Maliban Sri lanka

ඔබේ කොණ්ඩයේ දිගට අනුව ඔබේ පෞර්ෂ්‍යත්වය පිලිබද මෙන්න මේ දේවල් කියන්න පුලුවන්


අපේ ශරීරයේ තිබෙන ඇස, නාසය, කන, අත් පා ඇතුලු බොහෝමයක් බාහිර අංගෝපාංග වලින් වගෙම අපේ කොණ්ඩයේ දිග මගිනුත් අපේ පෞර්ෂ්‍යත්වය පිලිබද බොහෝ දේවල් කියන්න පුලුවන්. සමහර විට මේ කාරණය ගැන ඔබ මීට පෙර අහලා නැතුව ඇති. කොහොම වුනත් කොණ්ඩයේ දිග අපගේ පෞරුෂයේ සැබෑ පිළිබිඹුවකි.

1. ඉතා කෙටි හිසකෙස්

ඔබ සමාජශිලී, විශ්වාසවන්ත, තරමක් රළු නමුත් ප්‍රසන්න පුද්ගලයෙක් විදියට හදුන්වන්න පුලුවන්. නව පුද්ගලයින් හමුවීම සහ නව මිතුරන් ඇති කර ගැනීම ඔබට ඉතා පහසුය. ඔබේ බුද්ධිය අවධාරණය කිරීමට ඉඩ දෙන රැකියාවලට ඔබ ආදරය කරන අතර, සමහර විට ඔබ සිතන්නේ නැතිව ක්‍රියා කළත්, අඛණ්ඩතාව සහ ආත්ම දමනය පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔබ හොදින්ම දන්නවා.

2. බොබ් කට් හෙවත් උරහිසට ඉහළින් කැපූ කොණ්ඩා මෝස්තරය

ඔබ, කොතරම් රිදවන සත්‍යක් වුවත් සෘජුව කතා කිරීමට කැමති පුද්ගලයෙකි. පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය සමබරව පවත්වාගෙන යාමට හැකි ඔබ නිර්භීත හා සංවිධානාත්මක කෙනෙක් ලෙසද හදුන්වන්න පුලුවන්. ඒකාකාරී ජීවිතයකට ප්‍රිය නොකරන සහ සංකීර්ණත්වයට අකමැති ඔබ අලුත් දේවල් අත්විඳීමට විශාල කැමැත්තක් දක්වයි.

3. ලොබ් (lob) නොහොත් උරහිස තෙක් කැපූ කොණ්ඩ මෝස්තරය

ඔබ ඔබේ කාන්තා ලාලිත්‍ය මෙන්ම අලංකාර සහ නවීන පෙනුම ගැන නිතරම සතුටට පත් වෙයි. ඔබ කතා කිරීමට ප්‍රිය කරන අතර ඔබේ ස්වාභාවික සුන්දරත්වය ඔබ වටා සිටින සියල්ලන්ම ආකර්ෂණය කර ගනියි. අභියෝග සහ නව ව්‍යාපෘති වලට කැමති ඔබ නව මිත්‍රත්වයන් ඇතිකර ගැනීමට සහ එම සම්බන්ධතා දිගින් දිගටම පවත්වාගෙන යාමට දක්ෂ පුද්ගලයෙකි.

4. දිගු අලංකාර හිසකෙස්

ඔබ ඉතා පරිස්සම් සහ ඉවසිලිවන්ත පුද්ගලයෙකි. ආදරයේදී, දිගුකාලීන සම්බන්ධතාවයක් සොයන ඔබ සහකරුට ඔබේ සියල්ලම ලබා දෙන නමුත් සහකරු සමග තෝරා බේරා කටයුතු කිරීමට ද සැලකිලිමත් වෙයි. ඔබ ඔබේ සිහින වෙනුවෙන් සටන් කරන අතර ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපහසු දේ පවා ඔබ කරයි. ඔබේ මෙම උත්සාහය ඔබට අවශ්‍ය සියල්ල සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
5
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
11
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
21
වටිනවා

ඔබේ කොණ්ඩයේ දිගට අනුව ඔබේ පෞර්ෂ්‍යත්වය පිලිබද මෙන්න මේ දේවල් කියන්න පුලුවන්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!