මෙන්න මේ දේවල් ටික ඇත්තටම තියෙන්නේ ඇයි කියලා අනිවාරෙන්ම ඔබ මීට කලින් දැනගෙන ඉන්නේ නැතුව ඇති


සෑම දවසකම අපි බොහෝ වස්තූන් දකිනවා වගේම පරිභෝජනය කරනවා. නමුත්… ඒ බොහෝමයක් දේවල් වල තියෙන ඇතැම් අංගෝපාංග ඇත්තටම තියෙන්නේ කුමක් සදහාද කියන එක ගැන බොහෝවිට අපිට අදහසක් නැහැ. ඒ වුනාට ඒ සමහර දේවල් වල අපි නොදන්නා විශාල වැදගත්කමක් තියෙනවා. ඔය පහලින් තියෙන්නේ ඔබ මවිතයට පත් කරන එවැනි පුදුම සහගත සොයාගැනීම් කිහිපයකුයි.

1. වූල් තොප්පි මත තිබෙන පොම්-පොම්

වූල් තොප්පි මත තිබෙන වූල් වලින් සාදන ලද මලක් වැනි කොටස එහි අලංකාරය සදහා තිබෙන බව තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. නමුත් මේ අංගයට අලංකාරයට එහාගිය ඉතිහාස කතාවක් තියෙනවා. 18 වන සියවසේදී එවකට සිටි ප්‍රංශ නැවියන් පහත් තට්ටුවේ සිවිලිමේ හිස ගැටීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොම්-පොම්ස් සහිත තොප්පි පලදිනු ලැබුවා. පසුව, විවිධ හමුදා ඇඳුම් කට්ටලවල පොම්-පොම්ස් සහිත තොප්පි ඇතුළත් වූ අතර, ඒවායේ හැඩය සහ වර්ණය අනුව එම හමුදාව පිලිබදව පැවසීමට පවා හැකියාව තිබුනා. කෙසේ වුනත් මේ වන විට නම් මේ පොම්-පොම්ස් සහිත තොප්පි වැඩි වශයෙන් පලදිනු ලබන්නේ විලාසිතාවක් ලෙසයි.

2. ලොලිපොප් කූර මත තිබෙන හතරැස් සිදුර

බොහෝ දෙනෙක් හිතන විදියට ලොලිපොප් කූර මත තිබෙන හතරැස් සිදුර උපකාරී වෙන්නේ, දරුවෙකු හුස්ම හිරවීමෙන් බේරා ගන්න නෙමෙයි. මෙම සිදුර සැබැවින්ම තිබෙන්නේ පැණිරස, රඳවනය මත තබා ගැනීම සඳහායි. එය දියර කැන්ඩි තුළට දැමූ විට, පලමුව කුහරය තුල ඒවා හොදින් පිරී කූරේ මුදුනත මත හොදින් සවිවීමට උපකාරී වෙනවා..

3. කලිසම් මත ඇති දාර

කලිසම් මත ඇති මේ දාර ඇත්ත වශයෙන්ම තියෙන්නේ මොකටද? ඔබටත් එකපාරක් හරි එහෙම හිතිලා ඇති. මේ කතාව 19 වන ශතවර්ෂය දක්වා ඈත අතීතයකට දිව යනවා. එහිදී 19 වන ශතවර්ෂය අවසානයේදී යුරෝපීය ඇඟලුම් කර්මාන්තශාලා ඔවුන්ගේ නිෂ්පාදන බොහොමයක් විදේශයන් වෙත අපනයනය කිරීම ආරම්භ කරනු ලැබුවා. මෙහිදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි ඉඩක් ලබා ගැනීම සඳහා නැව්ගත කිරීමට පෙර මෙම ඇඳුම් හොදින් නමා තද වෙන පරිදි ඇසුරුම් කරනු ලැබුවා. මෙහි ප්‍රතිඵලයක් විදියට කලිසම් මත මෙවැනි ආකාරයේ දාර ඉරි ඇතිවුනු අතර කිසිදු ක්‍රමයකට ඒවා ඉවත් කිරීමට නොහැකි වුනා. ඉතින් ඒ නිසා තමයි මේවා විලාසිතාවක් බවටම පරිවර්තනය වුනේ.

4. කාන්තා ය*ට කලිසම් වල “සාක්කුව”

පිරිමි සහ කාන්තා යට ඇඳුම්වල අභ්‍යන්තර තට්ටුව විශේෂ මෘදු ද්‍රව්‍යයකින් සෑදිය යුතුයි. කෙසේ වෙතත්, කාන්තා ය*ට කලිසම් සාදා ඇත්තේ මැහුම් දෙකම ඇතුළට නොයන ලෙසටයි. එබැවින් ඒවායින් එකක් මැසීමට නොහැකි වන අතර එහි ප්‍රතිඵලයක් විදියට මෙම “සාක්කුව” ඇතිවෙනවා. ඉතින් ඒ නිසා තවදුරටත් එය සාක්කුවක් කියලා හිතන එක වැරදියි.

5. බෑග් වල තියෙන හතරැස් පැච්

බොහෝමයක් බෑග් වල මෙවැනි ආකාරයේ කුඩා ලෙදර් පැච් දකින්න ලැබෙනවා. ඔබ කඳවුරු බැඳගෙන සිටින විට එය සැබවින්ම ප්‍රයෝජනවත් වෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇත්ත වශයෙන් ඔබට ඒ හරහා ලණු සහ කොකු වර්ග රැදවිය හැකියි. නමුත් අද වන විට නම් එය අලංකාරය සදහා තිබෙන උපාංගයක් පමනක් බවට පත් වෙලා තිබෙනවා.

6. අයිෆෝන් වල කැමරා කාච සහ ෆ්ලෑෂ් අතර තිබෙන සිදුර

මෙම කුඩා කුහරය ඇත්ත වශයෙන්ම සහායක මයික්‍රෆෝනයක් බව දන්නේ ස්වල්ප දෙනෙක් පමනයි. එය පටිගත කිරීම්වල ශබ්දය වඩාත් පැහැදිලි කිරීමට උපකාර කරන අතර සිරිට උච්චාරණ තේරුම් ගැනීමට සහ ප්‍රධාන මයික් එකෙන් අල්ලා ගන්නා ශබ්දය අඩු කිරීමට උපකාරී වෙයි.

7. වේශ නිරූපණ බෝතල් වල තිබෙන කේතය

eye shadow හෝ පවුඩර් හෝවේවා ඕනෑම ආලේපන පැකේජයක 6M, 12M, හෝ 24M ලෙස ලේබල් කරන ලද මෙම කුඩා විවෘත බහාලුම් සංකේතය අඩංගු වේ. මෙම ලේබල් කිරීම මඟින් විවෘත කිරීමෙන් පසු නිෂ්පාදනයේ මාස ගණනක ආයු කාලය පෙන්නුම් කරයි. සරල උපක්‍රමයක් ලෙස මෙහිදී ඔබට විවෘත කළ දිනට මාස ගණනක් එකතු කිරීමෙන් ඔබේ වේශ නිරූපණය නිෂ්ඵල වන දිනය ගණන් බැලිය හැකිය.

8. බොක්ස් කටර් එකක ආදේශ කළ හැකි තල

ඔබට බොක්ස් කටර් එකේ තලයෙන් එක් කොටසක් කඩා දැමීමෙන් අළුත් හා තියුණු බවක් ලබා ගැනීමට අවස්තාව ලැබෙනවා. ඉහත පින්තූරයේ සදහන් පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් ඔබට එය නිවැරදිව සහ පහසුවෙන් සිදු කල හැකිය.

9. පසුපස දර්ශන දර්පණයේ තිබෙන ස්විචය

මෙය day/night ස්විචයක් වන අතර මෙමගින් රාත්‍රියේදී මෝටර් රථයක පිටුපස ඇති හෙඩ් ලයිට් මඟින් රියදුරුට ඇතිවෙන පෙනීමේ අපහසුතා ඉවත් කරයි. මෙහිදී පසුපස දර්ශන දර්පණයේ ද්විත්ව පරාවර්තක ආලේපනයක් ඇති අතර බොත්තම එබීමෙන් ඔබට මාරු විය හැකිය. නවක රියදුරන් සඳහා මෙම උපක්‍රමය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
26
වටිනවා

මෙන්න මේ දේවල් ටික ඇත්තටම තියෙන්නේ ඇයි කියලා අනිවාරෙන්ම ඔබ මීට කලින් දැනගෙන ඉන්නේ නැතුව ඇති

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!