අත් වල සහ කකුල් වල ඇතිවෙන හිරිය මගින් ඔබේ සෞඛ්‍ය පිලිබද හෙලිවෙන දේවල්


සමහර වෙලාවට එකම ඉරියවුවෙන් බොහෝ වෙලාවක් සිටින විට හෝ වෙනත් හේතුවක් නිසා, අත් පා වල ඇතිවෙන හිරි වැටෙන ස්වභාවයට ඔබ මුහුණ දීලා ඇති. එහෙම වෙන්නේ ස්නායු වලට ඇතිවෙන තාවකාලික පීඩනය නිසායි. මේ තත්වය Paresthesia යන නමින් හදුන්වනවා. ස්නායු පීඩනය අඩුවෙන විට මේ තත්වය නැවත සාමාන්ය අතට හැරුනත්, නිතරම ඔබට මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා නම්, සමහර විට එය ඔබේ ශරීරයේ තිබෙන වෙනත් සෞඛ්‍ය ගැටළුවක සලකුණක් වෙන්න පුලුවන්. ඒ නිසා එය නොසලකා හරින්න හොද නැහැ. ඉතින් මේ Paresthesia තත්වය පිලිබද වැඩිදුර තොරතුරු හොයලා බලන්න තමයි අපි අද සූදානම් වෙන්නේ..

1. පොදු රෝග ලක්ෂණ


• අල්පෙනෙති සහ ඉදිකටුවලින් අනින ආකාරයේ සංවේදීතාවයක් ඇති වීම.

• එම ප්‍රදේශයට බාහිර ස්පර්ශ කිසිවක් නොදැනීම.

• හිරිය.

• උණුසුම් හා සීතල සම.

• කැසීම සහ කටුවලින් අනින්නාක් වැනි වේදනාවක් ඇති වීම.

 

2. හිරිවැටීම පිටුපස ඇති හේතු.


• විටමින් ඌනතාවය: අත් සහ පාද හිරි වැටීමට වඩාත් පොදු සුලබම හේතු වන්නේ මෙයයි. විටමින් B, B1, B6, B12 හා විටමින් E ශරීරයට හිග වීම නිසා මෙවැනි තත්වයක් ඇති වේ. ඒ විතරක් නෙමෙයි විටමින් D හෝ B6 ශරීරයට අවශ්‍ය ප්‍රමානයට වඩා වැඩි වීම මගින්ද අත් පා හිරි වැටෙන්න පුලුවන්.

• ආසාදන: හර්පීස්, shingles සහ HIV/AIDS වැනි ආසාදන තත්වයන් නිසා සාමාන්‍යයෙන් සීතල සහ උණුසුම් සමක් ඇතිවෙන අතර වරින් වර හිරිවැටෙන ස්වභාවයකුත් ඇති වෙනවා.

• තුවාල: හදිසි අනතුරු හෝ අධික ලෙස බර ඉසිලීම වැනි වැරදි ව්‍යායාම කිරීම මගින් ස්නායු සම්පීඩනය කල හැකිය.

• ඇල්කොහොල්: මධ්‍යසාර මගින් ස්නායු හානි වී ශරීරයේ බොහෝ ගැටළු ඇති වෙන්න පුලුවන් – alcoholic neuropathy වැනි රෝග.

• ඖෂධ සහ විෂ: ඔබේ පද්ධතිය තුල ඇති පාරිසරික විෂ ද්‍රව්‍ය වන ඊයම්, ආසනික් සහ රසදිය වැනි විෂ ද්‍රව්‍ය, ඔබේ ස්නායු ක්‍රියාකාරිත්වය සදහා හානි කර වෙනවා. ඒ වගෙම ඇතැම් ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස් ඖෂධ වර්ගද ඔබේ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සදහා හානිකර වෙනවා.

• පද්ධතිමය රෝග: අක්මා රෝග, රුධිර රෝග, හෝමෝන අසමතුලිතතා සහ දියවැඩියාව වැනි පද්ධතිමය රෝග මගින් ද paresthesia තත්වය ඇතිවිය හැකියි.

• සත්ව සහ කෘමි සපාකෑම්: Lyme රෝගය ඇතිවිය හැකියි.

• ආඝාතය ඇතුලු වෙනත් හේතූන්, දියවැඩියාව වර්ග 2 සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රොගී තත්වයන් නිසාද අත් පා වල හිරි වැටෙන ස්වභාවය ඇතිවිය හැකියි.

3. paresthesia සදහා වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ කවුද?


• ස්ත්‍රී පුරුෂ භාවය: පටු ස්නායු මාර්ග ඇති නිසා කාන්තාවන් වැඩි වශයෙන් paresthesia තත්වයට ගොදුරු වීමට ඉඩ තියෙනවා.

• තයිරොයිඩ් රෝග: carpal tunnel syndrome මගින්ද මෙහි අවදානම වැඩි කරයි.

• දිගු ඇද විවේකය: ශරීරය ක්‍රියාකාරී නොවී දිගු වෙලාවක් ඇදේ වැතිරී සීටීම මගිනුත් paresthesia තත්වය ඇතිවිය හැකියි.

• තරබාරු බව: ශරීරයේ අතිරේක බර මගින්ද ස්නායු සම්පීඩනය විය හැකියි.

• දවස පුරා එකම ඉරියවුවෙන් වැඩ කරන හෝ සිටින පුද්ගලයන්ටද ස්නායු හානි හෝ paresthesia තත්වය ඇති වීම ඉඩ තියෙනවා.

4. විකල්ප ප්‍රතිකාර.


• විවේක ගැනීම: දැනට තිබෙන ඵලදායී හා ප්‍රසිද්ධම ප්‍රතිකාරය වන්නේ පීඩනය පහව යන තුරු විවේක ගැනීමයි.

• භෞතික චිකිත්සා: ආබාධය ඇතිවෙන ස්නායු අවට තිබෙන මාංශ පේශීන් ශක්තිමත් කිරීමට සමහර ව්‍යායාම සහ භෞතික චිකිත්සක ක්‍රම යොදා ගත හැකිය. එමගින් චලනය සහ නම්‍යතා පරාසය වැඩි දියුණු කර හිරි වැටීම නැවත ඇති වීම වලක්වයි.

• ඖෂධ: paresthesia තත්වයට ප්‍රතිකාර කල හැකි ඖෂධ වර්ග තිබෙන නමුත් ඒවායින් සංකූලතා ඇති වීමේ අවදානම වැඩිය. ඒ නිසා වෛද්‍යවරයකුගෙන් විමසා නියමිත මාත්‍රාව පමනක් ලබා ගැනිමට සැලකිලිමත් විය යුතුය.

5. වළක්වා ගැනීම.


පොඩි පොඩි දේවල ටිකක් මතක තියා ගත්තොත් ඔබට paresthesia තත්වය ඇති වීම වලක්වා ගත හැකියි.

• නිවැරදි ඉරියවු භාවිතා කරමින් දිනපතා ව්‍යායාම කරන්න.

• දෛනික ජීවිතයේදි නොසැලකිලිමත් ලෙස බර ඉසිලීම හෝ ව්‍යායාම කිරීමෙන් වලකින්න.

• සෑම දවසකම චලනය වෙන පරාසය වෙනස් කරන්න: උදාහරණයක් විදියට ඔබ කාර්යාලීය සේවකයකු නම් එක දිගට පැය ගණනාවක් එකම ඉරියවුවෙන් වාඩි වී සිටීමෙන් වැලකී මදක් විවේක ගන්න, ඇවිදින්න.

ඔබත් මේ ගැටළුවට මුහුණ දීලා තියෙනවද? අදහස් අපිට කියන්න. සුභ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
0
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
47
වටිනවා

අත් වල සහ කකුල් වල ඇතිවෙන හිරිය මගින් ඔබේ සෞඛ්‍ය පිලිබද හෙලිවෙන දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!