තවමත් ජපානයේ විතරක් තියෙන අපූරු නව සොයා ගැනීම් 18ක්


ජපන්නු හපන්නු. මේ කතාව කියලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. අතීතයේ ඉදලම නව නිපැයුම් සදහා ජපානය හරිම ප්‍රසිද්ධයි. ඒවගෙම ඔවුන්ගේ මේ නව සොයා ගැනීමුත් හරිම අමුතුයි. ඉතින් අපි අද අරගෙන ආවේ එදිනෙදා ජීවිතය වඩාත් සුවපහසු කරවන ජපනුන් විසින් සොයාගෙන තියෙන සුවිශේෂී නව නිපැයුම් කිහිපයකුයි.

1. හැරවීමට හැකි දුම්රිය ආසන.


දුම්රියේ ආසන පිහිටුවා තිබෙන දිශාවට ඔබ ගමන් කිරීමට අකමැති නම් ඔබ කැමති දිශාවකට මේ ආසනය හරවාගත හැකියි.

2. පෝනිටේල් සිදුරක් සහිත මෝටර් රථ හිස්වැසුම.


යතුරුපැදියක යන විට හෙල්මට් එක පලදිනවා කියන්නේ ගෑණු ළමයින්ට හරිම කරදරකාරි දෙයක්. මොකද කොණ්ඩේ අවුල් වෙනවනේ. ඔන්න ඒ ප්‍රශ්නෙට විසදුමක් විදියට පෝනිටෙල් සිදුරක් සහිත මේ අපූරු හිස් වැසුම හදුන්වා දී තියෙනවා.

3. පොදු නානකාමරයක දරුවාට අසුන් ගැනීමට වෙනම ආසනයක්.


දෙමවුපියන්ට තියෙන ලොකු ගැටළුවක් මේ නව සොයා ගැනීමත් සමග විසදෙනවා. ඔබට අවශ්‍ය කාර්ය කර ගන්නා තුරු ඔබේ දරුවාව මෙම විශේෂිත ආසනය තුල අසුන්ගන්වා තැබිය හැකියි.

4. තනිවූ හදවත් සදහා කැෆේ එකක්.


කැෆේ එකක තනිව වාඩි වී සිටින විට පාළු හැගීමක් ඔබට ඇති වෙනවා නම් මෙන්න මේ අවන්හලේ විකල්පයක් තියෙනවා. ඔබ පැමිනියේ තනිවම නම් ටෙඩියෙකු සමග ඔබට ආහාර ගත හැකියි.

5. පාර පැනීමට හරස් ඉරි.


ටෝකියෝ වල පදිකයන්ට පාර මාරු වීමට පහසුවෙන්ම හැකි ආකාරයට ඉරි සකසා තියෙන්නේ මෙලෙසයි.

6. ටැබ් රැදවුම්.

අත් දෙක නිදහසේ තියාගෙන චිත්‍රපටි බලන්න කියාපු ක්‍රමය.

7. සුනඛයන් සඳහා අව් කණ්ණාඩි.


මේක ටිකක් අමුතු නිර්මාණයක් වගේ පෙනුනට සුනඛයන්ටත් අපිට වගෙම අවු රශ්මියේ පීඩාව හොදට දැනෙනවා. ඉතින් ඒ නිසා ඔබේ බලු සුරතලාගේ සුවපහසුවට මේ නව සොයා ගැනීම කදිමයි.

8. නිහඬ කැරොකේ මයික්‍රොෆෝනය.


ඔබේ ගායනයෙන් අනුන්ට කරදර කිරීමට අකමැතියි නම් හෝ ශබ්ද නගා ගීත ගායනා කිරීමට ඔබ ලැජ්ජා වෙනවා නම් මේ මයික්‍රොෆෝනය ඔබට මහෝපකාරි වෙන්න පුලුවන්. මොකද මෙහි ශබ්දය ඇසෙන්නේ ඔබට පමනයි.

9. නාන කාමරය සදහා වෙනම සෙරෙප්පු යුවලක්.


ජපානයේ සෑම නිවසකින් ඔබට මෙවැනි ආකාරයේ පාවහන් යුවලක් දැකිය හැකියි. ජපන් ජාතිකයින් නිවසේ බැක්ටීරියාවන් වැඩිම ස්තානය විදියට නානකාමරය සලකන නිසා මෙසේ ඒ සදහා වෙනම පාවහන් යුවලක් තබා ගැනීම පුදුමයක්ද නොවේ.

10. වැතිරී වැඩ කරන විට සහායට කුෂන් එකක්.


බඩ මත වැතිරී ලැප් ටොප් එකේ වැඩ කරන විට ඔබේ දෑත් ඉක්මනින්ම වෙහෙසට පත් වෙන්න පුලුවන්. නමුත් දැන් ඒ ප්‍රශ්නෙට මේ විදියේ කදිම විසදුමක් තියෙනවා.

11. ගොඩනැගිල්ලේ අංකය වෙනුවට අයිතිකරුගේ අවසාන නම.


ලිපිනයක් අනුව ජපානයේ නිවසක් සොයා ගන්නවා කියන්නේ සැබෑම පරීක්ෂනයක්. මෙහි බොහෝ වීදිවල නම් නොමැති අතර නිවාස අංකයන් ඉදිකරන ලද දිනය මත පදනම් වෙනවා. නමුත් නිවසේ හිමිකරුගේ අවසන් නම සමග නිරීක්ෂණය කරනවා නම් ඔබට ඉතාම පහසුවෙන් එය සොයාගත හැකියි.

12. අපතේ යන ජලය වැසිකිලියට සැපයෙන ආකාරයට නිමකර ඇති සින්ක්.


ජල සුරැකුම් සහ පරිසර විද්‍යාව ගැන උනන්දු වෙන අයට මෙය කදිම ක්‍රමයක්. මෙහිදී සින්ක් එකෙන් ඉවතට යන ජලය වැසිකිලි ජල සැපයුම් ටැන්කියට එකතු වීමක් සිදු වෙනවා.

13. ස්වයංක්‍රීයකරණ ගබඩා.


ජපානය යනු රොබෝවරු සහ ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ රටක් වෙන අතර හැකි සෑම විටම ඔවුන් මිනිස්සු වෙනුවට ඒවා ආදේශ කරයි. මෙම වෙලදසැල තුල කිසිදු සහායකයෙක් නොමැත. ඔබට ස්වයංක්රීයව සියලු සේවාවන් සපයයි.

14. ඩයිනෝසර රොබෝවරුන් ඔබව පරික්ෂා කරන හෝටලයක්.


මෙම හෝටලයට ඔබව පිලිගනු ලබන්නේ රොබෝ ඩයිනෝසරයන් විසිනුයි.

15. බර්ගර් කන විට ඔබේ මුහුණ ආවරණය කර ගන්න නැප්කින් එකක්.


විශාල බර්ගර් එකක් කනවිට ඔබේ මුව පුළුල් ලෙස විවෘත කිරීමට සිදු වෙනවනේ. නමුත් එය බොහෝ දෙනෙක්ට අපහසුතාවයක්. එම අපහසුතාවයට විසදුමක් විදියට බර්ගර් ආහාරයට ගන්න විට මුව ආවරණය කර ගැනීමට ජපානය තුලදී විශේහිත නැප්කින් වර්ගයක් නිර්මාණය කර තිබෙනවා.

16. පරිවර්තක tatami.


සියලුදේම බිම සිට කිරීමේ සම්ප්‍රදායක් ජපානය තුල තිබෙනවා: ආහාර ගැනීම, නිදා ගැනීම, චිත්‍රපටි නැරඹීම වගේ හැම දෙයක්ම. එම නිසා ලැප්ටොප් ආදාරකයක් ලෙස නිර්මාණය කල හැකි මේ අතුරනය ජපන් ජාතිකයන්ට නම් ඉතාම කදිමයි.

17. කුඩ රැද්වීමේ ස්තානය.


බොහෝ කාර්යාල අසල මේ ආකාරයේ කුඩ රැදවුම් දැකගත හැකියි.

18. පහසුවෙන් විවෘත කල හැකි ටින්.


පහසුවෙන් ටින් විවෘත කිරීම සදහා විශේෂිත මුදුවක් තිබෙනවා. පාරිභෝගිකයන්ගේ එවැනි කුඩා දේවල් වලට පවා ජපාන නිෂ්පාදකයන් අවදානය යොමු කරනු ලබනවා.

ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
5
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
13
වටිනවා

තවමත් ජපානයේ විතරක් තියෙන අපූරු නව සොයා ගැනීම් 18ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!