තමන්ගෙ පුතා හා තරුණියක් ගැන ඇති වුන සැකයක් නිසා අම්මා කෙනෙක් කරපු අපූරු වැඩේ


මුලින්ම කියන්න ඕනෙ මේ කියන්න යන්නෙ පිටරටක සිදුවුන අපූරු සිදුවීමක්.එක් තරුණයෙක් තමන්ගේ රැකියාවට යාමට පහසු තැනකින් බෝඩිම් කාමරයක් අරන් වුනා.ඒ බෝඩිම් කාමරේ ඔහු විතරක් නෙමේ තව තරුණියක්ද සිටියා. මේ තරුණිය ඉතාමත් රූමත් කෙනෙක්. මෙහෙම රැකියාවත් කරගෙන ඉන්න අතරතුර දවසක් මේ තරුනයගෙ අම්මා ආව ඔහුගේ දුක සැප බලන්න බෝඩිමට. එදා දවසේ කෑම වේල ගත්තෙ අම්මයි පුතයි අනෙක් තරුණියයි තුන් දෙනාම එකට. මේ කෑම වේල අතරතුරදි අම්මා කල්පනා කලා මේ තරුණිය කොච්චර රූමත්ද කියල. මේ නිසාම ඇගේ හිතේ සැකයක් තිබුනා තමන්ගෙ පුතයි මේ තරුණියයි අතර ආදර සම්බන්ධයක් තියනවද කියල.ඇත්තටම ඒක දීර්ඝ කාලයක් තිස්සෙ ඇගේ හිතට වද දුන්නු සැකයක්.ඒත් මේ වතාවේ ඒ සැකය තවත් වැඩි වුනා පුතාගෙයි තරුණියගෙයි හැසිරීම් , කතාබහ දිහා බලන් හිටියම.

අම්මාගෙ හිතේ මෙහෙම සැකයක් තියනව කියල මේ තරුණයට තේරුනා.ඒක හින්දා පුතා, අම්මට පහදල දුන්නා එහෙම කිසිම අනවශ්ය සම්බන්දයක් නැති බවත් , ඇ‍ය හිතවතියක් පමනක් බවත්.පුතාගේ බෝඩිමේ දවස් කිහිපයක් ගත කරපු මේ අම්මා ආපහු ගෙදර ගියා.මීට දින කිහිපයකට පස්සෙ මේ බෝඩිම් කාමරේ ඉන්න තරුනිය උවමනාවකට ඇගේ රිදී පැහැති බදුනක් සොයන්නට වුනා. කොතරම් වෙලා හෙව්වත් බදුන හොයා ගන්නට ඇයට හැකි වුනේ නැහැ.ඇයට අන්තිමට කරන්න ඉතුරු වුනේ බොඩිමේ ඉන්න තරුනයගෙන් මේ ගැන විමසීම විතරයි. ඉතින් ඇය ඔහුගෙන් මේ ගැන අසා සිටියා.

“මගේ රිදී පාට භාජනය නැති වෙලා.හැම තැනම බැලුවා.ඒක නැති වෙලා තියෙන්නෙ ඔයාගේ අම්මා මෙහෙ ඇවිත් ගියාට පස්සෙ.ඔයා හිතන්නැද්ද ඔයාගෙ අම්මා ඒක ගන්න ඇති කියල?”
ටිකක් වෙලා කල්පනාවේ යෙදුනු තරුණයා “මම හිතන්නැහැ අම්මා ඒක ගන්න ඇති කියල.ඒත් ඔයා කියන නිසා මම අම්මගෙන් අහලා කියන්නම්” යැයි පැවසුවා.
එසේ පැවසූ ඔහු දුරකථනය ගෙන ඔහුගේ මවට යැවීමට පනිවුඩයක් සටහන් කලා.

“අම්මේ, අම්මා මෙහේ ඇවිත් ගිය දවස් වල ඉදන් මෙහෙ තිබුනු රිදී පාට භාජනයක් නැති වෙලා තියනවා. මන් කියන්නැහැ අම්මා ඒක අරගත්තා කියලවත් අරගත්තේ නැහැ කියලවත්. හැබැයි ඉතින් ඒ භාජනේ නැති වෙලා තියෙන්නෙ ඔයා ඇවිත් ගියාට පස්සෙ” ලෙස පවසමින් ඔහු අම්මට පනිවුඩය යැව්වා.

දවස් කිහිපයකට පසු ඔහුට අම්මාගෙන් පිලිතුරු පනිවුඩයක් ලැබුනා.එහි ” දයාබර පුතේ,මන් කියන්නැහැ ඔයයි ඔයාගේ බෝඩින් කාමරේ ඉන්න තරුණියයි එකට නිදියනව කියල. ඒ වගේම මන් කියන්නැහැ ඔය දෙන්නා එකට නිදියන්නෑ කියලත්.හැබැයි ඇය නිදා ගන්නෙ ඇගේම ඇදේ නම් මේ වෙනකොට එයාට රිදී භාජනේ හම්බ වෙලා තියෙන්න ඕනේ.මොකද ඒක තියෙන්නෙ එයාගෙ ඇදේ කොට්ටෙ යට” ලෙස සදහන් වුනා.

තේරුනාද මන්ද කට්ටියට

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
14
ලස්සනයි
විකාරයි විකාරයි
17
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
23
ඇඩෙනවා
වටිනවා වටිනවා
7
වටිනවා

තමන්ගෙ පුතා හා තරුණියක් ගැන ඇති වුන සැකයක් නිසා අම්මා කෙනෙක් කරපු අපූරු වැඩේ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!