ඔයාට කවදාවත් යන්න බැරි ලෝකේ තියෙන කුතුහලය දනවන ස්ථාන 5


තැනකට අපිට යන්න බැහැ කියලා කිවුවාම, කොහොම හරි එතනට යන්න අපිට හිතෙනවා නේද? ඒ අපිට ඇතිවෙන බලවත් කුතුහලය නිසයි. ඒ වුනාට කොයිතරම් කුතුහලය තිබුනත් මේ තැන් වලට නම් සාමාන්‍ය අයට යන්න අවසර නැහැ. හැබැයි ඒ වුනාට ඒ තැන් ගැන අපිට දැනගන්න තියෙන අයිතිය නැති කරන්න නම් කාටවත් බැහැ. ඒ නිසා තමයි මේ විස්තර ටික අපි අද අරගෙන එන්නේ.

1. හදිසි කාළගුණ මෙහෙයුම් මධ්‍යස්තානය – වර්ජිනියා

-ඇතුලු වීම උසස් නිලධාරින්ට පමනයි.-

හදිසි කාළගුණ මෙහෙයුම් මධ්‍යස්තානය එක්සත් ජනපද ආණ්ඩුවේ රහසක් වෙනවා. මේ FEMA මෙහෙයුම් මධ්‍යස්ථානය කදුකරය යට සැගවී තියෙන අතර මෙමගින් ඕනෑම හදිසි තත්වයක් තුලදි රට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මධ්‍යස්තානයේ සමහර ගොඩනැගිලි ගොඩබිම ඉදිකර තියෙන අතර ඒවා ආරක්ෂිත හා හදිසි සේවාවන්හි වෙනම ශාඛාවක් මගින් පාලනය කරනු ලබනවා. මධ්‍යස්තානයේ ඇතුලත ස්වකීය නීති රීති වලට අනුව පාලනය කරනු ලබන අතර බාහිර පුද්ගලයන්ට ඇතුලු වීම දැඩි ලෙස තහනම් කර තියෙනවා.

 

2. ස්වීල්බර්ඩ් ගෝලීය බීජ නිධිය – නෝර්වේ

-ව්‍යසනයකදි භාවිතා කල හැකි ගබඩා පහසුකම්-

නෝර්වීජියානු දූපතක් වන ස්පිට්ස්බර්න් කඳුකරයක් තුල, මීටර් 120 ක ගැඹුරකින්, -18 ° C නියත උෂ්ණත්වයක් පවත්වාගෙන යනු ලබන උමගක් ඉදිකර තියෙනවා. මෙහි ආද්‍රතාවය අවම මට්ටමක පවත්වාගෙන යන අතර, උමං ක්ෂුද්‍ර දේශගුණය ස්වයංක්‍රීය පද්ධතියක් මගින් පාලනය කරනු ලබනවා. යම් අනපේක්ෂිත අභාග්‍යසම්පන්න අවස්තාවකදි ස්වභාවික ලෝකය පුනර්ජීවනය කිරීමේ මිනිස් වර්ගයාගේ අවසාන බලාපොරොත්තුව වන්නේ මෙයයි. මෙහි තිබෙන බීජ කන්ටේනර් මගින් ලෝකයේ සියලුම රටවල කෘෂිකාර්මික උරුමයන් ආරක්ෂාකර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

3. Vale do Javari වෙන්කිරීම – බ්‍රසීලය

-විශේෂයෙන් හුදකලා ගෝත්‍ර ආරක්ෂා කිරීම සදහා-

සියවස් ගණනාවක සිට ඇමසන් වනාන්තරයේ ආදිවාසි ගෝත්‍ර ගණනාවක් ජීවත් වෙනවා. බාහිර ලෝකයේ පහස තවමත් නොලැබූ ගෝත්‍ර මේ අතර සිටින බව ගුවන් ඡායාරූප මගින් ඔප්පු වෙලා තියෙනවා. Vale do Javari වෙන්කිරීමට බාහිර ලෝකය පිලිබද අත්දැකීම් නොමැති කෘෂිකාර්මික ජීවන් රටාවක් වටා ගමන් කරන ගෝත්‍ර 14ක් පමන ඇතුලත්ව තියෙනවා. පර්යේෂකයන් විසින් ගම්මාන 8ක පමන ආදිවාසි ජනතාව තක්සේරු කිරීමේදී 2000 ක තරම් ජනගහනයක් ඔවුන්ට ඇතුලත් වෙන බව සොයාගෙන තියෙනවා. මේ ගෝත්‍ර ජනතාවගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ජීවන රටාව ආරක්ෂා කර ගැනීම සදහා ඇමේසන් වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර 77,000 තරම් ප්‍රමානයකට කිසිම පුද්ගලයකුට ඇතුලු වීම තහනම් කර තියෙනවා.

 

4. 33 සමාජය – නිව් ඕර්ලියන්ස්

-සියලුම පිටස්තරයන්ට රහස් සමාජය වසා ඇත.-

1967 දී වෝල්ට් ඩිස්නි විසින් ජනප්‍රිය ආයෝජකයින්, ප්‍රසිද්ධ පුද්ගලයන් හා ප්‍රසිද්ධ දේශපාලඥයින් එකම වහලයක් යටට ගැනීම සදහා මේ සමාජය පිහිටුවා තියෙනවා. මේ සමාජයට ඇතුලු වීමට ඔබට කිසිම දවසක ආරාධනාවක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි යන්න අවශ්‍යමයි නම් අයදුම් කර අවුරුදු 14ක් බලාගෙන සිටිය යුතු අතර එක් පුද්ගලයකු නම් $10,450 ක මුදලක් හා සමාගමක් නම් $27,500 ක මුදකුත් ගෙවිය යුතු වෙනවා. ඊට අමතරව සෑම වර්ෂයකදිම සියලුම තනි සාමාජිකයන් හා ආයතිනක සාමාජිකයන් ඔවුන්ගේ සාමාජිකත්වය රදවා ගැනීම සදහා $3,275 හෝ $6,100 ගෙවිය යුතු වෙනවා.

 

5. එස් වේද්රා චුම්බක දූපත

-කිව නොහැකි බලශක්ති බලපෑම් වලින් මිනිසුන් ආරක්ශා කිරීමට-

මේ එස් වේද්රා ගල් පර්වත දුපත ස්පාඤ්ඤ වෙරළ තීරයේ පිහිටි බැලරික් දූපත් වලින් එකක් වන අතර එය පෘථිවිය මත තියෙන තුන්වන වඩාත් බලගතු මට්ටමේ භූ චුම්බකත්වයක් ඇති ස්තානය විදියට සලකනු ලබනවා. (පලමු හා දෙවන ස්තාන බර්මියුඩා ත්‍රිකෝණයට හා නෝර්ත් පෝල් වලට හිමි වෙනවා) එස් වේද්රා පර්වතයේ කිසිම ලෝහ තැන්පතුවක් දකින්නට ලැබෙන්නේ නැති අතර එය ගිනි කන්දක් ලෙස මුලුමනින්ම පිහිටා තියෙනවා. මේ ස්තානයේදී කිසිදු තාක්ෂණික උපකරණයක් ක්‍රියාත්මක නොවන අතර මාලිමාවේ කටුද ව්‍යාකූලව ඒ මේ අත පැද්දෙනවා. අභිරහස් එස් වේද්රාව පුරාවෘත වලින් හා ඛේදජනක කතා වලින් වැසී පවතිනවා. ස්පාඤ්ඤ ආණ්ඩුව කිසිදු සංචාරකයකුට එහි සංචාරය කිරීම තහනම් කර තියෙන අතර, ස්වභාවික රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කර තියෙනවා. සමහරු පවසන්නේ ස්පාඤ්ඤ ජාතිකයන් ඇතැම් විට දිවයිනේ නීතිවිරෝධි සංචාරය සංවිධානය කරන බවයි. නමුත් ආරක්ෂකයින් විසින් නිතරම වෙරල තීරයේ සිට දිවයින නිරීක්ෂණය කරනු ලබනවා.

මේ රහසිගත ස්තාන ගැන තොරතුරු ඔයාගේ යාළුවන් අතරත් බෙදා ගන්න. සුභ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
16
වටිනවා

ඔයාට කවදාවත් යන්න බැරි ලෝකේ තියෙන කුතුහලය දනවන ස්ථාන 5

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!