අපේ සැබෑ පෙනුම විනිවිද දකින්න පුලුවන් වෙන්නේ කණ්නාඩියකින්ද? නැත්නම් ඡායාරූපයකින්ද?


මේ ප්‍රශ්නය අපේ බොහෝ දෙනාට සාධාරණයි.කණ්ණාඩියෙන් බලද්දී දකින ලස්සන පුද්ගලයා සමහර විට ඡායාරූපයක් ගත්තාම එහිදී ඔබේ ලස්සන නොපෙනෙන්න පුලුවනි.කැමරාව අපේ ප්‍රතිරූපය ඉතාම දරුණු විදිහට පෙරා ගැනීම හෙවත් ෆිල්ටර් (filter) කිරීම නිසා ඇති වෙන සුවිශේෂී තත්වයක්. ඒ නිසා මුහුණත් එක්ක තරහ වෙලා කණ්නාඩියට දොස් නගන්න එපා.එහෙම නම් අපේ සැබෑ පෙනුමට සමීප වෙන්නේ කණ්නාඩියද…? ඡායාරූපයටද..? ඒ වගේම කණ්ණාඩියෙන් පරාවර්තනය වෙන ප්‍රතිරූපය ඡායාරූපයෙන් දකින අපේම රූපයට වෙනස් වෙන්නේ කොහොමද..?

1. එය මනෝවිද්‍යාත්මක දැක්මක්

නිවසේ සිටින විට අපි නොදැනීම වගේ කණ්නාඩිය දිහා බලනවා.ඒ වගේ අවස්ථාවක අපිව පෙනෙන්නේ බොහොම නිදහසේ සහ සැහැල්ලුවෙන් සිටින අන්දමක්.නමුත් ඡායාරූපයක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවක තත්වය ඊට වෙනස්.මෙ අවස්ථාවේදී අපේ ස්වභාවය නොසන්සුන් වගේම සූදානමක් නැති බවක් ප්‍රදර්ශනය වෙනවා.මෙවැනි අවස්ථාවන් ගැන ඔබටත් අත්දැකීම් ඇති.සමහර අය නම් ”’ෆොටෝජෙනික්” විදිහට ඡායාරූපයේදී තමන්ට නැති තරම් හැඩට පෙනුනත් සමහර හැඩ ඇති අයත් ඡායාරූපයේදී ඔවුන්ගේ සැබෑම හැඩ වැඩ ඉස්මතු වෙලා නැහැ.

මේ විදිහට හිතන්න…උත්සවයට යන්න හැකි තරම් හොඳින් සූදානම් වුන ඔබ යන්න ආසන්න මොහොතේදී කණ්ණාඩිය දිහා බලන්න. ඔබේ ලස්සන ගැන ඔබටම සෑහීමත් ඇති. නමුත් ඡායාරූප දිහා බැලුවාම අනේ අර තරම් ලස්සනට ගිය මමද කියලා හිතෙන තරම් ඡායාරූපය ගැන කිසිම තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. මෙතැන ඇත්තේ මනෝවිද්‍යාත්මක තත්වයක්.ඡායාරූපයකට පෙනී සිටිනවාය යන මානසිකත්වය සහ ඡායාරූප ශිල්පියාගේ විධාන අනුව හැසිරෙන විට ඇත්තටම ඔබ හෙම්බත් වෙලා. ඉතින් තමන්ගේ හැඩය වෙනුවට වෙනස්ම තත්වයක් ඡායාරූපයෙන් පෙනෙනවා.

2. එකම කෝණයකින් බැලීම

අපේ මුහුණුවල විවිධ හැඩ තිබෙනවා. සමහර මුහුණු දිගැටියි..ගෝලාකාර ..ඕවලාකාර විදිහට ඇති හැඩ තල ඔස්සේ මුහුණු සමමිතික නැහැ. මෙය හැම දෙනෙකුටම සාධාරණයි.අපි හැම උදෑසනකදීම කණ්ණාඩිය ඉදිරිපිටට ගොස් අපේ මුහුණ බලන විට එය දකින්නේ අපේ ඇසට හුරු පුරුදු දෘෂ්ටි කෝණයෙන්. ඒ නිසාම අපි එකම කෝණයකින් මුහුණ දෙස බලා සිටින්නට පුරුදුව සිටිනවා.

ඒ වුනාට ඡායාරූපයකදී මේ තත්වය වෙනස්. ඡායාරූපය දිහා බලලා මේ ඡායාරූපය ගත්තේ කවදාද..?කුමන දිශාවෙන්ද ..? යන පූර්ව සංඥාවන් ඔබට ලැබෙන්නේ නැහැ.නමුත් “ඕඩ්රි හෙල්බර්න්” වැනි තාරකාවන්ගේ ඡායාරූප අරගෙන තිබෙන්නේ මුහුණට ගැලපෙන ලස්සන ඉස්මතු වෙන හොඳම කෝණයෙන්.ඔබට නොදැනුනත් සමහර විට ඔබේ ඡායාරූපය ගෙන තිබෙන්නේත් සුපිරි තාරකා හෙප්බර්න්ගේ වගේ හොඳම කෝණයෙන් වෙන්නත් පුලුවනි.

3. උෂ්ණත්වයේ ආවේණික බව

සෑම වර්ගයේ ආලෝකයක් වෙනුවෙන්ම ආවේණික උෂ්ණත්වයක් තිබෙනවා.නමුත් අපි කණ්නාඩිය දිහා බලද්දී මේ උස්ණත්වය ගැන දැනීමක් ඇත්තේ නැහැ.

4. නාභිගත කිරීම හෙවත් Focus

අපි කණ්ණාඩිය දිහා බලද්දී සර්වාංගයටම අවධානය යොමු වෙන්නේ නැහැ.වැඩියෙන්ම මුහුණටයි. කණ්ණාඩියේ පරිමාව අනුව සමහර විට ගෙල, ලැම ආදි ප්‍රදේශවලටත් අවධානය යොමු වෙන්න පුලුවනි. හැබැයි ඡායාරූපය ඊට වෙනස්.ඡායාරූපයේ දිග,පළල හා උස අනුව කේශාන්තයේ පටන්, පාදාන්තය දක්වාම දැක බල් ගන්න පුලුවනි. සමහර විට මේ නිසා අපි මුලදි කණ්ණාඩියෙන් දුටුවාට වඩා වෙනස් වෙන්නත් පුලුවනි. කණ්ණාඩියෙන් දුටුව තරහ මුහුණ දැන් දකින්න නැහැ.හැබැයි මේ තත්වය ඇති වෙන්නෙත් ඡායාරූපය ගනිද්දී අපේ හිතේ තිබුන සතුට, වෙහෙස ආදිය නිසයි.

5. ඡායාරූපය කියන දේ කණ්ණාඩියට වඩා ඉදිරියෙන්

කණ්නාඩියකින් අපි දකින්නේ අපේම රූපයේ පරාවර්තනයක්. ඒ වුනත් අපි කවුද කියන අවබෝධය ලබා ගන්නත් පුලුවනි.ඡායාරූපයකින් වෙනත් අය අප දෙස බලන ආකාරය නිරූපනය කරයි. අසාමාන්‍ය විදිහට ගොඩ නැගෙන මේ සංජානන හැකියාව ඇත්තටම පුදුමයක්.කොටින්ම ඡායාරූපයක් බලා අනේ හරිම සීදේවියි…හරි වාසනාවන්ත පාටයි..යනුවෙන් ඔබ මුල් කර ගෙන උපකල්පන ගොඩ නගා ගැනීමට වෙනත් අයට ඉව ඇති වෙනවා කිව්වොත් නිවරැදියි.

ඉතින් මේ විදිහට බලන විට අප ගැන මනා වූ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමේ හැකියාව ඡායාරූපවලට තිබෙන බව ඇත්ත. හැබැයි කලබල වෙන්න එපා. සමහර විට ඔබේ ඡායාරූපය ඔබ සිටින ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස් හෙවත් හැඩකාර පෙනුමක් නැතුව ඇති.ඊට එකම හේතුව මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේදී සමහර විට ඔබ බඩගින්නේ ඉන්න ඇති.එහෙම නැත්නම් බොහෝ වෙහෙස වී හෝ මානසික ව්‍යාකූලත්වයකින් හිටියා නම් ඡායාරූපය ඔබේ සාමාන්‍ය ප්‍රතිරූපයට වෙනස් වෙන්න පුලුවනි.නමුත් එයින් කියැවෙන්නේ ඔබ ලස්සන පුද්ගලයෙකු නොවන බවක් එහෙම නොවෙයි.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
6
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
5
වටිනවා

අපේ සැබෑ පෙනුම විනිවිද දකින්න පුලුවන් වෙන්නේ කණ්නාඩියකින්ද? නැත්නම් ඡායාරූපයකින්ද?

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!