මෑත කාලේ ඉදලා ලෝකෙම දේශගුණය වෙනස් වෙලා තියෙන්නේ ඇයි


පසුගිය වසර 150 ඇතුලත කාළගුණ විද්‍යා නිරික්ෂණ ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය පසුගිය 2017 වර්ෂයේදි වාර්තා වෙලා තියෙනවා. ඒ වගෙම ඇතැම් විද්‍යාඥයින් මත පල කරන්නේ අනාගතයේදී යුරෝපය හා ඇමරිකාව සදාකාලික සීතලෙන් ආවරණය වෙන්න පුලුවන් කියලයි. මේ හැමදේටම ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ වේගයෙන් ඉහළ නගින ගෝලීය උෂ්ණත්වයයි. ඒ හේතුවෙන් ග්‍රීන්ලන්තයේ ඇති අයිස් තට්ටු දිය වීමත් මේ දේශගුණික විපර්යාසයන්ට ප්‍රභල ලෙස බලපානවා. පසුගිය වසර 10ට වඩා මේ වෙනකොට එය 2ගුණයකින් වේගවත් වෙලා තියෙනවා. මේ හැමදේටම හේතුව වෙන්නේ මානව වර්ගයා වන අපි හැමෝගෙම අත්තනෝමතික ක්‍රියාකාරම් කියන එක අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.

1. ඉහළ නැගැලා තියෙන අසාමාන්‍ය උෂ්ණත්වය. ඇරිසෝනාවේ 120°F සහ කුවේට් වල130°F .

මානව විද්‍යාත්මක මූලාරම්භයේ රසායනික සංයෝගවල බලපෑම නිසා පෘථිවියේ ඔසෝන් ස්ථරය බිද වැටීමට පටන්ගෙන තියෙනවා. ඕසෝන් ස්ථරය මගින් ඔක්සිජන් අහිමි වීම වලක්වනවා විතරක් නෙමෙයි එය අපවිත්‍ර පාරජම්බුල කිරණ වලිනුත් අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ ඕසෝන් ස්ථරයේ බිද වැටීම නිසා අසාමාන්‍ය ලෙස උෂ්ණත්ව ඉහල යාමක් සිදු වෙනවා කියලයි විද්යාඥයින් වාර්තා කරලා තියෙන්නේ.

2. තැනක අසාමාන්‍ය සීතල.

ඉතා ඉක්මනින් අසාමාන්‍ය විදියට වෙනස් වෙන දේශගුණය විවිධ සත්වයන්ට විවිධ විදියට බලපානවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ විවිධ උෂ්ණත්ව වලට අනුව වෙනස් වෙන්න පුලුවන් විදියට හැදිලා තියෙන කිඹුලා අධික සීතලෙන් බේරිලා තියෙන විදිය හා සීතලට ප්‍රතිරෝධි නොවන තලගොයා මියගොස් තියෙන ආකාරයයි.

 

3. වසර 3ක් පුරා හිම වැටෙන සහරා කාන්තාරය.

මේ සන්සිද්ධියත් දේශගුණික විපර්යාසයේ ඉතාම අද්භූත සිද්ධියක් වෙනවා.

 

4. සයිබීරියානු කොටියෙක් ආහාර සොයාගෙන කැලයෙන් එලියට ඇවිත් තියෙන අවස්තාවක්.

තවත් ගෝලීය ගැටළුවක් වෙන වනාන්තර විනාශය නිසා සත්වයන්ට ඔවුන්ගේ පැවැත්ම පිලිබද තර්ජනයක් එල්ල වී තියෙනවා. සයිබීරියාවේ මේ සාමාන්ය මාර්ගයකට පැමින සිටින කොටියාගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ ආහාර සොයා ගැනීමයි.

 

5. බ්‍රසීලයේ නිවර්තන වනාන්තර එලි කිරීම.

වනාන්තර විනාශය නිසා වෙන පරිසර හානිය ගැන අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ලෝකය පුරාම මේ විදියට දිගටම වනාන්තර විනාශ කිරිම නිසා 2040 වෙනකොට පෘථිවි තලයේ කිසිම වනාන්තරක් ඉතිරි නොවීමට පුලුවන්.

6. චීනය ගිල ගන්නා ඝන මීදුම.

කඩිනම් කාර්මික සංවර්ධනය නිසා පෘථිවි තලයේ මිනිසුන්ගේන් 85%ක් පමන දූෂිත වාතය තුලයි හුස්ම ගන්නේ.

 

7. කිලෝමීටර 100කට එහායින් තියෙන වනාන්තරයක් ගිණි ගන්නා විට ස්පාඤ්ඤයේ ගිජොන් නගරය උදෑසන 10ට පමන දිස් වුනේ මෙහෙමයි.

ලොව පුරා වනාන්තර වල ලැව් ගිණි ඇති වීමට 90%ක්ම බලපානු ලබන්නේ මිනිසුන්ගේ “නොසැලකිලිමත් ක්‍රියාකාරකම්”ය. එක් පුද්ගලයකුගේ නොසැලකිලිමත්කම නිසා සමස්ත වන සංහතියටම වෙන විනාශය මෙතෙකැයි කියන්න බැහැ.

8. මේ රෝස පැහැය රුසියානු නගරයේ එක් ජලාශයක් දකින්නට ලැබෙනවා.

වායුගෝලීය රසායනික සංයුතියෙහි වෙනස්වීම හේතුවෙන් අම්ල වැසි ඇතිවීම මෙයට හේතුවයි. පස හා ජලය දූෂනය වෙන නිසා එමගින් පරිසරයට විශාල හානියක් සිදු කරනවා.

9. රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරයක්.

විද්යාඥයන්ගේ අනාවැකි අනුව, 2030 වන විට පෘථිවි ජනගහනය බිලියන 9 ක් වෙනු ඇති බව විශ්වාස කරනවා. ඉතින් පොඩ්ඩක් හිතන්නකො අවුරුදු 101 කට පෙර 1927 දී පෘථිවියේ ජනගහනය බිලියන 2 ක් විතරයි ඉදලා තියෙන්නෙ.

10. ආක්ටික් සාගර වෙරළ තීරයේ සාගින්නෙන් මිය යන හිම වලසා.

හිම වලසුන්ගේ මෙම ඡායාරූප අපගේ පෘථිවි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ගැටලුව හොදින්ම පැහැදිලි කරනවා. සෑම වසරකම අඩුවෙන අයිස් ප්‍රමානය නිසා හා ස්වභාවික ක්‍රියාවලියේ තියෙන අක්‍රමවත් බව නිසා ආහාර හා අනෙකුත් අවශ්‍යතා වල හිග කමෙන් මේ සතුන් දිගින් දිගටම මියයාමට පටන් ගෙන තියෙනවා.

11. සාගරයට තෙල් මුසු වීම.

සෑම අවුරුද්දකම ලෝකයේ තෙල් ටැංකි මිලියන 12ක් පමන සාගරයට ඇද දමනු ලබනවා. හානියට පත් වෙන තෙල් ලිං වගෙම කාන්දුවන තෙල් ටැංකි එයට ප්‍රධානම හේතුවයි. මුහුදු ජලයෙන් 25%ක් පමන මේ වෙනකොට ඝනකමෙන් වෙනස් වෙන තෙල් තට්ටු වලින් ආවරණය වෙලා තියෙනවා. ලොව සිදුවූ විශාලම තෙල් කාන්දුව වෙන්නේ 2010 වර්ෂයේදී ඩීප්වෝටර් හොරයිසන් තෙල් වේදිකාවේ පිපිරී යාමයි. එමගින් තෙල් ටොන් 1000 ක් පමන මුහුදු ජලයට එකතු වුනා. බ්‍රිතාන‍ය ඛණිජ තෙල් සමාගම මෙම තෙල් ඉවත් කීර්මට ඩොලර් බිලියන ගණනක් වැය කල නමුත් ඔවුන්ට එම දහනය වන ද්‍රවය වලින්75%ක් පමනයි ඉවත් කිරීමට හැකි වුනේ.

12. මුහුදු අශ්වයකුගේ රැදිලා තියෙන මේ කන්කූර මගින් වර්තමාන සාගරයේ තත්වය හොදින් පැහැදිලි කරනවා.

වර්ෂයකට ප්ලාස්ටික් සුන්බුන් ටොන් මිලියන 260ක් පමන සාගරයට එකතු වෙන අතර එයින් සිදු වෙන්නේ විශාල ප්ලාස්ටික් මහාද්වීප නිර්මාණය වීමයි. දැනට එවැනි විශාලම ප්ලාස්ටික් මහාද්වීපය පැසිෆික් සාගරයේ 10%ක ප්‍රමානයක් වසාගෙන සිටිනවා.

13. ප්ලාස්ටික් තල්මසා.

සාගර වල සිදුවෙන ප්ලාස්ටික් දූෂණය වසරින් වසර වැඩි වෙමින් පවතිනවා. සියලුම සාගර වාසින් මේ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. තල්මසාත් ඒ අතරින් කෙනෙක්. මේ විනාශය ප්‍රතිනිර්මානය කිරීමට පිලිපීන් ජනතාව අපූරු වැඩක් කරලා තියෙනවා. මේ පිලිබද ජනතාව දැනුවත් කිරීමට සාගයෙන් සොයා ගත් ප්ලාස්ටික් සුන්බුන් එකතුකර තල්මස් අනුරුවක් වෙරළ තීරයේ නිර්මාණය කරලා තියෙනවා.

පෘථිවිය ආරක්ෂා කර ගැනීමට මිනිසුන්ගේ කාර්යබාරය.

දිනෙන් දින වැඩිවෙන මේ ගෝලීය පරිසර ගැටලු අවම කර ගන්න අපි හැම කෙනෙක්ටම කුඩා හෝ දායකත්වයක් දක්වන්න පුලුවන්. වන ජීවින් හා රක්ෂිත විනාශ කිරීම, අක්‍රමවත් කාර්මික සංවර්ධනය වගෙම අනෙකුත් පරිසර විනාශයන් සිදු විම වැලැක්වීමට නීතිමය පියවර ගැනීම ලොව පුරා සිටින සියලුම රාජ්‍ය නිලධාරින්ගේ වගකිමක් වෙනවා. එකිනෙකා තනි තනි වශයෙන් තමන්ගෙන් පරිසරයට වෙන හානිය මොකක්ද කියලා හදවතින්ම අහලා බලන්න කාලය තමයි මේ. ස්වභාවික පරිසරය රැක ගන්න.. එය අනාගතයේ අපිව ආරක්ෂා කර ගනියි…

ඔයාගේ අදහසුත් අපිට කියන්න. යාළුවන්වත් මේ ලිපියෙන් දැනුවත් කරන්න. සුභ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
4
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
76
ඇඩෙනවා
වටිනවා වටිනවා
35
වටිනවා

මෑත කාලේ ඉදලා ලෝකෙම දේශගුණය වෙනස් වෙලා තියෙන්නේ ඇයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!