සමහර අයට ගෙදර ඉන්න පූස් සුරතලුන්ව එපා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසයි


ජීවිතයට අලුත් පනක් ලබා ගන්න, පාලුව කාංසිය දුරු කර ගන්න වගෙම මානසික ආතතියට සහනයක් ලබා ගන්න සුරතල් සතුන් අපිට උපකාරී වෙනවා. විශේෂයෙන් ගෙදරක පූස් සුරතලෙක් ඉන්නවා නම් ඔබට ආයේ වෙනත් මිතුරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් යම් කෙනෙකුට පූස් සුරතලෙක් අවශ්‍ය වෙන්න හේතු සිය ගණනක් නම් කළ හැකි වුනත් ඒ හැම එකක්ම ඔය කියන තරම්ම හුරුබුහුටි වෙන්නේ නැහැ. මොකද වෙනත් සුරතලෙක් ගෙන එනවට වඩා පූස් සුරතලෙක් ඔබේ නිවසට ගෙන එනවා කියන්නේ ටිකක් වගකීම් සහගත වැඩක්. අපි මෙහෙම කියනේ ඇයි කියලා පහල තියෙන පින්තූර ටිකෙන් ඔබට පැහැදිලි වෙයි.

1. උදෑසනට ගොඩක් අය අවදි වෙන්නේ එලාම් එකටනෙ. හැබැයි ඉතින් පූස් සුරතලෙක් ගෙනාවා කියන්නේ ඔයාට පරක්කු වෙලා නැගිටින්න කිසිම අවස්තාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඉතින් එලාම් එක නතර කරන්න පුලුවන් වුනාට මෙයාව නතර කරන්න බැහැනේ.

2. මේ රාජකීය සුරතලුන්ට උදෑසන ආහාරය එක විනාඩියක් හරි පරක්කු වුනොත් ඉතින් ඉවරයි තමයි.

3. භාජන වල තියෙන කෑම වලට වඩා මෙයාලා කන්න කැමති බිම තියෙන කෑම.

4. සමහර අයට අතුරුපස වරදින්නත් බැහැ.

5. කොතනක හිටියත් බේරිල්ලක් නම් හම්බ වෙන්නේ නැහැ.

6. “පෞද්ගලිකත්වය?” මෙයාලා එක්ක ඒක ගැන නම් හිතන්නවත් එපා.

7. නාන කාමරය පාවිච්චි කරන්නත් එයාලගෙන් අවසර ගන්න වෙනවා.

8. ගෙදර ඉන්න ලොක්කා කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

9. මුළු ඇදම එයාලා අල්ලගෙන ඉවරයි. අයිතිකාරයට වෙන්නේ බිම නිදා ගන්න තමයි.

10. පේනවනේ අයිතිකාරයා වගේ ඉන්න විදිය.

11. මෙයාලට පොඩ්ඩක්වත් ලැජ්ජාව කියල දෙයක් නම් නැහැ.

12. අවුව තපින වෙලාවට කරදර කරන්න එපා.

13. මෙතනින් කොයි එක්කෙනාද දැන් වැරදිකාරයා..?

14. හිතෙන තැනක නිදා ගන්නවා.. කරදර කරන්න එපා.

15. පේනවනේ නිදා ගන්න තෝරගෙන තියෙන තැන.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
31
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

සමහර අයට ගෙදර ඉන්න පූස් සුරතලුන්ව එපා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!