ගුවන් ගමනක් යන්න කලින් අනිවාරෙන්ම මෙන්න මේ දේවල් දැනගෙන යන්න


ගුවන් සේවකයින්ගේ ඇස් ඉදිරිපිට ගුවන් යානයක් වගේම මගීන්ගේ ඇස් හමුවේ ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකකි. මෙම ගමනාන්තය තෙක් ගුවන් සේවකයන් සහ ගුවන් මගීන් අතර අන්තර් සම්බන්ධතාවය ඉතාම යහපත් අයුරින් පවත්වා ගත යුතුයි. එහෙත්…ගුවන් මගියෙකු ලෙසින් ඔබ ගුවන් ගමනක යෙදුනත් ගුවන් සේවාව තුළ ඔබට ඇති වරප්‍රසාද සහ ඔබ විසින් යානය තුළ හැසිරෙන අන්දම ගැන සැක මුසු තැන් බොහෝ ඇති.එවන් සැක දුරු කිරීම සදහා මේ උපදෙස් ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි..

1. අවශ්‍ය නම් ආහාර ඉල්ලන්න මැලි වෙන්න එපා

ගුවන්ගමනක යෙදෙන මගීන් වෙනුවෙන් බොහොම සංග්‍රහශීලී සත්කාර ලැබෙනවා. නමුත් ඔබට ලබා දෙන දෙයින් පමණක් සෑහීමට පත්ව නිහඬ විය යුතු නැහැ. තවත් ආහාරපාන අවශ්‍ය නම් මැලි නොවී ගුවන්සේවිකාවන්ගෙන් ඉල්ලා සිටීමට අයිතියක් ඔබට තිබෙනවා.ඔබ කෑවත් නොකෑවත් මෙම ගමනාන්තයෙන් පසුව සියළුම ආහාරපාන ඉවතට දමන නිසා ඔබට සංග්‍රහ කළ ආහාර ප්‍රමාණවත් නැති නම් ගුවන් සේවිකාවන්ගෙන් ඔබේ ආහාර අවශ්‍යතාවය ලබා ගැනීමට මැලි වෙන්න එපා.

2. ජීවිතාරක්ෂක කබා හොරුත් ඉන්නවා

හොරකමට තැනක්, නොතැනක්, කාලයක් වයසක් නැහැ. ඒ නිසා ගුවන්ගමනකදී ඒ වෙනුවෙන් ලබා දෙන ජීවිතාරක්ෂක steal life jackets කබායත් සොරකම් කරන මගීනි සිටිනවා. සහර විට මේ මගීන් එය රසවත් සොරකමක් ලෙස හෝ ගුවන්ගමනේ සිහිවටනයක් ලෙස තබා ගැනීමේ අරමුණ මත සිදු කළත් එහිදී තවත් මගියෙකු අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා ඔබ ගුවන්යානයට ගොඩ වූ පසුව ඔබේ ආසනය සහ ජීවිතාරක්ෂක කබාය තිබෙනවාදැයි පරීක්ෂා කර බලන්න.

3. දුම්වැටියක් බොනවා නම්…අළු බඳුනක් (ashtrays )පාවිච්චි කරන්න.

ගුවන්යානයක් තුළ දුම්වැටියක් පානය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව කියන්නත් අවශ්‍ය නැහැ.නමුත් මේ බව නොතකා යානය තුළ දුම්පානය කරන පුද්ගලයන් සිටිනවා.ඒ නිසාම ගුවන්යානාවන්හි වැසිකිලිවල අළුබදුන් තබා තිබෙනවා.එබේ දුම්බීම් අවශ්‍යතාවය පාලනය කර ගත නොහැකි නම් දුම්වැටියක් පානයෙන් පසුව වැසිකිළියේ අළු බඳුන පාවිච්චි කරන්න.දඩය එයින් පසුව ගෙවන්න.

4. පියාසැරිය අතරතුර කරදර නොවීමට උත්සාහ කරන්න.

බොහෝ ගුවන්සමාගම් ගමනාන්තයෙන් පසුව ගුවන්යානය පිරිසිදු කරනවා. එය ඇත්ත. ඒ වුනත් ඔවුන්ගේ පිරිසිදු කිරීම ගැන අපට සහතික වෙන්න බැහැ.ඔවුන් ගේ පිරිසිදු කිරීම මතුපිටින් පමණයි.පොරවන රෙදි සහ කොට්ට උර සේදීමක් නැහැ.ආහාර තැටි සෝදා පිරිසිදු කිරීම වෙනුවට පිසදානවා පමණයි.බුමුතුරුණු පිරිසිදු කර තිබෙනවා.නමුත් හදිසියේ හෝ ඔබ ආසන්නයේ රෝගියෙකු සිටියා විය හැකියි.

5. ප්‍රවේසමෙන් වැසිකිලි දොර පිටතින් අරින්න පුලුවනි

ගුවන් සේවිකාවන්ට වැසිකිලිවල අනු පිටපත් යතුරු තිබෙනවා. ඒ නිසා මගියෙකු වැසිකිලියේ ඇතුලත සිටියත් සේවිකාවන්ට වැසිකිළිය පිටතින් විවෘත කරන්න පුලුවනි.ඒ වගේම වැසිකිලියේ දුම්බීම තහනම් සංඥාවන් දොරේ සටහන්ව ඇති අතර එය දෙර අගුලු කිරීමේ යාන්ත්‍රනයට සම්බන්ධයි.මගියෙකු විසින් සිගරට් රූපය සහිත දොර පළුව ඔසවා බෝල්ට් එක හරවන්නේ නම්, දොර විවෘත වේ..

6. ගුවන් යානයේ අවසාන මගියා වෙන්න

ගුවන්යානයේ අවසාන මගියා ඔබ වුනොත් එහි වාසියක් තිබෙනවා..ගුවන් ගමනක් වෙනුවෙන් ආසන වෙන් කර ගැනීමේදී අවසාන ආසන වෙනුවෙන් වාසි ලැබෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම ඔබට පිටුපසින් වූ දොර වසා තිබෙන නිසා වෙනත් මගීන් මෙතැන අසුන් ගැනීමක්ද නැති නිසාම ඔබට නිදහසේ මෙම ආසනයේ ගුවන්ගමන බොහොම සැහැල්ලුවෙන් අත්විඳින්න පුලුවනි.

7. පමණට වඩා මද්‍යසාර එපා

මේ ගැන නම් අමුතුවෙන් කියන්නත් දෙයක් නැහැ. මොනදෙයක වුනත් පමණක් ඇති නිසා මත්පැන් පානයේදී මාත්‍රාව ගැන වැඩි අවධානයක් දැක්විය යුතුම වෙනවා.ඊට හේතුව නම් උනතාංශය සමග මද්‍යසාරයන්හි ප්‍රතිචාර ඉහළයි. මේ නිසාම ගුවන් සේවිකාවන් විසින් බිම එක වීදුරුවක් අහසේදී වීදුරු දෙකක්…යැයි අනතුරු දැන්වීම් කරනවා. මේ සංඥාවෙන් ඔබට ගුවනේදී මද්‍යසාරවල සැර කොහොමද කියලා දැන ගත හැකියි.මද්‍යසාර පානය මගින් රුධිරයට සිදු වෙන බලපෑම නිසා මේ ගැන වැඩි අවධානයක් දක්වන්න. සමහර විට ඔබට ගුවනේ ගමන් ගනිද්දී යම් බියක් දැනෙනවා නම් මද්‍යසාර ස්වල්පයක් පානය කරන්න. හැබැයි රතු ඉර පනින්න නම් එපා.

8. විශාල ආසන

ගුවන්යානයේ ඔබ සමග දරුවන් ගමන් ගන්නවා නම් විශාල ආසනයක් ලබා ගැනීම බොහොම පහසුයි. එහි ළදරුවන් පහසුවෙන් තබා ගන්නත් පුලුවනි. නමුත් ඔබේ දරුවන්ගේ කෑ කෝ ගැසීම අසල ආසයයේ මගීන්ට හිරිහැරයක් වෙන්නත් පුලුවනි.

9. පානීය බෝතල් ජලය භාවිතා කරන්න

2002 වසරේදී Wall Street Journal ජර්නලය මගින් ප්‍රකාශයට පත් කළ පරිදි ජනප්‍රිය ගුවන් සමාගම් පවා මගීන්ට ලබා දුන්නේ අපිරිසිදු ජලය බැව් වාර්තා වී තිබුණා. ගුවන්සමාගම් දහ දහරක් මේ චෝදනාවට ඇතුලත් වුණා. ලබා ගත් ජලසාම්පල මගින් පෙනී ගියේ මේවායේ අන්තර්ගත බැක්ටීරියා ප්‍රමාණය නියමිත ප්‍රමිතියට වඩා සිය ගුණයකින් ඉහළ බවයි. ගුවන්යානයක ගමන් ගනිද්දී පානීය ජලය ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. වෙන දෙයක් තබා තේ, කෝපි වුනත් අවදානම්. නල ජලය වුනත් ගුවන්යානයේදී නම් පානය කිරීම අනතුරුදායකයි. ඒ නිසා ඔබේ ගමනාන්තය තෙක් වගේම ගමනින් පසුවත් සෞඛ්‍ය රැකගැනීම සඳහා පානීය බෝතල් ජලය වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්.

10. අත්පොලසන් එපා

පැය ගණනාවක දිගු ගමනාන්තයේදී හිතේ ඇති සතුට නිසාම ඔබ නොදැණුවත්මව අත්පොළසන් නගන්න පුලුවනි. හැබැයි මෙතැන තිබෙන අවදානම ගැන දන්නවා නම් ඔබ මේ විදිහට සතුට ප්‍රකාශ කරන්නේ නැහැ.ඊට හේතුවක් තිබෙනවා. ඇතැම් රටවල්වල ගුවන් නියමුවාට යානය ගුවන් පථයට ගොඩ බෑමේ නිවේදනය ලබා දෙන්නේ අත්පොළසන් ගැසීම මගින්.ඉතින් ඔබ අත්පොළසන් ගැසුවොත් නියමුවා නොමග යන්න පුලුවනි.ඒ නිසා ඔබ මව්රටට පැමිනීම එහෙම නැත්නම් අපේක්ෂිත රටට පැමිනීම වගේම ගුවන්යානයේ කාර්ය මණ්ඩලය ලබා දුන් සත්කාර වෙනුවෙන් සතුට ප්‍රකාශ කිරීමට අත්පොළසන් දුන්නත් කාර්ය මණ්ඩලයේ අවඥාවට ඔබ පත් වේවි. ඒ ඇයි කිව්වොත් මෙතැන ක්‍රිඩාවක් නොව ඇත්තේ භාරධූර වගකීමක් බව ඔබ විසින් අමතක කිරීම නිසයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
41
වටිනවා

ගුවන් ගමනක් යන්න කලින් අනිවාරෙන්ම මෙන්න මේ දේවල් දැනගෙන යන්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!