ඔබේ ඇඳ ලඟින් ලෙමන් කැබැල්ලක් තැබූ විට සිදුවෙන පුදුමාකර දේවල්


ලෙමන් වල විටමින් සී මට්ටම ඉහළ මට්ටමක පවතින නිසා අපිට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා කියල කවුරුත් දන්නවනේ. ඇතැම් අවස්තා වලදී තේ වලට සහ වෙනත් ආහාර වලට ලෙමන් එකතුකර ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන් සුවකර ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ කියපු දේවල් විතරක් නෙමෙයි,. ලෙමන් වල තවත් ඇදහිය නොහැකි විශ්මිත ගුණාංග රාශියක්ම තිබෙනවා. ඉතින් අපි අද ඔබව දැනුවත් කරන්නේ ලෙමන් කැබැල්ලක් ඔබේ නිදන ඇඳ අසල තබා ගැනීමෙන් ඔබට අත්කර ගන්න පුලුවන් විශේෂ වාසි පිලිබදවයි.

1. ඔබට සැහැල්ලුවක් ලබා ගත හැකිය

ලෙමන් වල තිබෙන පැඟිරි සුවඳ ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කර, කාංසාව අඩු කර, දුෂ්කර දිනකට පසු ආතතිය දුරු කිරීමට උපකාරී වෙයි. මේ සදහා ලෙමන් අන්තර්ගත තෙල් වර්ගයක් හෝ ලෙමන් කැබැල්ලක් ඔබේ නිදන ඇඳ අසලින් තබා ගන්න.

2. ඔබේ සාන්ද්‍රණය සහ අවදානය වැඩි දියුණු කරයි

දිනපතාම ලෙමන් සුවද ආග්‍රාහණය කරන විට පුද්ගලයෙකුට වැඩි අවධානයක් යොමු කිරීමට හැකි අතර ඔවුන්ගේ මානසික ක්‍රියාකාරිත්වය සහ මතකය වැඩි දියුණු කර ගැනීමටද හැකියාව ලැබෙයි. ලෙමන් සුවද ඇතිවිට රැකියාවේ නිරත වන විට පවා මිනිසුන් අඩුවෙන් වැරදි කිරීමට පෙළඹෙන බව පර්යේෂණ වලට අනුව තහවුරු වී තිබෙනවා.

3.ඔබේ මනෝභාවය වැඩි දියුණු කරයි

ලෙමන් අත්යවශ්‍ය තෙල් මානසික අවපීඩනයට වටිනා ප්‍රතිකාරයකි. ඔබ සියලු පිලියම් අතහදා බලා ඒ කිසිවකින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුවා නම් ලෙමන් අත්යවශ්‍ය තෙල් උත්සාහ කර බලන්න.

4. වාතයෙන් විෂබීජ ඉවත් කරයි

ලෙමන් වල ප්‍රසන්න සුවඳක් පමණක් නොව බැක්ටීරියා නාශක ගුණද ඇත. එය කාමරයේ වාතය හොඳින් පිරිසිදු කරයි.

5. අධි රුධිර පීඩනය පාලනය කරයි

ලෙමන් වල තිබෙන මිහිරි සුවද රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වෙනවා.

6. කෘමීන්ගේ හිරිහැර වලින් බේරීමට හැකිවෙයි

කුහුඹුවන්, මැස්සන්, මදුරුවන් සහ වෙනත් කෘමීන්ට ලෙමන් සුවඳැති නිවසක රැඳී සිටීම අපහසුයි. ඒ නිසා රසායනික විකර්ෂක වලට තවදුරටත් මුදල් වියදම් නොකර ලෙමන් පලුවක කරාබුනැටි අලවා නිවසේ තැනින් තැන තබන්න. මේ උපක්‍රමයෙන් මැසි මදුරුවන්ගෙ කරදරෙන් ඔබට පහසුවෙන්ම බේරීමට හැකියාව ලැබෙනවා.

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

ඔබේ ඇඳ ලඟින් ලෙමන් කැබැල්ලක් තැබූ විට සිදුවෙන පුදුමාකර දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!