ලෝකේ තියෙන භයානකම පාරවල් 14


ඔන්න අපි අද විස්තර අරගෙන ආවේ ඕනෙම දක්ෂ රියදුරෙකුට පවා සුලු හෝ තැතිගැන්මක් ඇති කරවන ලෝකේ තියෙන භයානකම පාරවල් 14 ගැනයි. අපි හීනෙකින්වත් මේ වගේ පාරවල් වල යන්න අකමැති වුනත් ඒ ප්‍රදේශ වල ජීවත් වෙන ජනතාවට තමන්ගේ ජීවිත පරදුවට තියලා සාමාන්‍ය ගමනාගමන පහසුකම් සපුර ගන්න වෙලා තියෙන්නේ මේ භයානක මාර්ග හරහායි. ඒ කොහොම වුනත් අද වන විට ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න කැමති බොහෝමයක් සංචාරකයන් මේ අනතුරුදායක මාර්ග හරහා ගමන් කරන්න කැමැත්තක් දක්වනවා. ඔය පහලින් තියෙන්නේ ලෝකේ තියෙන එවැනි අනතුරුදායකම මාර්ග 14යි.

1. චීනයේ ගුඕලියන්ග් උමග

දිග කිලෝමීටර් 1.2 (සැතපුම් 0.75) ක් වන මෙම උමග කඳු වැටියක් හරහා නිර්මණය කර තිබෙන්නේ ගුඕලියන්ග් නම් ගම වෙත ගමන් කිරීම සදහායි. 1970 දශකයේ දී අත් ආයුධ පමණක් භාවිතා කරමින් ගම්වැසියන් විසින් තමයි මේ උමග ඉදිකර තියෙන්නේ. මේ උමගෙහි පළල මීටර 4 (අඩි 13) පමණ වන බැවින් මෙහි ගමන් කරන රියදුරන් අතිශයින්ම පරෙස්සම් විය යුතුයි.

2. මේක්ලොං දුම්රිය වෙළඳපොල, තායිලන්තය

තායිලන්තයේ තිබෙන මේ අමුතු විදියේ වෙලදපොල ඉදිකර තිබෙන්නේ දුම්රිය මාර්ගයක් හරහායි. කොහොම වුනත් මේ වෙලදපොල තුල ගණුදෙනු කටයුතු සිද්ද වෙන්නේ දුම්රියක් පැමිනෙන හඬ ඇසෙත තෙක් පමනයි. එහිදී දුම්රියක හඬ ඇසෙන විටම විකුණුම්කරුවන් තම භාණ්ඩ රැගෙන තත්පර කිහිපයකින් කූඩාරම් හකුලාගෙන පැයට කිලෝමීටර 15 ක වේගයෙන් ගමන් කරන දුම්රියට ගම්න් කරන්න මාර්ගය සකසා දෙනවා.

3. බොලිවියාවේ යුන්ගාස් පාර

ලා පාස් සහ කොරයිකෝ යන බොලිවියානු නගර දෙක මෙම යුන්ගාස් පාර මගින් එකිනෙක සම්බන්ධ කරයි. මුහුදු මට්ටමේ සිට මීටර් 3,300 සිට 360 දක්වා (අඩි 2 සිට 1,181 දක්වා) උසින් පවතින මෙම මාර්ගයේ වංගු ගණනාවක්ම තිබෙන අතර මෙම මාර්ගය ඉතා පටු වුවත්, ට්‍රක් රථ පවා එකිනෙකා පසුකර යාමට සමත් වෙයි. කොහොම වුනත් ඔවුන්ගෙන් එක් අයෙකුට සෑහෙන්න දුරක් පිටුපසට ධාවනය කරන්න නම් සිද්ද වෙනවා.

4. අයිර් හයිවේ, ඕස්ට්‍රේලියාව

මේ මාර්ගය බැලු බැල්මට ඒතරම් අනතුරුදායකයි හෝ භයානකයි කියලා පේන්නේ නැහැ. කෙසේ වුනත් කිලෝමීටර් 1,600 (සැතපුම් 994) ක් දිග මේ ඕස්ට්‍රේලියානු අධිවේගී මාර්ගයේ වාහන අනතුරු විශාල ප්‍රමානයක් සිද්ද වෙනවා. ඒකට හේතුව මේ මාර්ගයේ තිබෙන භූදර්ශනයේ තිබෙන අතිශය ඒකාකාරී බව නිසා රියදුරන් සුක්කානම මතම නොදැනුවත්ව නින්දට වැටීමයි.

5. ඉක්වදෝරයේ “යක්ෂයාගේ නාසය” දුම්රිය මාර්ගය

“යක්ෂයාගේ නාසය” යන අන්වර්ත නාමයෙන් හදුන්වන මේ දුම්රිය මාර්ගය ඉදිකර තිබෙන්නේ කන්දක් මත මීටර් 800 (අඩි 2,624) ක උන්නතාංශයකිනුයි. මෑතක් වන තුරුම සංචාරකයින්ට මෙහි ධාවනය වන දුම්රිය වහල මත ගමන් කිරීමට අවසර දී තිබුනත් අද වන විට එය තහනම් කර තිබෙනවා.

6. පම්බන් දුම්රිය පාලම, ඉන්දියාව

ඉන්දියාවේ පිහිටා තිබෙන මේ පම්බන් පාලම ප්‍රධාන භූමිය සහ පම්බන් දිවයින එකිනෙක සමබන්ධ කරයි. 1964 දී පාලම සමුද්‍ර සන්ධියේ තද සුළඟින් විනාශ වී තිබෙනවා. මේ හේතුව නිසා සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 ඉක්මවන විටම සිදුවිය හැකි අන්තරායන් පිළිබඳව අනතුරු ඇගවීම් සංඥා මෙහි ගමන් කරන දුම්රියවලට ලබා දෙනවා.

7. පකිස්ථානය සහ චීනය එකිනෙක සම්බන්ධ කරන කරකෝරම් අධිවේගී මාර්ගය

කිලෝමීටර් 1,300 (සැතපුම් 807.7) ක් දිග කරකෝරම් අධිවේගී මාර්ගය ලොව උසම ජාත්‍යන්තර අධිවේගී මාර්ගය ලෙස සැලකේ. එහි එක් කොටසක් මීටර් 4,600 (අඩි 15,091) ට වඩා උන්නතාංශයක ගමන් කරයි. ගිම්හාන මෝසම් වැසි සමයේදී මේ මාර්ගය බොහෝ නායයාම් වලට ලක් වෙන අතර ශීත සෘතුවේ දී, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ හිම කුණාටු හේතුවෙන් මෙය සම්පූර්ණයෙන්ම වසා දමනු ලබනවා.

8. පැසේජ් ඩු ගොයිස්, ප්‍රංශය

නොයර්මූටියර් දූපත සහ ප්‍රංශයේ ප්‍රධාන භූමිය එකිනෙක සම්බන්ධ කරන මේ මාර්ගය වඩදිය බාදිය අතරතුර සම්පූර්ණයෙන්ම මීටර් 4 (අඩි 13) ක ජල තට්ටුවකින් ආවර්ණය වන අතර එවිට රියදුරන්ට මේ මාර්ගය භාවිතා කිරීමට හැකි වෙන්නේ දිනකට දෙවරක් පමනයි.

9. ඉන්දියාවේ ලේ-මනාලි අධිවේගී මාර්ගය

කිලෝමීටර් 4 සිට 5 දක්වා (අඩි 13,123 සිට 16,404 දක්වා) උන්නතාංශයක පිහිටා ඇති ලෙ-මනාලි අධිවේගී මාර්ගය උස් කඳුකර මාර්ග කිහිපයක් හරහා ගමන් කරයි. මෙම මාර්ගය අතිශයින් පටු වෙන නමුත් දිනකට රියදුරන් විශාල පිරිසක් ඒ හරහා ඉතා වේගයෙන් ගමන් කරයි.

10. චීනයේ ටියැන්මන් මවුන්ටන් පාර

කිලෝමීටර් 11 ක් (සැතපුම් 6.8 ක්) දිගකින් සහ වංගු 99 ක් කින් යුතු මේ අනතුරුදායක මාර්ගය බෞද්ධ විහාරස්ථානයක් පිහිටුවා ඇති ටියැන්මන් කදු මුදුන දක්වා විහිද යයි. මෙම මාර්ගයේ සමහර කොටස් වල, වක්‍ර දෙකක් අතර දුර මීටර් 200 (අඩි 656) ට වඩා අඩු බැවින් රියදුරන් අතිශයින්ම සැලකිලිමත් විය යුතුය.

11. බොලීවියාවේ සාලාර් ද උයුනි හරහා මාර්ගය

බොලීවියාවේ සාලාර් ද උයුනි හරහා දිවෙන මෙම අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 3,650 (අඩි 11,811) ක උන්නතාංශයකයි. මෙහි තිබෙන භූ දර්ශනය කොතරම් අසාමාන්‍යද කියනවා නම් මෙහි ගමන් කරන අයෙක් ඉතාම පහසුවෙන් මංමුලාවෙයි. ඒ වගෙම මෙහිදී බොහෝ අවස්තා වලදි ජංගම දුරකථන ක්‍රියා විරහිත වී යන අතර සංචාර කණ්ඩායමක් සමඟ මෙහි යෑම ආරක්ෂිත වුවද, තනිවම යාමෙන් වැළකී සිටීම නුවනට හුරුයි. විශේෂයෙන් මේ ප්‍රදේශයේ රාත්‍රියේදි උෂ්ණත්වය -30 (C (-22 ° F) දක්වා පහත වැටේ.

12. නවසීලන්තයේ ස්කිපර්ස් කැනියොන් හරහා මාර්ගය

බොහෝ සිදුරු සහ කඳු, බෑවුම් බැසීම්, හදිසි නැමීම්, අත්හිටුවන පාලම් සහ පාරේ පටු වීම ආදිය නිසා ස්කිපර්ස් කැනියොන් හරහා වැටී තිබෙන මෙම මාර්ගය අතිශයින්ම අනතුරුදායක වෙනවා. දේශීය කාර් කුලියට දෙන ආයතන මෙම මාර්ගය තරණය කිරීමට යන අයට රක්ෂණයක් පවා ලබා නොදේ.

13. ඇමරිකා එක්සත් ජනපදයේ, ඇලස්කාවේ ජේම්ස් ඩබ්ලිව්. ඩෝල්ටන් අධිවේගී මාර්ගය

කිලෝමීටර් 666 (සැතපුම් 413.8) දිග මෙම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 175 (සැතපුම් 108.7) ක් පමන bitumen වලින් ආවරණය වී තිබුනත් ඉතිරි සමූර්ණ කොටසම බොරළු මත ධාවනය කල යුතුයි. මෙම මාර්ගය පුරාවටම ගමන් කරන විට හමුවෙන්නේ ජනාවාස 3 ක්, ඉන්ධන පිරවුම්හල් 3 ක් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 1 ක් පමනයි. මෙම මාර්ගයට ඇතුලු වෙන සෑම කෙනෙක්ම ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දීමට තරම් අවශ්‍ය පහසුකම් සපුරාගෙන තිබෙනවාද යන්න ප්‍රාදේශීය පොලිස් බලකාය විසින් පරීක්ෂා කර බලයි.

14. “වලාකුළු වෙත දුම්රිය,” ආර්ජන්ටිනාව

217-k (සැතපුම් 134.8) දිග මෙම දුම්රිය ගමනේදී දුම්රිය උමං මාර්ග 21 ක්, පාලම් 42 ක්, spirals 2 ක් සහ තවත් සිග්සැග් 2 ක් හරහා ගමන් කිරීමට සිද්ද වෙනවා. මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන ඉතා ඉහල උන්නතාංශයක පිහිටා තිබෙන අතර එමනිසා ඇතැම් විට මෙම දුම්රිය වලාකුළු හරහා ගමන් කරයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
25
වටිනවා

ලෝකේ තියෙන භයානකම පාරවල් 14

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!