මේ මහපොළව මත අපිට නොපෙනන, මෙතෙක් කිසිවෙකු දැක නැති සහ අගක් මුලක් සොයා ගැනීමට නොහැකි විශ්මිත දේවල් මේ මොහොතේදී පවා සිද්ද වෙනවා. ස්වභාදහම අපිව පුදුමයට පත් කරන එක කිසිම අවස්තාවක නතර කරන්නේ නැහැ කියන්නේ අන්න ඒ නිසයි. ඉතින් අපි අද ඔබට විස්තර අරගෙන ආවේ පෘථිවිය මත සිදුවෙන සමහර විට ඔබ මෙතෙක් දැන නොසිටි එවැනි දුර්ලභ හා ඇදහිය නොහැකි ස්වාභාවික සංසිද්ධි එකතුවකුයි.
1. ශාන්ත එල්මෝගේ ගින්න
අකුණු සහිත කුණාටු තිබෙන සමහර අවස්තා වලදී නැව් වල සහ ගොඩනැගිලි මුදුනත් වල ආලෝක එලි දර්ශනය වෙන මෙම සංසිද්ධිය ශාන්ත එල්මෝගේ ගින්න යනුවෙන් හදුන්වනු ලබනවා. කතෝලික දහමට අනුව නැවියන්ගේ අනුශාසක සාන්තුවරයා වන ශාන්ත එල්මෝ අන්තරුදායක අවස්තා වලදී මෙසේ ආලෝක සංඥා නිකුත් කරන බවට ආගමික විශ්වාසයක් පවතියි. මධ්‍යකාලීන යුරෝපීයයන් විශ්වාස කළ ආකාරයට මෙම එලි පහන් නැවියන්ගේ අනුශාසක සාන්ත එල්මෝගේ පොරොන්දු වූ ත්‍යාගයයි: පුරාවෘතයට අනුව ඔහු ඔවුන් වෙනුවෙන් යාඥා කිරීමටත් ආලෝක සංඥා නිකුත් කරමින් අනතුරුදායක අවස්තා වලදී අනතුරු ඇඟවීමටත් පොරොන්දු වී තිබේ.
2. ඇන්ටාක්ටික් ගිනි කන්දක් සහ එහි හිම පයිප්ප
එරිබස් කන්ද යනු ඇන්ටාක්ටිකාවේ තිබෙන විශාලතම හා වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකකි. එහි ඇතුලත තිබෙන උෂ්ණත්වය ශීත කළ වාෂ්ප ආකාරයෙන් නිරන්තරෙන්ම පිටතට පැමිනෙයි.
3. ආලෝක කුළුණු
සූර්යයා, සඳ හෝ නගර වලින් ලැබෙන ආලෝකය වාතයේ ඇති කුඩා අයිස් අංශු වලින් පරාවර්තනය වන විට මෙම සුන්දර දෘෂ්‍ය සංසිද්ධිය දිස්වේ.
4. ෆින්ලන්තයේ හිම “ස්පැගටි” විල
ෆින්ලන්තයේ හුමීන්ලින්නාහි ජීවත් වෙන පුද්ගලයෙක් මුලින්ම මෙම සංසිධිය දැක තිබෙන අතර ඔහුට තම නිවස අසල ගලා යන විලෙන් නූඩ්ල්ස් මෙන් පෙනෙන හිම කෙඳි සොයා ගැනීමට ලැබී තිබෙනවා. පසුව ඔහු විසින් මෙම හිම කෙඳි වලින් හිම බෝල සෑදීමට හැකිබව සොයාගෙන තිබෙන අතර හිම වැටීමට පෙර සුළඟ හා ජලය ගමන් කිරීමෙන් මෙම නූල් හැඩැති හිම නිර්මාණය වී තිබෙනවා.
5. නැටුම් වනාන්තරයක්
අමුතු අසාමාන්‍ය ආකාරයෙන් නැවී තිබෙන ගස් ඇති වනාන්තරයක් රුසියාවේ තිබෙන අතර විද්‍යාඥයින්ට මෙම සංසිද්ධිය පිලිබද ස්ථිර නිර්වචනයක් ඉදිරිපත් කිරීමට තවමත් හැකියාව ලැබී නැහැ. ඇතැමුන් සිතන ආකාරයට මේ සදහා හේතුවී තිබෙන්නේ පරපෝෂිතයන්ගේ බලපෑමයි. ඒ වගෙම තවත් සමහරු දැඩි මුහුදු සුළං නිසා මේ ආකාරයට ගස් අසාමාන්‍ය හැඩයක් ගෙන තිබෙන බව විශ්වාස කරන අතර පැරණි මිනිසුන් මෙහි හොල්මන් තිබෙන බවට විශ්වාස කරයි.
6. ස්ප්‍රීතු
අතීතයේදී මෙම රතු හෝ නිල් පැහැති දැල්වීම් පිටසක්වල අභ්‍යාවකාශ යානා වලින් නිකුත්වෙන එලි බව ඇතමුන් විශ්වාස කලත් 1989 දී මෙම සංසිද්ධිය කැමරාවට හසු වූ පසු ඒවා ස්ප්‍රීතු අකුණු සැර හෙවත් “distant relatives” බව සනාථ විය.
7. රතු වඩදිය බාදිය
මෙයාකාරයේ රතු වඩදිය බාදිය ඇති වන්නේ ජල පෘෂ්ඨයට ආසන්නයේ ඇති කුඩා රතු ඇල්ගී විශාල ප්‍රමාණයක් නිසායි. කෙසේ නමුත් මෙයාකාරයේ රතු උදම් මුහුදු වැසියන්ට නම් එතරම් සුභදායක වෙන්නේ නැහැ. මොකද එවැණි අවස්තා වලදී ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවී හයිඩ්රජන් සල්ෆයිඩ් සහ ඇමෝනියා ප්‍රමාණය ඉහල යාමක් සිදුවෙනවා. විද්‍යාඥයින් ගණනාවක්ම රතු වඩදිය ඊජිප්තුවේ පළමු වසංගතය ඇතිවීමට හේතු වූ බවට මත පලකරයි.
8. බ්‍රෝකන් අවතාරය
ඔබ කඳුකරයක සිට සූර්යයා දෙස බැළුවහොත් සමහර විට දේදුන්නක් වැනි රවුමක් මැද ඇති යෝධයකුගේ සෙවනැල්ලක් දකින්න පුලුවන් වෙයි. එය බ්‍රෝකන් දුන්න හෝ කඳුකර අවතාරය ලෙසද හැඳින්වේ. මෙය සැබැවින්ම වලාකුළු වල ඒකාකාර ප්‍රමාණයේ ජල බිංදු පරාවර්තනය වන විට හිරු එළිය සම්බන්ධ වීමෙන් නිර්මාණය වෙන අතර මෙම සංසිද්ධිය බොහෝ විට සිදුවන්නේ ජර්මනියේ බ්‍රෝකන් කන්ද මතයි. මේ සම්බන්ධව කටකතා බොහොමයක් පවතින අතර ඇතැමුන් මෙය රාත්‍රී මායාකාරියන්ගේ වැඩක් බව විශ්වාස කරයි.
9. නාග ෆයර්බෝල්ස්
ඇතැම් අවස්තා වලදී තායිලන්තයේ මෙකොං ගඟ තුලින් තද රතු පාට ෆයර්බෝල් මතුවී ජලයෙන් අඩි 30-50ක් පමන ඉහලට ගොස් අතුරුදහන් වෙයි. ඒවා සාමාන්‍යයෙන් ඔක්තෝම්බර් මාසයේදී දිස්වන අතර මෙම සංසිද්ධිය සඳහාම කැප වූ උත්සවයක් පවා සෑම වසරකම එරට තුල පැවැත්වෙනවා. විද්‍යාඥයින් පැහැදිලි කරන ආකාරයට ඒවා ගඟෙන් මතුවෙන වායූන්ගේ නිර්මාණය වෙන ගිණි බෝලයි. නමුත් ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ ගඟ තුල ජීවත් වෙන අර්ධ සර්ප සහ අර්ධ මිනිස් නාගයකු විසින් මෙම ගිණි බෝල නිකුත් කරන බවයි.
10. වැටෙන කුරුල්ලන්ගේ නිම්නය
ඉන්දියාවේ ජාතිංග නිම්නයේ සිටින කුරුල්ලන් සියවස් ගණනාවක් තිස්සේ අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කරන අතර ඒ අතරින් ඇතැම් පක්ෂීන් භූමියට ඉතා සමීපයෙන් රවුමට පියාඹන අතර ඇතැමුන් සිහිමද ගතියෙන් බිම ඇද වැටෙයි. කුරුල්ලන් සාමාන්‍යයෙන් සූර්යයා සහ පෘථිවියේ චුම්බක ක්ෂේත්රය හරහා ගමන් කරයි. ඔවුන්ගේ මේ අමුතු හැසිරීමට හේතුව එවැනි භූ භෞතික විද්‍යාත්මක විෂමතා විය යුතුය.
11. බෝල්ටික් මුහුදේ විෂමතාව
බෝල්ටික් මුහුදේ පතුලේ දිස්වෙන මේ අමුතු වස්තුව ඇතැමු පිටසක්වල යානයක කොටසක් විය හැකි බව අනුමාන කරයි. නමුත් එහි මූලාරම්භය පිලිබද තවමත් විද්‍යාඥයන්ට එකඟතාවයකට පැමිනීමට හැකියාව ලැබී නැහැ. නමුත් එය බාසල්ට් වලින් සාදා ඇති බැවින් අභ්‍යාවකාශ නැවක්ද නොවේ. මේ සම්බන්ධව වඩාත් පිලිගත හැකි න්‍යාය වෙන්නේ මෙය ග්ලැසියර දියවීමට හෝ දෙවන ලෝක යුද්ධයේ රහසිගත නාසි හමුදා ක්‍රියාකාරකම් සදහා සොදා ගත උපකරණයක් විය හැකි බවයි.
12. Brinicle – අයිස් සහිත “මරණයේ ඇඟිල්ලක්”
මෙම සංසිද්ධිය සිදුවන්නේ විවිධ ලුණු සහිත ආක්ටික් ජලයේ විවිධාකරයේ උෂ්ණත්ව තත්වයන් නිසායි. ධ්‍රැවීය සාගරවල මුහුදු ජලය කැටි වන විට, ලුණු අති ක්ෂාර සාන්ද්‍රණයන් මුහුදු අයිස්වලින් නෙරපනු ලබන අතර, අවට ජලයට වඩා අඩු කැටි කිරීමක් සහිත, ඝන, අතිශයින්ම සීතල හා ලවණ ජලය පහළට ගලා යයි. මෙහිදී මෙම පහළට වර්ධනය වන කුහරයක් සහිත අයිස් නළය එහි ස්පර්ශ වෙන ඕනැම මුහුදු සත්වයකු ක්ෂණිකව කැටිකර දමයි. මෙම සංසිද්ධිය ප්‍රථම වරට උපකල්පනය කරන ලද්දේ 1974 දී වූ අතර එහි පැවැත්ම සනාථ වූයේ 2011 වර්ෂයේදී එක් වරක් පමනයි.
13. ගංගා මත අයිස් රවුම්
මෙයාකරයේ පරිපූර්ණ සහ වටකුරු අයිස් රවුම් සෑදී තිබෙන්නේ කුඩා සුළි මගින් ඇතිකරන රවුම් චලනයන් කැටිවීම මගිනුයි. ස්කැන්ඩිනේවියාව, උතුරු ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය සහ රුසියාව යන රටවල මෙම සංසිද්ධිය වාර්තා වී තිබේ
14. අද්භූත වනාන්තරය
Crooked Forest නම් වන මෙම වනාන්තරය පිහිටා තිබෙන්නේ පෝලන්තයේ බටහිර පොමරේනියාවේ නෝව් සර්නෝවෝ නගරයට පිටතින් ය. මෙම වනාන්තරය තුල මුල් හරියෙන් වක ගැසුනු පයින් ගස් 400 ක් පමන තිබෙන අතර ඒවා 1939 දී පමන රෝපණය කර තිබුනත් ඒවා මෙයාකාරයේ අසාමාන්‍ය හැඩයකින් නිර්මාණය වී තිබෙන්නේ ඇයිද යන්න කිසිවෙකුත් හරියටම දන්නේ නැහැ.
15. පෘථිවි පෘෂ්ඨයට යටින් තිබෙන සැඟවුනු සාගරයක්
ඉහත රූපයේ දැක්වෙන්නේ රින්වුඩ්ටයිට් (ringwoodite) නම් ඛනිජය වන අතර එහි සුවිශේෂී ජල අන්තර්ගතය නිසා එය සුවිශේෂී වේ. මෑත අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ දුර්ලභ ඛනිජ කවචයක කොටා ඇති පෘථිවි ආවරණයේ ගැඹුර විශාල සාගරයක් වන අතර එහි සමස්ත පරිමාව පෘථිවි පෘෂ්ඨයේ ඇති සියලුම සාගරවලට වඩා සමාන හෝ වැඩි විය හැකි බවයි. රින්ග්වුඩයිට් එහි පැවැත්ම සනාථ කරයි, මන්ද මෙම ඛනිජය සෑදී ඇත්තේ ආවරණයේ කොන්දේසි මත පදනම්වයි.
16. අපේ පෘථිවියට සූර්යයාගේ බලපෑම
තාරකා විද්‍යා නිරීක්ෂණ ඉතිහාසයේ පළමු වතාවට, ආකෘති ගණනය කිරීම්වලින් පෙනී යන්නේ සූර්ය ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් අපගේ දේශගුණයට බරපතල ලෙස බලපානු ඇති බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස සහ ස්වාභාවික දේශගුණික විපර්යාස සමඟ පෘථිවියේ උෂ්ණත්වය බොහෝ දුරට රඳා පවතින්නේ සූර්ය ක්‍රියාකාරකම් මත ය. එය වෙනස් වන විට පෘථිවි පෘෂ්ඨයට ළඟා වන හිරු එළියේ තීව්‍රතාවය ද වෙනස් වේ. විද්‍යාඥයින්ට අනුව, ඉදිරි වසර 100 තුළ සූර්යයාගේ ක්‍රියාකාරිත්වය පෘථිවියේ සැලකිය යුතු උෂ්ණත්ව වෙනසකට තුඩු දෙනු ඇත.
Connect with us