කොන්ඩය දිගට හා පිරිසිදුවට තියා ගන්න ඕනෙ නම් මේ ක්‍රම පිලිපදින්න


ඔබ නිතරම ඔබේ හිසකෙස් සෝදනවානම්, එය ඉක්මනින්ම තෙල් සහිත වෙනවා. නමුත් කිම් කාර්ඩිශන් කියන ආකාරයට නම් අපි දින 5කට වරක් හිසකෙස් සේදීම ප්‍රමානවත් වෙනවා. ඇය කියන විදියට “පලමු දවසේ අපි බුෆන්ට් සමග පටන්ගෙන, දෙවන දිනයෙදි මගේ විලසිතා ශිල්පියා අවුල් සහගත කොන්ඩ විලාසිතාවක් නිර්මානය කල අතර තුන්වන දිනයේදි ඔහු මගේ කොන්ඩය ස්ට්‍රේට් කලා, හතරවන දිනයේදි පිටුපසට කර පෝනි ටේල් එකක් දැම්මා. පස්වන දිනයෙදි තමයි මම කොන්ඩය සෝදා හැරියෙ” ඒ විදියට විලාසිතා ශිල්පින්ට ඔවුන්ටම ආවෙනික උපක්‍රම හා රහස් තියනවා. අද අපි කියන්නෙ ඔවුන් කොන්ඩය නැවුම්ව හා දිගට තියා ගන්න භාවිතා කරන උපක්‍රම ටිකකුයි.

වෘත්තිය වේදියකු ලෙස ශැම්පු කරන්න

1)ජලයේ උෂ්ණත්වය ඔබට සුවපහසු විය යුතු අතර, මිනිත්තුවක් පමන ස්නානය කර ඔබේ කොන්ඩය තෙත් සහිත කර ගත යුතුයි.

2)ඔබගේ ශැම්පූ එක මිරිකා (විශාල කාසියක ප්‍රමානය) දෑතට ගෙන හොදින් පිරිමදින්න. පසුව ඔබේ හිසේ උඩ සිට පහලට වක්‍ර ආකාරයට පිරිමදින්න.

3)අපි හිස සේදීමට බොහෝ වෙලා ගන්නවනෙ. නමුත් වෘත්තිය වේදීන් පවසා තිබෙන්නේ විනාඩි 5ක් පමන හිස සේදීම ප්‍රමානවත් කියලයි. එමෙන්ම වියලි ශැම්පු වර්ග බාවිතා කිරිමෙන් අදුරු හිසකෙස් ඇතිවනවා මෙන්ම ඉස්සොරිද ඇතිවෙන්න පුලුවන්.

4)අවසානයෙදි සීතල වතුරෙන් කොන්ඩය සේදීමට නිර්දේශ කර ඇති අතර මෙමගින් ඔබේ හිසකෙස් ශක්තිමත් වන අතර හිසෙහි හා හිසකෙස් වල තෙතමනයද රැදෙනවා. හිසකෙස් වල දීප්තිමත් බව රැදෙන්නේද එවිටයි.

විලාසිතා සැලසුම්කරණය

දිනපතාම විවිද කොන්ඩ විලාසිතා කිරීම මගින් හිසකෙස් වල සංකූලතා ඇති වෙනවා මෙන්ම, එවිට නිතරම කොන්ඩය සේදීමට සිදුවීම මගින් හිසකෙස් ප්‍රමානය අඩු වීමට පුලුවන්. එම නිසා කොන්ඩ විලාසිතා කිරීමේදී සැලසුමකට අනුව කිරීමෙන් ඔබට අපූරු පෙනුමක් ලබාගත හැකි වෙනවා.

“උයන අග්ගිස්”(ඖෂධ පැලෑටියක්) ඖෂධ මද්‍යද්‍රාවිතය

මෙම ඖෂධ මද්‍යද්‍රාවිතය තෙල් සහිත හිසකෙස් වලට එරෙහිව සටන් වදින අතර උයන අග්ගිස් මගින් මදොවාහිනී ග්‍රන්ථි පාලනය කරනු ලබනවා. එමෙන්ම සම සුමුදු කරන අතර ආසාදන වලක්වනවා. ඔබට ජලය 1L ක් සදහා උයන අග්ගිස් හැදි 4ක් අවශ්ය වන අතර සාමාන්‍ය තේ වෙනුවට ඔබට මෙම උයන අග්ගිස් භාවිතා කල හැකියි. මෙම මද්‍යද්‍රාවිතය සිසිල් ජලය සමග මිශ්‍ර කර ඔබේ හිසකෙස් පිරිසිදු කරගත හැකියි.

සෝදන කාර්යසටහන

ඔබ දිනපතාම ඔබේ හිස කෙස් සෝදනවානම් සෙමින් එම පුරුද්ද අත් හැර ගන්න. එසේ නොවුනහොත් කාලයක් යනවිට ඔබේ මදොවාහිනි ග්‍රන්ථි වල තිව්‍රතාවය පහත වැටෙන අතර එදිනෙදා සේදීමෙන් ඔබේ සමේ සමතුලිතතාවය බිද වැටි නැවත ස්ථාපිත කිරීමට නොහැකි වෙනවා.

ව්‍යායාම කිරීමට පෙර වියළි ශැම්පු බාවිතා කරන්න

ව්‍යායාම කිරීමෙන් පසු වියළි ශැම්පු බාවිතා කිරිම නිශ්පලයි. එසේ නොකිරීම මගින් ඔබේ හිසකෙස් බොහෝ අපිරිසිදු වෙනවා. එම නිසා ව්‍යායාම වලදී දහඩිය උරා ගැනීමට හැකිවන පරිදි ව්‍යායාම කිරීමට පෙර වියළි ශැම්පු බාවිතා කරන්න.

කොට්ට උර කාර්යසටහන

පිරිසිදු කොට්ටවල නිදා ගැනීම අපට ප්‍රසන්න වනවා මෙන්ම හිසකෙස් වලටද එය ප්‍රයෝජනවත් වෙනවා. කාලයක් යනවිට අපිචර්මීය ශෛල අවශෝෂනය කර ගන්න විට හා පැරණි මේකප් රැදීම මගින් එහි බැක්ටීරියා වලට හොද පරිසරයක් වෙනවා. එම නිසා අපේ සම හා සෞඛ්ය රැක ගැනීම සදහා කොට්ට උර සතියකට වරක් වත් මාරු කලයුතු වෙනවා. ඔබේ හිසකෙස් තෙල් සහිත නම් දින 3කට වරක් එය කලයුතු වෙනවා.

හිසකෙස් සදහා ලෙමන්

ලෙමන්, හිසකෙස් වල අධික උෂ්නත්වයට එරෙහිව සටන් කරන අතර ඔබේ හිසකෙස් නැවුම්ව හා බොහෝ ප්‍රමානයකින් තබා ගැනීමට මෙන්ම දීප්තිමත්ව තබා ගැනීමටත් උපකාරි වෙනවා. එය බොහොම පහසුවෙන් සාදාගත හැකියි. වතුර 1L කට ලෙමන් යුෂ මිරිකා ඉතා සෙමින් එක අතකින් පමනක් හිසකෙස් මුලසිට සම්බාහනය කරන්න.

උස කොන්ඩ මෝස්තර

උස කොන්ඩ විලාසිතාව ඔබේ කොන්ඩය දිගුකර පෙන්වන අතර, ඔබ නිවසෙ සිටින විට උස පෝනිටේලයක් හෝ බනියක ආකාරයෙන් බැදගෙන සිටින්න. ඔබ පිටතට යමට පෙර හිසකෙස් පහතට කඩා දමන්න. මෙම උපක්‍රමය මගින් ඔබේ හිසකෙස් වැඩිපුරව පෙනනු ඇත.

හිසේ සම පිලිබදව ගැඹුරින් සැලකිලිමත් වෙන්න

සියලුම “බර” සම ආරක්ශන නිශ්පාදන (මැක්ස්, බාම්ස්, කන්ඩිශනර්) බොහෝ විට හිසකෙස් අග සදහා යොදා ගන්නවා. නමුත් එය හිසේ සම මතුපිට සදහා ගැල්වුවහොත් හිස්කබලෙහි පවතින සිදුරු වලින් ඒවා ගැඹුරටම ඇතුලුවී හිසකෙස් ගැලවීයාමට පුලුවන්. එමනිසා ඔබේ හිස් මුදුනේ එම ආවරන ආලේප නොකල යුතු අතර ඔබේ හිසකෙස් කොටස් හා ඔබේ සම සම්බාහනය කිරිමට එය බාවිතා කලයුතු වෙනවා.

හිස සෞඛ්‍ය පරීක්ෂනය

විලාසිතාකරු තෝමස් ටෝ සමග වැඩකරන සරා ජෙසිකා පාකර්, බ්ලේක් ලිවෙලි, එලන් පේජ් සහ ජූඩ් ලෝ විසින් හිසකෙස් හානිය පිලිබද සරල පරීක්ෂනයක් සොයා ගත්තා. හිසකෙස් ගහක් ගෙන පිරිසිදු ජල වීදුරුවට දමන්න. ඔබේ හිසකෙස් සෞඛ්‍ය සම්පන්න නම් එය පාවෙන අතර එය ගිලි ගියහොත් ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

සාමන්‍යයෙන් ඔබ හිසකෙස් සෝදා ගන්නෙ කොහොමද? හිසකෙස් පෙනුමෙන් අලංකාර කර ගන්න ඔයාටත් රහස් තියනවනන් අපි එක්ක බෙදාගන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
53
වටිනවා

කොන්ඩය දිගට හා පිරිසිදුවට තියා ගන්න ඕනෙ නම් මේ ක්‍රම පිලිපදින්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!