ඇදහිය නොහැකි තරමට පුදුමාකාර අපේ මනස පිස්සු වට්ටන 3D චිත්‍ර නිර්මාණ එකතුවක්


පහුගිය දවස් වල අපේ රටේ තරුණ කණ්ඩායම් වල එකමුතුවෙන් පොදු ස්ථාන වල තියෙන තාප්ප, බිත්ති, ලයිට් කනු ආදියේ විශිෂ්ඨ ගණයේ සිතුවම් නිර්මාණය කිරීම රැල්ලක් වගේ පැතිරිලා ගියානේ. ඔවුන් විසින් අපේ පුංචි රට ලස්සන කරන්න වෙච්ච මහන්සිය අනිවාරෙන්ම අපි අගය කල යුතුමයි. හැබැයි අපි අද කතා කරන්නේ අපේ රටේ දක්ෂයෙක් ගැන නෙමෙයි. පෘතුගීසි ග්‍රැෆිටි චිත්‍ර ශිල්පියෙක් වන ඔහු නමින් ඔඩිත්. ඔහු අපිට සිතා ගැණීමටවත් අපහසු තැන් වල ඇදහිය නොහැකි තරම් සවිස්තරාත්මක ත්‍රිමාණ දෘශ්‍ය මායාවන් නිර්මාණය කරන සැබෑම දක්ෂයෙක්. ඔහුගේ සිතුවම් වල තියෙන අපූර්වත්වය නිසාම මේ වන විට ඔහුව ලෝකය පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. මේ තියෙන්නෙ ඔහු විසින් කරන ලද 3D සිතුවම් නිර්මාණ එකතුවයි.

ඔහු අන්තර්ජාලය තුල මෙන්න මේ කොන්ක්‍රීට් කුට්ටියේ පින්තූරයක් පල කරලා “මේ වතාවේ මෙතැන සිතුවම් කරන්නෙ මොනවගේ දෙයක්ද?” යනුවෙන් විමසලා තියෙනවා.

ඔඩිත් පවසන ආකාරයට ඔහුගේ සියලුම රසිකයන් අතරි එය නිවැරදිව අනුමාන කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ එක් අයෙකුට විතරයි.

ඔඩිත් දැනට ලිස්බන් හි වාසය කරන අතර පූර්ණ කාලීන කලාකරුවෙකු ලෙස කටයුතු කරයි. ඔහු මේ වෘත්තිය ඇරඹීමට පෙර කොකාකෝලා සමාගම, සැම්සුන්, එස්ට්‍රාඩාස් ඩි පෘතුගාලය සහ ලන්ඩන් ෂෙල් වැනි ඉතාම ජනප්‍රිය සමාගම් වල ජාත්‍යන්තර සේවාදායකයින් වෙනුවෙන් වැඩකර තිබෙනවා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
20
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
1
වටිනවා

ඇදහිය නොහැකි තරමට පුදුමාකාර අපේ මනස පිස්සු වට්ටන 3D චිත්‍ර නිර්මාණ එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!