ව්‍යවසායකයෙක් යන සංකල්පය සමග ඇත්තේ මිනිස් ශ්‍රමය සූරා ගෙන මුදල් ඉපයීම ප්‍රධාන තැනට ලා සලකන චරිතයක්. එහෙත් මේ ව්‍යවසායකයාය යන සංකල්පය තුලින් මිදුන සහ තමන්ගේ සේවකයින් වෙනුවෙන් මානව දයාවෙන් සංග්‍රහ කළ චරිත කීපයක් මේ..
1. රහසක් ලෙසින් ලබා දෙන සංචාරය MMA සමාගමේ විධායක අධ්‍යක්ෂ චත්‍රි සිට්යොන්ඩොන් (Chatri Sityodtong) ගේ ආයතනයේ සේවකයින් සිය දෙනෙක් මාලදිවයිනේ සංචාරයක් වෙනුවෙන් සහභාගී කිරීමට ලෝබ නැතුව ඩොලර් 400,000 ක් වියදම් කලේය. ඔහු විසින් තම සේවකයින්ට කෘතගුණ දැක්වූ පළමු අවස්ථාවත් මෙය නොවේ.
චත්‍රි විසින් මීට පෙරාතුවදීත් MMA සමාගමේ සේවකයින් වෙනුවෙන් පුදුම හිතෙන සංචාරයක් ලබා දී තිබේ. ගමන පිලිබඳව වූ පණිවිඩය නිතරම රහසක් ලෙසින් තබා ගත්තේ මේ අවස්ථාව සේවකයින් මවිත කරන පණිවිඩයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමටයි. ඒ වගේම සංචාරයේදී තරු පහේ හෝටලයක නවාතැන් සලසා දෙන අතර එම හෝටලයද ලැගුම් ගන්නා තෙක් රහසක් ලෙසින් තබා ගැනීම MMA සමාගමේ විධායක අධ්‍යක්ෂ චත්‍රි සිට්යොන්ඩොන්ගේ පුරුද්දකි.
ඔහු නිරන්තරවම සේවකයා දෙස බැලුවේ තමාගේ ආයතනයේ බැබලීමට උපකාරී වන කොටස්කරුවන් ලෙසයි. මේ ස්වාමි සේවක සම්බන්ධතාවය නිසාම චත්‍රි විසින් සෑම වසරකදීම සමාගමේ ආදායමෙන් 30% ක මුදලක් සේවකයින් අතරේ ත්‍යාගයක් ලෙසින් බෙදා දෙනු ලැබේ.
2. නිවසට බල්ලෙක් එකතු වුනොත් සතියක නිවාඩු
ස්කොට්ලන්තයේ BrewDog brewery සමාගමේ කළමනාකාරිත්වය විසින් සිය සේවකයන්ට ලබා දුන් පුදුම වරප්‍රසාදයක් තිබේ. යම් සේවකයෙකු විසින් සුරතලයට ඇති දැඩි කිරීම වෙනුවෙන් නිවසට බලු පැටවෙකු ගෙන ගියොත් ඒ සේවකයාට සතියක නිවාඩුවක් ලබා දීමට සූදානමින් සිටී.එය බලු පැටවෙකු හෝ pound dog බල්ලෙකු විය හැකියි.අලුත් අමුත්තා ගෙහිමියන්ට හුරු වෙන තෙක් එම සත්වයාගේ චිත්තවේගීය සුරැකියාව වෙනුවෙන් මේ වරප්‍රසාදය ඔවුන්ට ලබා දී තිබේ.
මුල් කාලයේදී BrewDog brewery සමාගමේ සේවකයන් විසින් නිවසේ ඇති කිරීමට බලු පැටවෙකු හෝ pound dog බල්ලෙකු ලබා ගත් විට එම බල්ලා තම ආයතනයට කැටුව යෑම වෙනුවෙන් අවසර ලබා දී තිබුනි. එහෙත් මේ තත්වයට වඩා සේවකයා නිවසේ සිටිමින් සුරතලා රැකබලා ගනු පිනිස ඔවුන්ට වැටුප් සහිතව දින හතක නිවාඩුවක් ලබා දී තිබේ.
3. තමන්ගේ ආදායම සේවකයන් සමග බෙදා ගත් ඩැක් ප්‍රයිස්
Gravity Payments නිර්මාතෘ ඩෑන් ප්‍රයිස් (Dan Price) විසින් සේවකයන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙන් බෝනස් මුදල් ප්‍රදානය කිරීමට තීරණය කරන ලදී. ඒ වෙනුවෙන් ඔහු සෑම සේවකයෙකුගේම වාර්ෂික වැටුප ඩොලර් 70,000 බවට පත් කරන ලදී. ඒ වෙනුවෙන් ඔහු සමාගමේ ආදායම වෙන් කරන ලදී.
තම හාම්පුතා වෙනුවෙන් උපහාර දැක්වීමට තීරණය කළ සේවකයන් විසින් මාස හයක් තුළ අපුරු අන්දමින් ඩෑන් මවිතයට පත් කරන ලදී.ඔහු ව්‍යවසායකයෙකු වුවත් විදුලි මෝටර් රථයක් ඔහු සතු නොවුනෙන් සේවකයන් විසින් ඩෑන් වෙනුවෙන් විදුලි මෝටර් රථයක් පරිත්‍යාග කරන ලදී.මෙය බූමරංගයකට සමාන නොවේද..?
4. සේවකයන් ඔසවා තබන සව්ජි ඩෝල්කියාගේ සිහිනය
“හරේ ක්‍රිෂ්ණා “අපනයන යනු දියමන්ති අපනයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ සව්ජි ධෝලාකියාට අපුරු සිහිනයක් විය. ඒ ඔහුගේ ව්‍යවසායකත්වය පදනම් වූවක් නොවේ.ඔහුට අවශ්‍ය වූයේ ඉදිරි වසර පහක කාලයක් තුළ සිය සමාගමේ සියලුම සේවකයින්ට මහල් නිවාස හා මෝටර් රථ ලබා දීමයි.
දහස් ගණණක් සේවකයන් සේවය කරන මෙම ආයතනයේ ආදායම අනුව සව්ජිගේ සිහිනය සැබෑ කළ නොහැකි සිහිනයක්ද නොවේ.ඔහු තම සමාගමේ වඩාත් කාර්යක්ෂම සේවකයින් 1260 ක් වෙනුවෙන් මෝටර් රථද,තවත් හාරසියයක් වෙනුවෙන් මහල් නිවාසද ලබා දුන්නේය.ඔහුගේ මෙම මුල පිරීම සිදු වූයේ 2016 වසරේදී.ය.
නමුත් සජිව් මෙන් ඔහුගේ පුතාගේ ගති පැවැතුම් එතරම් ප්‍රසන්න නොවීය.එහෙත් පුතුට අයාලේ යෑමටත් ඉඩ දිය නොහැකි නිසා සව්ජි 21 හැවිරිදි සිය පුත්‍රයා එරට කුඩා ග්‍රාමීය නගරයකට යවා රුපියල් 7,000 ක (ඩොලර් 108) වැටුපක් ලබා දුන්නේය.
5. වසර හතකට වරක් වසරක නිවාඩු
සුප්‍රසිද්ධ ග්‍රැපික් නිර්මාන ශිල්පියෙකු ,” සැග්මෙයිස්ටර්” සහ” වොල්ෂ්” ආයතනයේ හිමිකරු වන ”’ස්ටෙෆන්” සේවකයන් වෙනුවෙන් වසර හතකට වරක් වසරක නිවාඩුවක් ලබා දෙනු ලැබේ.ඔහු මේ නිවාඩුව ලබා දෙන්නේ දිගු නිවාඩුවක් නොමැති විට පුද්ගලයන්ගේ නිර්මානශීලීත්වයට බාධාවක් වන බවයි.චිත්‍ර ශිල්පියෙකුට මානසික විවේකය අවශ්‍ය බැව් ඔහුගේ පිලිගැනීමයි.
ස්ටෙෆන් විසින් මේ සංකල්පය ප්‍රායෝගිකව සනාථ කරන ලදී.ඔහු පළමු නිවාඩුවේදී ලෝකය වටා සංචාරයේ ගැනීමට වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. මැන්චෙස්ටර් හි පිහිටි Invasion ආයතනයේ නිර්මාතෘ Lee McAteer සිය ආයතනයේ සේවකයින් මවිතයට පත් කරවන අපුරු වික්‍රමයක් කරන ලදී.ඔහු තමාගේ ආයතනය විශාල බෝල පිට්ටනියක් බවට පත් කරන ලදී.
ඒ වෙනුවෙන් ඔහුට ගත වුනේ පැය පහක කාලයක් පමණි. අළුයම 3 සිට උදේ 8 දක්වා වර්ණවත් බෝල 250,000 ක් මුදා හැරීමට ලී සහ ඔහුගේ සහායකයෝ කාර්යබහුල වූහ. මේ නිසා සේවකයන්ගේත් ආකල්ප වෙනස් විය.ඔවන්ට ආයතනය බෙහෙවින් ප්‍රියජනක ස්ථානයක් බවට පත් විය.සතුට සහ යහපත් මානසිකත්වය ජීවිතයට හිතකර මනෝභාවයන් සපයන බැව් Invasion ආයතනයේ ලොක්කා දැන සිටියේය.
6. ප්‍රේමසම්බන්ධතාවය බිඳ වැටුනොත් නිවාඩුවක්
හයිම් ඇන්ඩ් කෝ (Hime & Co ) ආයතනයේ කළමනාකාරිත්වය විසින් තමන්ගේ ආයතනයේ සේවකයන්ගේ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටුන විට නිවාඩු දිනයක් ලබා දෙන්නේ ඔවුන්ගේ පීඩනය දුරු කර ගැනීමටයි. පීඩනය සමග සේවය කිරීම සැබැවින්ම අපහසුය. එයින් කාර්යක්ෂමතාවයක් ඇති නොවේ.
මේ නිවාඩු දිනයන් ලබා දීම සේවකයන්ගේ වයස අනුව වෙනස් වේ.අවුරුදු විස්සක කාන්තාවක් වෙනුවෙන් වැලපීමට ලැබෙන නිවාඩුව එක් දිනකි.වයස අවුරුදු 25 ට වැඩි නම් දින දෙකක්ද,වයස අවුරුදු 30 ට වැඩි නම් දින තුනක්ද ලෙසින්ද ලැබේ.වියපත් වීමත් සමග දරා ගැනීමේ අපහසුතාවයන් ඇති වෙන නිසා ඇයට සැහැල්ලු වීම වෙනුවෙන් වැඩි කාලයක් අවශ්‍ය වේ.
Hime & Co ආයතනය විසින් තමන්ගේ ආයතනයේ සේවකයන් වෙනුවෙන් තවත් වරප්‍රසාදයක් ලබා දී තිබේ. එනම් උත්සව කාලයේදී සාප්පු සවාරි යෑම වෙනුවෙන් දින බාගයක නිවාඩුවක් ලබා දීමයි.
7. සුපිරි දිවා ආහාරය සමග චොකලට්
සංග්‍රහශීලීත්වය ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වයට වක්‍ර ආකාරයෙන් බලපෑම් ඇති කරන සාධකයකි. Asana ආයතනය විසින් සිය ආයතනයේ සේවකයන් වෙනුවෙන් විශිෂ්ට ආකාරයේ ප්‍රණීත දිවා ආහාරයක් සමග චොකලට් සංග්‍රහයක් ලබා දෙයි.පුද්ගලයන්ගේ මෙන්ම සේවකයන්ගේ ජීවිතයේ ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබයි.
මේ වෙනුවෙන් අරක්කැමියෙකුගේ සේවය සපයා ගන්නා අතර චොකලට් තොග වහයෙන් ආයතනයේ ගබඩා කර ගෙන ඇත.
8. සේවයට වාර්තා කිරීම ප්‍රමාද වීම නිසා මෝටර් රථයක් තෑගි
ආයතනයක සේවයට පැමිණීම ප්‍රමාද වුනොත් රතුඉර, වැටුප් කැපීම සාමාන්‍යයෙන් ආයතනයක අනුගමනය කරන ප්‍රතිපත්තියයි. එහෙත් දිවාසුරැකුම් මධ්‍යස්තානයක සේවයේ යෙදුන ”වෙරෝනිකා සොලිස්” දක්ෂ සුපවේදිනියක වූවාය. එහෙත් පිලිකාවක් වැළඳීමෙන් රෝගාතුර වුන ඇය නැවතත් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සේවයට සම්බන්ධ වූවාය.පෙර මෙන් සේවයට පැමිනීමේදී ඇගෙන් ප්‍රමාදයන් සිදු වූයේ පොදු ප්‍රවාහනයන්හි පැමිණීමේදී ඇති අපහසුතාවයන් නිසයි.
හිතට එකඟව මට වැඩ කරන්න බැහැ. රෝග තත්වය නිසා වෙනදා වගේ පොදු වාහනවල එන්නත් අපහසුයි. මම අයින් වෙන්නම්.මගේ පුරප්පාඩුවට වෙන කෙනෙක් ගන්න…ඇය දිනක් ඇලෙක්ස්ට කීවාය.එසේ කිව්වත් ඇගේ දෙනෙත පිරි කදුලින් කියැවුනේ තව දුරටත් මෙම ආයතනයට සේවය ලබා දීමට ඇය සූදානමින් සිටින බවයි.
ප්‍රමාදයට කරුණු දත් ඇගේ ස්වාමියා වු “ඇලෙක්ස් රියොස්” (Alex Rios) තම සේවිකාවට මෝටර් රථයක් මිළට ගෙන දුන්නේය.
Connect with us