කාන්තාවන්ගේ සුන්දරත්වය වගෙම පිරිමින්ගේ කඩවසම් බව මනින් විවිධ මිනුම් දඬු තියෙනවා. ඒ වුනත් විද්‍යාත්මකව කෙනෙකුගේ කඩවසම් බව මනිනවා කියන එක ටිකක් අමුතුයි නේද? කොහොම වුනත් ඔන්න විද්‍යාඥයින් විසින් ලෝකයේ වඩාත් කඩවසම්ම පිරිමින් 10 කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා ඔවුන් පැරණි රන් අනුපාත ක්‍රමය (golden ratio standards) සහ උසස් පරිගණක සිතියම්කරණ තාක්ෂණය යන දෙකම භාවිතා කර තිබෙනවා.
10. ජේමි ෆොක්ස් (85.46%)
9. සයින් මලික් (86.5%)
8. රයන් ගෝස්ලිං (87.48%)
7. ඉඩ්රිස් එල්බා (87.93%)
6. විල් ස්මිත් (88.88%)
5. ඩේවිඩ් බෙකම් (88.96%)
4. හැරී ස්ටයිල්ස් (89.63%)
3. බ්‍රැඩ් පිට් (90.51%)
2. බ්රැඩ්ලි කූපර් (91.8%)
1. ජෝර්ජ් ක්ලූනි (91.86%)
මේ අතරින් රන් අනුපාතය පිළිබඳ න්‍යායට අනුව 56 හැවිරිදි ජෝර්ජ් ක්ලූනි 91.86% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ලෝකෙයේ පරිපූර්ණ මුහුණක් සහිත කඩවසම්ම පුද්ගලයා ලෙස අංක එකට තේරී පත්ව සිටිනවා.
දැන් බලමු ඔබේ ආකර්ශනීය සංගුණකය සකස් කරන්නේ කොහොමද කියලා?
පලමුවෙන්ම සිනාසෙන්නෙ නැතුව, මුහුණට වැටී තිබෙන කෙස් ඉවත් කර, කෙලින්ම කැමරාව දෙස බලා ඔබේ මුහුණේ ඡායරූපයක් ගන්න. මෙම ඡායාරූපය A4 කඩදාසියකට මුද්‍රණය කර ඔබේ ගණනය කිරීම් සිදු කරන්න. (මුහුණේ සමානුපාතය 1.618 ට ආසන්න වෙනවා නම්, ඔවුන් වඩාත් ආකර්ෂණීය ලෙස සලකනු ලබනවා.)
නාසය: ඔබේ නාසයේ පළල ස්ථානයේ සිට ඔබේ ඇහිබැම මැද දක්වා දිග මැන, ඔබේ නාසයේ පළලම ස්ථානයේ අගයෙන් එය බෙදන්න. ඔබට ලැබෙන අගය 1.618 ට සමාන නම්, ඔබට පරිපූර්ණ නාසයක් ඇත.
තොල්: ඔබේ තොල්වල දිග මැන, ඔබේ නාසයේ පළලින් එය බෙදන්න. එහිදී ලැබෙන අගය 1.618 ක් නම් ඔබට පරිපූර්ණ දෙතොලක් හිමිය.
පරිපූර්ණ ඕවලාකාර හැඩැති මුහුණ: ඔබේ මුහුණ කොටස් 3 කට බෙදන්න: ඔබේ කොණ්ඩයේ සිට ඇහි බැම දක්වා; ඔබේ ඇහිබැමි රේඛාවේ සිට ඔබේ නාසයේ පාදය දක්වා; ඔබේ නාසයේ පාමුල සිට නිකට දක්වා. මේ සියලුම කොටස් වල දිග සමාන විය යුතුය.
Connect with us