පෘථිවිය සුරක්ෂිත කර ගැනීමට උපකාරි වෙන වටින අදහස් ටිකක්


පාරිසරික දූෂණය පිලිබද ප්‍රශ්නය වර්තමානේ වෙනකොට වඩාත්ම අභියෝගාත්මක ගැටළුව බවට පත් වෙලා තියෙනවා. කසල කළමනාකරණය පිලිබද තියෙන අවිධිමත් ක්‍රම නිසා සාගර, ගංගා, ඇල දොල දූෂණය වීම, පරිසර පද්ධති විනාශ වීම, වායු දුෂණය වගෙම වන සතුන්ගේ ජීවිත තර්ජනයට ලක් වීමත් සිදු වෙනවා. ඉතින් මේ ගැටළු වලට විසදුම් සොයාගෙන පෘථිවි ග්‍රහලෝකය ආරක්ෂා කර ගැනීමට ලෝකවාසි සියලු දෙනාම අද අදම එක්සත් නොවුනහොත් මනුෂ්‍ය වර්ගයාගේ වගෙම සියලුම ජීවින්ගේ අවසානයත් වැඩි ඈතක නොවෙන්න පුලුවන්.
පරිසර විනාශයෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට සොයාගෙන තියෙන වටිනා පාරිසරික ව්‍යාපෘථි කිහිපයක තොරතුරු තමයි මේ පහලින් තියෙන්නේ.

1. වාතය පිරිසිදු කරන ජානමය වශයෙන් වෙනස් කරන ලද ශාක.


වොෂිංටන් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් වාතය පිරිසිදු කලහැකි ශාක වර්ගයක් පිලිබද අද්විතීය ක්‍රමයක් සොයාගෙන තියෙනවා. බොහෝ නගර වල තිබෙන අධික දූෂිත වායු තත්වය නිසා බහුතර ජනතාවක් ආසාත්මිකතා වගෙම විවිධාකාරයේ රෝගාබාධ වලින් පීඩා විදිනවා. මෙම තත්වයට විසදුමක් ලෙස filter houseplants ඔබට උපකාර කර ගත හැකියි. මෙහිදී සියලුම ක්ෂීරපායින් තුල අඩංගු ජාන Epipremnum aureum නම් ශාකය සමග ඒකාබද්ධ කිරීමක් සිදු කරනවා. මෙම ජානය කාබන්ඩයොක්සයිඩ් යම් රසායනික ද්‍රව්‍යක් බවට පරිවර්තනය කරන අතර එම නිසා ශාකය ඵලදායි ලෙස වාතය පිරිසිදු කරනවා. මෙම ශාකය දින 8ක් තුලදි benzene ප්‍රමානය 75% ක් අඩු කර ඇති අතර දින 6ක් තුලදි කාමරය තුල තිබෙන chloroform සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. මෙම ශාකය ව්‍යාප්ත කිරීමේ කටයුතු පරීක්ෂකයන් විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

2. වීදුරු බෝතල් වෙනුවට කාඩ්බෝඩ් බෝතල්.


Justin Murray විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාර්ඩ්බෝඩ් වලින් සාදන ලද බෝතලයකට පේටන් බලපත්‍රය ලබා ගෙන තිබෙනවා. එය වයින් සහ කිරි වැනි දේවල් ගබඩා කර තබා ගැනිම සදහා භාවිතා කල හැකියි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වියදම් වන අතර මාස කිහිපයක් තුල දිරාපත් වෙන නිසා පරිසරයටද හානිදායක වෙන්නෙ නැහැ.

3. අතිරික්ත භාණ්ඩ සදහා දෙවන අවස්තාවක්.


අතිරික්ත නිෂ්පාදන සම්බන්ධ ගැටළුවට මෙය කදිම විසදුමක් විදියට හදුන්වන්න පුලුවන්. මෙහිදී WeFood නම් ආයතනය කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ, ඇසුරුම් වලට හානි වූ භාණ්ඩ, නරක පෙනුමක් ඇති නිෂ්පාදන ආදිය මිලට ගෙන 50%ක වට්ටමක් සමග නැවත ඒවා විකුණනු ලබනවා. මේ වන විට ඩෙන්මාර්කයේ මෙවැනි ගබඩා 2ක් තිබෙන අතර ජනතාව අතර ඉහල ජනප්‍රියත්වයක්ද ඒවා දිනාගෙන තියෙනවා.

4. ජීව වායු බෑග්.


ජර්මානු සමාගමක් පොහොර සහ කාබනික අපද්‍රව්‍ය යොදා ගනිමින් ජීව වායු නිෂ්පාදනය කිරීමේ ක්‍රමයක් සොයාගෙන තියෙනවා. සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් වෙත ලගා වීමට අපහසු ජනතාව වෙත මෙම විකල්පය ඇත්තෙන්ම විශිෂ්ඨයි. විශේෂ ප්‍රතික්‍රියාකාරක තුල ගෑස් නිපදවන අතර ඉන් පසුව ඒවා වෙනත් විශේෂිත බෑගයකට මාරු කරනු ලබයි. බරින් රාත්තල් 9ක් පමන වන මෙම බෑගය ප්‍රවාහනය කිරීම පහසු වෙන අතර එක් බෑගයක ඇති ගෑස් වලින් පැය 4ක පමන දාහකයක් සෑදිය හැකියි.

5. ෆින්ලන්ත අපද්‍රව්‍ය බදුන්.


ෆින්ලන්තයේදි අපද්‍රව්‍ය වර්ගීකරණය නිවසේදීම ආරම්භ කරයි. නිවාස අසල විවිධ වර්ගයේ අපද්‍රවය සදහා විවිධ වර්ගයේ බහාලුම් හිබෙනවා. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ලෝහ, ප්ලාස්ටික්, බැටරි සහ වාහන තෙල් තාවකාලිකව ගබඩා කර තබා ගන්නා ස්තාන මෙන්ම උද්‍යාන වීදි සහ සෑම තැනකමද විවිධාකාරයේ කසල සදහා වෙනස් වෙනස් කසල බදුන් තිබෙනවා.

6. ඇසුරුම් සදහා ආපසු ගෙවීම.


බොහෝ යුරෝපීය රටවල, භාණ්ඩයක් මිලදී ගත් ඇසුරුම් නැවත ලබාදෙන විට පරිභෝගිකයා සදහා ආපසු මුදලක් ලබා දෙනු ලබනවා. රිසිට් පත් වල ඵන්ට්ටි රේඛාවේදී ආපසු ලබා ගත හැකි මුදල නිතරම සදහන් කරනු ලබනවා.

7. ඩයිපර් පිරිසිදු ශක්තියක් බවට හැරවිම.


නෙදර්ලන්තයේ අපද්‍රව්‍ය සැලසුම් ආයතනයක් මගින් ඩයිපර් ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා ක්‍රමයක් සොයාගෙන තියෙනවා. ප්‍රතික්‍රියාකාරකයක් සමග ඩයිපර් 480 ° F ක උෂ්ණත්වයකට පත් කිරීමෙන් ඒවා ද්‍රව බවට පත් කර හැකියි. අධික උෂ්ණත්වය සෑම වෛරස් හා බැක්ටීරියාවක්ම විනාශ කරන අතර ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදනය පාරිසරිකව ආරක්ෂිත වෙනවා. ඩයපර්ස් පරිසර හිතකාමී වායු, ප්ලාස්ටික් සහ ජෛව ස්කන්ධයක් බවට ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. අනාගතයේදී ගල් අගුරු වෙනුවට ඒවා භාවිතා කිරීමටද සැලසුම් කරමින් පවතිනවා.

8. විද්‍යුත් අපද්‍රව්‍ය වලින් සකසන ලද 2020 ඔලිම්පික් පදක්කම්.


ටෝකියෝ සංවිධායක කමිටුව ඔලිම්පික් ක්‍රීඩා තරග වෙනුවෙන් ලබා දෙන ඔලිම්පික් පදක්කම් නිපද වීම සදහා සියලුම ටෝකියො පුරවැසියන්ගෙන් භාවිතයට නොගන්නා විද්‍යුත් උපකරණ පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියා. ලෝකඩ සදහා ඉලක්කය වෙන රාත්තල් 5,950, 2018 ජුනි මාසය වෙන විට රැස් කර ගෙන තිබෙනවා. අද වන විට රිදී රාත්තල් 9,020 ක අවශ්‍යතාවය වෙනුවෙන් රිදී රාත්තල් 7,720 ක්ද රන් රාත්තල් 65ක අවශ්‍යතාවය වෙනුවෙන් රන් රාත්තල් 60ක්ද එක් රැස් කර ගැනීමට හැකියාව ලැබී තියෙනවා. මෙම ව්‍යාපෘතිය 2019 මාර්තු 31 වන දින අවසන් වේ.

9. Biodegradable මුදු 6 පැකේජය.


පාරිසරික විද්යාඥයන්ට අනුව, ප්ලාස්ටික් (විශේෂයෙන් බියර් 6 පැක්)නිසා වසරකට මුහුදු පක්ෂීන් මිලියනයක්ද මුහුදු ක්ෂීරපායින් 100,000ක් පමන ප්‍රමානයක්ද මිය යනවා. ෆ්ලෝරිඩාවේ SaltWater Brewery විසින් මේ සදහා විසදුමක් ලෙස තිරිඟු සහ බාර්ලි දඬු වලින් සෑදූ නව ඇසුරුම් මුදුවක් හදුන්වා දී තියෙනවා. මෙම මුදු පාංශු හා ජලය තුළ වේගයෙන් දිරාපත් වන අතර ඒවා ගිල දැමුවත් සතුන්ට කිසිදු හානියක් සිදු වෙන්නෙ නැහැ.

10. කොකා කෝලා ලේබල් වලින් බෝතල් මූඩි.


Fitzroy අඩු ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමට තවත් ක්‍රමයක් සොයාගෙන තියෙනවා. මෙහිදී ඔවුන් කොකා කෝලා ලේබල් ප්‍රතිචක්‍රීකරණය කර රම් බෝතල් සදහා මූඩි නිර්මාණය කර තිබෙනවා. මෙම මූඩි මාබල් වලින් සෑදු ආකාරයේ පෙනුමක් ගන්නවා.

11. හතු වලින් තැනූ ගෘහභාණ්ඩ.


Terre ආකෘතියේ Mycform මතුපිට පද්ධතිය හතු වලින් ගෘහ භාණ්ඩ සෑදීම සඳහා නිර්මාණය කර ඇත. මෙහි අභ්‍යන්තර ස්ථරය mycelia උපස්ථරයකින්ද, බාහිර සම බැක්ටීරියා සෙලියුලෝස් සහ mycelia උපස්ථරයකින්ද නිර්මානය කර ඇත. මෙහි ප්‍රයෝජනවත් ජීවන චක්‍රය අවසානයේදී නැවත සුරක්ෂිතව පරිසරයට මුදා හැරිය හැකිය.

12. නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා.


සනීපාරක්ෂක පෑඩ් පිළිබඳ ඉතිහාසය සැබැවින්ම දීර්ඝ හා හොඳ හා නරක අදහස්වලින් පිරී ඇත. කාන්තා සනීපාරක්ෂක තුවා විශාල ප්‍රමානයක් භාවිතා කිරීමේ ගැටළුව සලකා බැලීමේදී, Lunapads නැවත භාවිතා කල හැකි සනීපාරක්ෂක තුවා නිපදවීමට තීරනය කර තිබෙනවා. ඒවා විශේෂ බොත්තම් සහිතව යට ඇඳුම්වලට පහසුවෙන් සම්බන්ධ කල හැක. භාවිතා කිරීමෙන් පසුව ඒවා නැවත සීතල ජලයෙන් සෝදා වියලා නැවත භාවිතා කල හැකිය. නිෂ්පාදකයා පවසන්නේ මෙම තුවා වලට ස්වාභාවික වාතාශ්‍රය ලැබෙන නිසා ඒවා කිසිදු දිලීර ආසාදනයකට ගොදුරු නොවෙන බවයි. Lunapads වසර 3-5 අතර ප්‍රමානයක් භාවිතා කල හැකි අතර ඩොලර් 10-15 පමණ වියදමක් දැරීමට පමනයි සිදු වෙන්නේ.

මේ ව්‍යාපෘති සම්බන්ධව ඔබේ අදහස් දක්වන්න. සුබ දවසක්..

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
8
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
75
වටිනවා

පෘථිවිය සුරක්ෂිත කර ගැනීමට උපකාරි වෙන වටින අදහස් ටිකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!