැජික්කරුගේ සහායිකාවටම සමානය.මැජික්කරු ඉහළ පෙට්ටි තුනම ඒ මේ අත හරවමින් ප්‍රේක්ෂකයන්ට පෙන්වයි.අවසානයේදී මැජිකරු විවෘත කරන නිරූපිකාවගේ කොටස් ප්‍රෙක්ෂකයන්ගේ ඇස ඉදිරියේ දිස් වේ. මේ මැජික්කරුගේ සහායිකාව නොව නිර්මානය කරන ලද ඇගේ ආකෘති බැව් ප්‍රෙක්ෂකයා නොදනී.
Connect with us