ජීවිතේ එක පාරක් හරි අපිට අනිවාරෙන්ම මේ වගේ චාටර් සීන් වලට මුහුණ දෙන්න වෙනවා


මිනිස්සු ඉදිරියේ ලැජ්ජාවට අපහසුතාවයට පත් වෙන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඒ වුනාට ඉතින් අහම්බෙන් හරි බලාපොරොත්තු නොවුනු අවස්තා වලදි ඒ වගේ ලැජ්ජා හිතෙන දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ද වෙනවා.. ඒ අවස්තාවේදි අපිට පොලව පලාගෙන ඇතුලට යන්න තරම් අපහසුතාවයක් දැනුනත් පස්සේ හිතලා බලනකොට ඒක මුලුමනින්ම සාමාන්‍ය විහිළුවක් විතරයි. ඔන්න අපි අද ඔබට අරගෙන ආවේ පොදුවේ අපි හැමෝටම සිද්ද වෙන එවැනි කරදරකාරී අවස්තා එකතුවක්. මේ අතරින් අවස්තා කීයකට විතර ඔබ මුහුණ දීලා තියෙනවද කියලා පහලින් කොටාගෙනම යන්න.

1. ප්‍රසිද්ධියේ බිම ඇද වැටුනු අවස්තාවකදි කී දෙනෙක් ඔබව දුටුවාද යන්න සොයා බැළීමට ඉක්මන් වීම.

2. අකමැති තෑග්ගක් ලැබුනු විට මුහුණේ ඇතිවෙන ව්‍යාජ සිනහව.

3. ඔබේ විහිළුව ඔබටම පැහැදිලි කිරීමට සිදුවුනු විටදි.

4. ඔබට කිසිසේත්ම නොතේරුනු විහිළුවකට බලහත්කාරයෙන් සිනාසීම.

5. කෑ ගසන අවස්තාවන් වලදි කටින් කෙල විසික් වීම.

6. ඔබ වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බව ඔබට වැටහුනු විට, නැවත හැරී යන විට ඔබට ගානක් නැති බව පෙන්වීමට උත්සාහ කිරීම.

7. ජනාකීර්ණ පොදු ප්‍රවාහනයක ගමන් කරන විට ඔබේ ශරීරයේ නුසුදුසු ස්ථානයක් යමෙකු විසින් අහම්බෙන් ස්පර්ශ කල බව දැනුනු විට.

8. ඔබේ දෙමවුපියන් සමග වාඩි වී චිත්‍රපටියක් නරඹන විට එහි අස*භ්‍ය දර්ශනයක් දර්ශනය වීම.

9. පාසලේදී ගුරුවරිය ඔබට එහා පේලියේ යමෙකු අසලට පැමින පහත් වුනු විට.

10. විදුලි සෝපානයක ගමන් කරන විට ඇතිවෙන අමුතු නිහඬතාවය.

11. ෆේස්බුක් මිතුරෙක් මගතොටේදී හමුවූ විට ඔවුන් නුදුටුවාසේ ගමන් කරන අවස්තාවක්.

12. යමෙකුට ඡායාරූපයක් නැරඹීම සදහා ඔබේ දුරකථනය ලබා දුන් විට ඔවුන් තව තවත් එහි තිබෙන ඡායාරූප බැළීමට පටන් ගැනීම සහ එහි ඔවුන් නොදැකිය යුතු දෙයක් තිබෙන බව ඔබට මතක්වුනු විට.

13. ඔබට අමතක වී ඔබේ ගුරුවරියට “අම්මා” යනුවෙන් ඇමතීම.

14. සංවාදයක යමක් නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමෙන් පසුවත් ඔබට එය වටහා ගැනීමට නොහැකි වූ විට, එය අතහැර දමා සිනාසීම.

15. ඔබ මිතුරෙකුගේ නිවසේ සිටින විට මිතුරා ඔහුගේ දෙමවුපියන් සමග ඝෝෂාකාරී ආරවුලක් පටන් ගත් විට.

16. පාර පනින අවස්තාවකදී මෝටර් රථයක් ඔබට යන්න ඉඩ දෙනවාද නැත්නම් ඉඩ දෙන්නේ නැද්ද යන්න තීරණය කිරීමට නොහැකි වූ විට.

17. පාසලේ ක්‍රීඩා කණ්ඩායම සදහා අවසන් ක්‍රීඩකයාද තෝරාගෙන අවසන් වූ විට.

18. නිහඬ ස්ථානයකදී ඔබේ බඩ කෑ ගසන විට.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
6
ලස්සනයි
විකාරයි විකාරයි
14
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
7
වටිනවා

ජීවිතේ එක පාරක් හරි අපිට අනිවාරෙන්ම මේ වගේ චාටර් සීන් වලට මුහුණ දෙන්න වෙනවා

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!